වර්ණ

විකිපීඩියා වෙතින්
(වෛශ්‍ය වෙතින් යළි-යොමු කරන ලදි)

මිනිසා කෘෂිකාර්මික ජීවිතයකට හා භාණ්ඩ හුවමාරු ක්‍රමයකට හුරුවෙද්දී සමාජ සම්බන්ධතා වල විවිධ වෙනස්කම් ඇති වු අතර යම් කාර්යයක්‍කෙරෙහි විශේෂ පුහුණුවක් හෝ සමත් කමක් දැක්වීම ඇති විය. මිනිසුන් විවිධ රැකියාවලට අයත් විවිධ පුද්ගලයන්ට ස්ථාවරව පැවතිය හැකි සමාජ ව්‍යුහ වලට හැඩ ගැසුණහ. සමාජයක් යනු විවිධ රැකියාවන් සිදු කරන විවිධ කණ්ඩායම් වල සංයුතියක් වන අතර එමඟින් සමාජයේ යහපත් පැවැත්ම හා වර්ධනය පරිපුර්ණ කෙරෙනු ලැබේ.


සතවාහන වැනි බොහෝ රාජ්‍ය සමාජයේ විවිධ කොටස් වල නියමිත කාර්යයන් හා වගකීම් පවරා දී ස්ථිර වශයෙන් සකස් කරන ලද සමාජයක් පැවතුනි. මෙලෙස පැවරුණු කාර්යයන් පරම්පරාවන් ගණනාවක් තිස්සේ පැවතුණි.


අධිරාජ්‍ය වලින් පැවතගෙන ආ රාජධානී කල්යත්ම පරිහානියට පත්වු අතර සමාජයේ ආගමික ප්‍රභූත්වය බ්‍රාහ්මණයන්ට හිමි වී තිබුණි. නමුත් මෙහි අදහස හින්දු ආගමේ කිසිම දිනක පහත් කුලයට අයත් කෙනෙක් වැදගත් ලෙස නොසැලකූ බව නොවේ. නිදසුනක් ලෙස ව්‍යාස (උපතින්ම මස් මරන්නෙකි) වේද ග්‍රන්ථ, පුර්ණ හා මහා භාරතය ලිවීම පිළිබඳ ගෞරවනීය තැනක් ලබාගෙන තිබේ.


අලුත උපන් ළදරුවෙකු ලෙස සැලකෙන්නේ පියාගේ වර්ණයයි. බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය හා‍වෛශ්‍ය කුල වලට අයත් අය තම වර්ණය ප්‍රසිද්ධ කිරීම සඳහා උපනයන නම් උත්සවයක් පවත්වති.


වර්ණ යනු බ්‍රාහ්මණ ග්‍රන්ථ මඟින් සමාජය ස්ථිර ලෙස සංවිධානය කිරීම සඳහා යොදාගත් ක්‍රමයකි. නමුත් වර්ණ ක්‍රමය නොව ඉන්දියානු සමාජයේ හැඩගැන්වී තිබුණේ ජාති වලට අනුවය. එය ක්‍රි.පු. 300 ගුප්ත අධිරාජ්‍ය යු‍ගයේ සිට පැවතගෙන එන්නකි. වර්ණ භේදය පිළිබඳ සඳහන් වන පැරණිතම ග්‍රන්ථය සෘග්වේදයයි. එහි 10.90.12 කොටසේ සඳහන් වන පුරුෂ සුත්‍රයට අනුව බ්‍රාහ්මණයන් පුරුෂයාගේ මුවෙන්ද, ක්ෂත්‍රියයන් ඔහුගේ අත් වලින්ද, වෛශ්‍ය කලවාද, ශුද්‍රයන් දෙපතුලින්ද උපනහ. මෙහිදී පුරුෂයා ලෙස හඳුන්වන්නේ සමාජයේ ස්වභාවයද, ක්‍රියාකාරී කොටස් වල එකමුතුව නිසා සමාජය සංවිධානය වන අන්දමද අර්ථ නිරූපණය වේ. නමුත් යමෙකු මෙම පුරුෂ සුත්‍රය වශයෙන් නොසැලකිය යුතුය. එයට හේතුව එම සුත්‍රයේ දී දෙවියන් යනු අතිමහත් ශක්තියක් හා ධෛර්යයක් සහිත අත් 1000 කින් හා කකුල් 1000 කින් යුත් මනුෂ්‍යයෙකු ලෙස අර්ථ දැක්වේ. සමහරෙක් ශුද්‍රයන් බිහිවුයේ දෙපා වලින් නිසා ඔවුන් පහත් ලෙස සලකති. නමුත් මෙහිදී අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ පුරුෂ සුත්‍රයට අනුව සියල්ලන්ම බිහිවුයේ දෙවියන්ගෙන් බවත්, දෙවියන්ගේ මුඛය දෙපතුල් වලට වඩා උසස් ලෙස සැලකීමට හේතුවක් රහිත බවයි.


මෙවැනි සංවිධානාත්මක දුරාවලියක් මඟින් සමාජය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා සෑම කොටසකින්ම අත්‍යවශ්‍ය කාර්යයන් පැහැදිලි කරයි. සියළු දෙනා තමා අයත් කොටසේ වගකීම් ඉටු කිරීම සඳහා බැඳී සිටිති. නිවැරදි ක්‍රියාකාරිත්වයන් සම්පුර්ණ ව්‍යුහයේම ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය වේ.

වෛශ්‍ය වර්ණ[සංස්කරණය]

මෙම ලිපිය පරිශිලනය කල පොත් හෝ මුලාශ්‍ර මගින් උපුටා ගන්නක් නොවේ. (2007 ජුනි) කරුණාකර මෙම ලිපිය වැඩිදියුණු කිරිමට විශ්වාසනිය මුලාශ්‍ර වලට උපුටනයක් එකතු කල හැක සත්‍ය බවට ඔප්පු කල නොහැකි ද්‍රව්‍ය අභියොගාත්මක ලෙස ඉවත් කල හැක.

• ආර්යා වයිෂිස්
• කාන්ඩවාල්ස්
• අග්‍රවාල්ස්
• ඕමාර් බෑනියාන්
• බැතියාස්
• මහේස් වරිස්
• කාලිංක වයිසස්
• සන්ගින්
• මහජනස්
• කේෂින්
• බාන්වලිස්
• ෂා/සාහු/ෂාන්
• කෝමැටින්
• බයිස්යා සහස්
• බතම් වයිසයන්

|Varna in Hinduism |-

"https://si.wikipedia.org/w/index.php?title=වර්ණ&oldid=464280" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි