වෝල්ඩන්-වෝල්කිල් දුම්රිය පියමඟ

විකිපීඩියා වෙතින්

ඛණ්ඩාංක: 41°34′28″N 74°10′52″W / 41.57434°N 74.1811°W / 41.57434; -74.1811

වෝල්ඩන්-වෝල්කිල් දුම්රිය පියමඟ
ශාවාගුන්ක් නගරය හරහා ඇති වෝල්ඩන්-වෝල්කිල් දුම්රිය පියමඟෙහි කොටසක්
දිග3.22 සැත (5.2 කිමී)
පිහිටීම
පියමඟේ අන්ත
භාවිතඇවිදීම, ව්‍යායාම සඳහා දිවීම, පාපැදි පැදීම සහ සුනඛයන් ඇවිද්දවීම
පියමඟේ විස්තර
දර්ශන
අනතුරුගඩොල් ඇතිරූ බිම අශ්වයින් පිට යෑම සඳහා නුසුදුසුයි

ජෙසී මැක්හර් දුම්රිය පියමඟ නමින්ද හඳුන්වනු ලබන වෝල්ඩන්-වෝල්කිල් දුම්රිය පියමඟ යනු මොන්ට්ගමරි නගරයෙහි වෝල්ඩන් ග්‍රාමය සහ ෂාවන්ගන්ක් නගරයේ වෝල්කිල් ග්‍රාමය අතර පිහිටි දිගින් 3.22 කිලෝමීටර (2.00 සැත) වන දුම්රිය පියමඟකි. ඔරේන්ජ් සහ අල්ස්ටර් යන ජනපද පිහිටා ඇත්තේ ඉහලඉහල නිව් යෝර්ක් නිව් යෝර්ක්ප්‍රාන්තයේය.


මෙම පියමඟ, උතුරින් පිහිටි වෝල්කිල් නිම්න දුම්රිය පියමඟ මෙන්ම කලින් වෝල්කිල් නිම්න දුම්රිය මාර්ගයේ පිළකි. ශවාන්ගන්ක් සහ මොන්ට්ගොමරි යන නගර මගින් මෙම ඉඩම් මිලට ගැනීම 1985 දී සිදුවූ අතර ඉන්පසුව පොදු මඟක් බවට පත් කරන ලදී. ශවාන්ගන්ක් කොටස නිල වශයෙන් විවෘත වූයේ 1993 දී වන අතර එය නම් කරන ලද්දේ හිටපු නගර අධීක්ෂක කෙනෙකු වූ ජෙසී මැක්හියු සිහිවනු පිණිසය. වෝල්ඩන් සහ වෝල්කිල්ල් අතර කොටසෙහි ගඩොල් ඇතිරීම 2001 දී සාකච්ඡාවට බඳුන් වූ අතර එය සිදු කරන ලද්දේ 2008 සහ 2009 අතරදීය. උතුරු වෝල්කිල් දක්වා වූ සංවර්ධනය නොකරන ලද කොටසක්ද මෙම පියමඟට අයත් වන අතර එහි සීමා වන්නෙ NY 52 සහ NY 208 මාර්ගයි.

ඉතිහාසය[සංස්කරණය]

The original Wallkill Valley rail line, stretching from Montgomery to Kingston

1866 [1] සිට 1977 දෙසැම්බර් 31 [2] දක්වා ක්‍රියාත්මකව පැවති වෝල්කිල් නිම්න දුම් රිය මාර්ගය මොන්ට්ගෝමරි සිට කිංස්ටන්,[3] දක්වා 33 සැතපුමs (53 කිමී)[4] පුරා වැටී තිබුනි. 1980 ගණන්වලදී එවකට වෝල්කිල් නිම්න දුම් රිය මාර්ගයේ අයිතිය පැවති කොන් රේල් නැමැති සමාගම විසින් මෙම දුම් රිය මාර්ගය විකුනා දැමීමට උත්සාහ කරන ලදී. මේ අවස්තාවේ ශවාන්ගන්ක් සහ මොන්ට්ගෝමරි [5] යන නගර මගින් තම තමන්ගේ නගර වලට අයත්ව තිබූ කොටස් මිලට ගත් අතර එමගින් ප්‍රාදේශීය වැවක "වානිජ සහ උපයෝගීතා ප්‍රවේශය ඇතිකිරීම හා වැඩිකිරීම " අරමුණු කර ගන්නා ලදී.[6]

දුම්රිය මාර්ගයේ මොන්ට්ගෝමරි කොටස වෝල්ඩන් රාමයේ සිට ශවාන්ගුන්ක් දක්වා 2 සැතපුමs (3.2 කිමී) කුත් , ශවාන්ගුන්ක් කොටස ශවාන්ගුන්ක් සිට උතුරු දෙසින් පිහිටි බර්ච් මාවත දක්වා 2.3 සැතපුමs (3.7 කිමී) කුත් ය. ඉඩම් මිලදී ගැනීමේ කටයුතු ඒ ඒ කොටස් සඳහා පිලිවෙලින් 1985 අගෝස්තු සහ ඔක්තෝබර් මාස වලදී අවසන කරන ලදී. [7] එම වසරේම නොවැම්බර් වලදී ශවාන්ගුන්ක් හි වෝල්කිල් ග්‍රාමයට ආසන්නව පිහිටි ක 1.4 සැතපුමs (2.3 කිමී)පිල් ප්‍රමාණයක් (වෝල්කිල් ශෝධන මධ්‍යස්ථානය අසල ), නිව් යෝර්ක් ශෝධන සේවා දෙපාර්තුමේන්තුව විසින් මිලට ගන්නා ලදී. මෙම කොටස බර්ච් මාවතේ සිට ගාර්ඩිනර් සමඟ නගර මාර්ගය දක්වා විහිදේ. [8] ශාවගුන්ක් ශෝධන මධ්‍යස්ථානය එම ස්ථානයේ ඉදිකරන ලදී.[9] වෝල්ඩන් නගරයට දකුනින්, |නෝෆොර්ක් දකුනු දුම් රිය සේවය මගින් එම කොරිඩෝව තවමත් ක්‍රියාත්මකව පවතී.[6][10]

මෙම සිරගෙවල් වලට උතුරින් මුලින් පැවති කොරිඩෝව තවමත් වෝල්කිල්ල් නිම්න දුම් රිය පියමඟ ලෙස පවතියි. [5] දුම්රිය පියමං ලෝලීන් 1990 ගණන් වල සිට මෙම මං ද්විත්වය එකාබද්ධ කිරීමට උත්සාහ කරන අතර,[11] 2004 දී එවැනි මඟක් තැනීමේ හැකියාව ගැනවිවෘත අවකාශ අධ්‍යනය කිරීමක් ශාවගුන්ක් නගර මගින් සිදුකරන ලදී.[12] 2008 දී අල්ස්ටර් ජනපදයේ ගමනාගමන සැලසුම් වල මේ මං ද්විත්වය එකාබද්ධ කිරීම සඳහා ව්‍යාපෘති සැලැස්මක් තිබූ අතර ,[13] වර්තමානයේ ශාවගුන්ක් නගරයද බර්ච් මාවත් ඔස්සේ කොරිඩෝව හරවා මෙවැනි ඒකාබද්ධ කිරීමක් ගැන සලකාබලමින් පවතියි. මෙම කොරිඩෝවේ මුල් මාර්ගය පැවතියේ සිරගෙදර පරිමිති වැටට 40 අඩි (12 m)ඇතුලතින්ය .[14]

දඟර ගැසුනු නමුත් ආබාධිතයින්ටත් විවෘත වූ වෝල්ඩන් සිට පියමඟ පාමුලට වූ මාර්ගය වෝල්කිල් හරහා වැටී තිබූ පැරණි කොරිඩෝවේ කොටස, දුම්රිය මං මාවත ලෙස මහා මාර්ගයක් බවට පරිවර්තනය කරන ලදී.[11][6] මොන්ට්ගෝමරි -ශවාන්ගුන්ක් මාර්ගයේ සිට වෝල්කිල් දක්වා වූ මාර්ගයේ දකුනු කොටස, ජෙසී මැක්හර් දුම්රිය පියමඟ ලෙස 1993 ජුනි 5 වැණි දින [11] විවෘත කරන ලදී.[15] ජෙසී මැක් හර් යනූ ශවාන්ගුන්ක් හි හිටපු නගර අධීක්ෂක වරයෙකි.[6] සිරමැදිරි වල මායිම තෙක් දිවෙන ශවාන්ගුන්ක් කාණ්ඩයේ උතුරු කොටස නගරය මගින් නඩත්තු කලද නිළ වශයෙන් දුම්රිය පියමගේ කොටසක් නොවේ.[11]

2001 දී ශාවගුන්ක්, මොන්ට්ගෝමරි සහ වෝල්ඩන් යන නගර විසින් වෝල්ඩන් සහ වෝල්කිල්ල් අතර ගඩොල් ඇතිරූ පියමඟක් සඳහා $600,000 [16]TEA-21 දීමනා සඳහා ඉල්ලුම් කරන ලදී. [6] මුලදී ඩොලර් $ 750,000 [16] ක් පමණ ඇස්තමේන්තු කර තිබුනද, මෙහි අපේක්ෂිත වියදම් ඩොලර් මිලියන 1.5ක් වෙතැයි ගණන් බලා තිබුනි.[17] මෙම තීරණයට අසුපිට යන්නන් දැඩිව විරුද්ධ වූයේ එය ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන බව පවසමිනි.[18] මේ ගැන විරෝධතා මධ්‍යම හඩ්සන් අශ්ව පියමං සංගමයේ පොදු රැස්වීම් කිහිපයකදීම දක්වන ලදී.[19] එමෙන්ම පියමඟේ භාවිතය වැඩිවීමෙන් තම පෞද්ගලිකත්වයට හානි වෙතැයි සිතූ අවට ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්ද මෙයට විරුද්ධත්වය දක්වන ලදී.[20]

වෝල්ඩන්, ශවාන්ගුන්ක් සහ මොන්ට්ගෝමර්ය් නගර වලට අවශ්‍ය වූ ඩොලර් 600,000ක ප්‍රතිපාදනය 2003 ඔක්තෝබර් මාසයේදී ලැබුනි.[21] මීට මාස දෙකකට පසු, මොන්ට්ගෝමරි හි පදිංචි යුවලක් වන බොබ් සහ ඩොරිස් කිම්බෝල් විසින් පියමඟට ආසන්නයෙන්, ඔසිරිස් ජලාශය අසලින් උද්‍යානයක් තැනීම සඳහා අක්කර 20 acres (8.1 හෙක්) ක භූමි ප්‍රමාණයක් තෑගි කරන ලදී..[22] අවශ්‍ය ප්‍රතිපාදන ලැබුනු විගසම මෙම උද්‍යානයේ වැඩකටයුතු ද ආරම්භ වීමට නියමිතයි.[23] මෙම ව්‍යාපෘතියට ලබෙන්නට තිබූ මුදල්වලින් ඩොලර් 200,000ක් පමණ 2006 අයවැය පනත109 වෙනි කොන්ග්‍රසයේ අනුමැතිය නොලැබීම නිසා නැතිවී ගියේය..[24] 2008 පෙබරවාරියේදී කොන්ග්‍රස් සභික මවුරිස් හින්චි විසින් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ඩොලර් 351,000 ක් මුදලක් අනුමත කරන ලදී.[25] ඉදිකිරීම් කටයුතු 2008 සැප්තැම්බර් 22 [26] දින ඇරඹුනු අතර, නිමාවූ 3.22 කිලෝමීටර (2.00 සැත) km ක දිගින් යුතු ගඩොල් ඇතිරූ පියමඟ 2009 මැයි 2 වැනිදා විවෘත කරන ලදී.[27] [6]

මාර්ගය[සංස්කරණය]

පියමඟේ ආරම්භය

අක්කර 9.4 ක් වූ වෝල්ඩන් හි වෝස්ටර් ග්‍රෝව් උද්‍යානයෙන්,NY 52 මාර්ගය අසලින් පියමඟ ආරම්භ වේ.[15][27][28] පියමඟ භාවිතා කරන්නන් සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් මේ උද්‍යානයේ ඇත. එසේම විනෝද ස්ථානයක් ලෙස නැවත නවීකරණය කල වෝල්ඩන් හි පැරණි දුම්රිය පොළද මෙම උද්‍යානයේ පිහිටා ඇත.[27]

ආරම්භක ස්ථානයෙන් 1 km උතුරට ගිය පසු ඕසිරිස් ජලාශ මාවත හමුවන අතර තවත් 1.25 සැතපුමs (2.01 කිමී)ක් ගියපසු මොන්ට්ගෝමරි-ශාවගුන්ක් දුම්රිය මාර්ගය හමුවේ.[15] ශාවගුන්ක් වලට පැමිණි පසු ගේයිල් බෝර්ඩන් ගේ මිනිපිරිය විසින් 1906 දී ඉදිකල බෝර්ඩන් වතුයාය [29] හමුවේ. උකුකල කිරි නිපදවීමේ ක්‍රියාවලිය බෝර්ඩන් පවුල විසින් සොයාගන්නා ලද අතර ඒ සඳහා ඔවුන්ට පේටන්ට් බලපත්‍රයක්ද තිබී ඇත. බෝර්ඩන් පවුල සතුව කිරි සමාගම් කිහිපයක්ද පැවතුනි. බෝර්ඩන් මන්දිරය දැන් ප්‍රායෝගික දර්ශනවාදය පිලිබඳ පාසල මගින් දර්ශනවාද පන්ති පැවැත්වීම සඳහා යොදාගනු ලැබේ.[30]

වෝල්කිල් අසලින් පියමගෙහි ආරම්භය

නගර දුම්රිය මාර්ගයෙන් 34 සැතපුම (1.2 කිමී) කින් පමණ වෝල්කිල්හි NY 208 ට ආසන්නයේ ඇති පියමඟෙහි ආරම්භයට පැමිණෙනු ලැබේ.මෙය ශාවාගුන්ක් [15] පොලිස් ස්ථානය ඉදිරිපස පිහිටා ඇත. මෙම ගඩොල් ඇතිරූ පෙදෙස ඉතා පැතලි වන අතර ආනතිය 3% පමණ වේ. කෙසේවුවද මධ්‍යම වෝල්කිල්හි ඇති මෙම කොරිඩෝවෙන් කොටසක් වසාදමා මහා මාර්ගයක් බවට පත්කර ඇත.[6] [11]

තවමත් අලුත්වැඩියා කර නොමැති වෝල්කිල් හි උතුරු කොටස, රේල් රෝඩ් මාවත සහ සී. ඊ. පෙනී මාවත බර්ච් පාරට අන්තර්ඡේදනය වන තැන [5] සිට 1.5 සැතපුමs (2.4 කිමී)ක් විහිදෙයි. මුලින් පැවති දුම් රිය කොරිඩෝවේ සහ සිර මැදිරි සංකීර්ණ ද්විත්වයෙහි මායිම බර්ච් මාවතයි.[11] මෙම කොටස පෞද්ගලික දඩයම් බිමක් හරහා වැටී ඇති නමුදු "මෙහි කිසිදු සලකුනක් හෝ නිවේදනයන් නැත."[15] "විවාදාත්මකව ... පියමඟේ දර්ශනීයම කොටස මෙය වෙයි."[5] බටහිර පසට වන්නට ඇති ශාවගුන්ක් වැටියේ මනරම් දසුන් මෙම කොටසේදී දැකගතහැක.

පියම්ඟෙහි සම්පූර්ණ දුර ප්‍රමාණය 3 සැතපුමs (4.8 කිමී),[27]පමණ වන නමුත් උතුරු කොටස එකාබද්ධ කල පසු එහි දිග 4.5 සැතපුමs (7.2 කිමී)[31] පමණ වනු ඇත. මෙම පියමඟ ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම සහ සුනඛයින් ඇවිද්දවීමට භාවිතා කරයි.[5]

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Mabee 1995, පිටු අංකය: 10.
  2. Mabee 1995, පිටු අංකය: 135.
  3. Mabee 1995, පිටු අංක: 50–51.
  4. Mabee 1995, පිටු අංකය: 40.
  5. 5.0 5.1 5.2 5.3 5.4 Perls 2003, පිටු අංකය: 343.
  6. 6.0 6.1 6.2 6.3 6.4 6.5 6.6 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; official-montgomery නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. Mabee 1995, p. 142
  8. Mabee 1995, pp. 140, 142
  9. Bosch, Adam (2009-06-01). "Wallkill Rail Trail could double in size". en:Times Herald-Record. Middletown, NY: Dow Jones Local Media Group. 2011-06-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-11-01.
  10. "Railroads in New York State – 2010" (PDF). New York State Department of Transportation. 2010-02-05. සම්ප්‍රවේශය 2010-12-28.
  11. 11.0 11.1 11.2 11.3 11.4 11.5 Mabee 1995, පිටු අංකය: 144.
  12. Sisson, Angela; Hitchings, Crystal; Clague, Joshua (March 2004). "Town of Shawangunk Open Space Inventory and Analysis" (PDF). Conway, MA: Conway School of Landscape Design. pp. 68–69. සම්ප්‍රවේශය 2010-11-01.
  13. "Ulster County Non-Motorized Transportation Plan" (PDF). Kingston, NY: Ulster County Transportation Council. December 2008. p. 25. සම්ප්‍රවේශය 2010-11-07.
  14. Rowley, Chris (2010-08-12). "A New Use for Prison Farmlands: Can Prison Lands Serve to Connect the Rail Trail System?". Shawangunk Journal. Ellenville, NY: Electric Valley Media LLC. සම්ප්‍රවේශය 2011-02-21.
  15. 15.0 15.1 15.2 15.3 15.4 Perls 2003, පිටු අංකය: 344.
  16. 16.0 16.1 Snel, Alan (2001-11-23). "Towns paving the way for rail trail". Times Herald-Record. Middletown, NY: Dow Jones Local Media Group. 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-01-26.
  17. Murphy, Meghan E. (2008-02-13). "Funds in hand for completion of Walden Rail Trail". Times Herald-Record. Middletown, NY: Dow Jones Local Media Group. 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-12-26.
  18. Snel, Alan (2001-11-30). "Group would derail plan to pave trail". Times Herald-Record. Middletown, NY: en:Dow Jones Local Media Group. 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-01-26.
  19. Snel, Alan (2001-12-25). "Horse-backers oppose paving rail trail". Times Herald-Record. Middletown, NY: Dow Jones Local Media Group. 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-01-26.
  20. Sausa, Bianca (2003-01-25). "Walden rail trail opponents gathering steam". Times Herald-Record. Middletown, NY: Dow Jones Local Media Group. 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-01-26.
  21. Sausa, Bianca (2003-10-07). "Formalities stunt Walden trail work". Times Herald-Record. Middletown, NY: Dow Jones Local Media Group. 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-01-26.
  22. "Family donates property for park along Walden rail trail". Times Herald-Record. Middletown, NY: Dow Jones Local Media Group. 2003-12-24. 2011-07-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-12-26.
  23. "Rail Trail". Town of Montgomery. 2011-07-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-12-26.
  24. Brooks, Paul (2007-01-09). "Late budget bills cost region $3M-plus in project funding, Hinchey says". Times Herald-Record. Middletown, NY: Dow Jones Local Media Group. 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-12-26.
  25. "Hinchey Secures Final Approval Of $351,000 In Federal Funding For Paved Trail Between Walden & Wallkill" (Press release). 2008-02-11. 2010-12-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-12-26.
  26. "Shovels dig in on Walden Rail Trail". Times Herald-Record. Middletown, NY: en:Dow Jones Local Media Group. 2008-09-16. 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-12-26.
  27. 27.0 27.1 27.2 27.3 "Park Description and Program Schedules" (PDF). Walden, NY: Village of Walden Recreation and Parks. සම්ප්‍රවේශය 2010-12-26.
  28. "Hit the bike trail". Hudson Valley Parent. The Professional Image Marketing & Public Relations. සම්ප්‍රවේශය 2011-01-07.
  29. "Business and Resource Directory" (PDF). Town of Shawangunk. 2008-11-26. p. 35. සම්ප්‍රවේශය 2010-12-26.
  30. "A Brief History of the Wallkill Property". School of Practical Philosophy. සම්ප්‍රවේශය 2010-12-26.
  31. "Guide to area multi-use trails". en:Times Herald-Record. Middletown, NY: Dow Jones Local Media Group. 2009-03-06. 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-12-26.

ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

  • Mabee, Carleton (1995). Listen to the Whistle: An Anecdotal History of the Wallkill Valley Railroad. Fleishmanns, NY: Purple Mountain Press. ISBN 0-935796-69-X. {{cite book}}: Invalid |ref=harv (help)
  • Perls, Jeffrey (2003). Shawangunks Trail Companion: A Complete Guide to Hiking, Mountain Biking, Cross-Country Skiing, and More Only 90 Miles from New York City. Woodstock, VT: Countryman Press. ISBN 978-0-88150-563-4. {{cite book}}: Invalid |ref=harv (help)

පිටස්තර ඇමුණුම්[සංස්කරණය]

Videos

සැකිල්ල:Rail trails in New York