ශක්ති තීව්‍රතාව

විකිපීඩියා වෙතින්
විවිධ ආර්ථිකයන්හී ශක්ති තීව්‍රතාව මෙම ප්‍රස්තාරය දක්වන්නේ තෝරා ගත් රටවලට එජ $ එකක දජානි නිපැයීමට වැයවන්නාවූ ශක්තියයි. දජානි පදනම්ව ඇත්තේ 2004 ක්‍රය ශක්ති සාම්‍යයය සහ 2000 උද්දමනය සඳහා ගැළපුණු ඩොලර වෙයි. මූලාශ්‍රය: ශක්ති තොරතුරු පරිපාලනය

ශක්ති තීව්‍රතාව යනු ජාතියක ආර්ථිකයෙහි ශක්ති කාර්යක්ෂමතාවයෙහි මිණුමකි. එය ගණනය කෙරෙණුයේ දදේනි ඒකකයක් සඳහාශක්ති ඒකක ලෙසිනි.

  • ඉහළ ශක්ති තීව්‍රතාව තුලින් ඇඟවෙන්නේ ශක්තිය දදේනි බවට පෙරැලීමට අධික මිලක් හෝ වැයක් හෝ ඇවැසි බවකි.
  • පහළ ශක්ති තීව්‍රතාව තුලින් ඇඟවෙන්නේ ශක්තිය දදේනි බවට පෙරැලීමෙහි අඩු මිලක් හෝ අඩු වැයකි.
ශක්ති තීව්‍රතාව යන්න, ඒකක වර්ග ප්‍රමාණයක ශක්ති භාවිතය නැංවීමෙහි මිනුමක් වන ශක්ති භාවිත තීව්‍රතාව (EUI) හා සමගින් පටලවා ගත යුතු නොවේ.

සමාලෝචනය[සංස්කරණය]

ශක්ති තීව්‍රතාව විවිධ හේතුන් මත රදා පවතී. උදාහරණයක් ලෙස ජනතාවගේ ජීවන රටාව ගත හැකිය. ජීවන රටාව උසස් තත්ත්වයක පවති නම් එම රටේ ශක්ති තීව්‍රතාව ඉහළ අගයක පවතී. එසේම නිෂ්පාදන කර්මාන්තයේ ශක්ති තීව්‍රතාව, මෝටර් රථ වල ඉන්ධන භාවිතය, ධාවනය වන දුර , ප්‍රවාහන සේවයේ නව ක්‍රමෝපාංග, ශක්ති සලකනය මත රදා පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=ශක්ති_තීව්‍රතාව&oldid=313991" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි