වෛරස විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙය ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ හා ව්‍යාධි වේදයේ කොටසක් වන අතර වයිරස හා වයිරස වැනි දෙකාරකයන් සමඟ සම්බන්ධව අධ්‍යාපනය කරන්නෙකි. එහි ව්‍යුහය වර්ගීකරණය, පරිණාමය, අසාදනය, වන අයුරු, වයිරස නිෂ්පාදනයට සෛල යොදා ගන්නා ආකාරය, ඔවුන් සාදන රෝග, ඔවුන් වගා කිරීමට යොදනු ලබන ක්‍රම, සමීක්ෂණ හා ප්‍රතිකාර ක්‍රමවල ඔවුන් යොදා ගන්නා අයුරුද අධ්‍යයනය කරයි.

ව්‍යුහය හා වර්ගීකරණය[සංස්කරණය]

මෙහි ප්‍රධාන ශාඛාවක් වනුයේ වයිරස වර්ගීකරණයයි. ඔවුන් ආසාදනය කරනු ලබන සෛල, වර්ගය අනුව ද වර්ගීකරණය කරයි. ඒ සත්ත්ව වෛරස ශාඛ, දිලීර, බැක්ටීරියා භක්ෂක (ඉතා සංකීර්ණ වෛරස මෙසේ බැක්ටීරියා ද ආසාදනය කරයි) වෛරස ලෙසයි. අනෙක් වර්ගීකරණයක කැප්සිඩය නම් කොටසේ බාහිර හැඩය අනුව හෙලික්ස, ඉකසොකෙඩ්රන් ලෙසත්, ව්‍යුහය අනුව ලිපිඩ ‍කවරය ඇති ද නැත් ද යන්නත් ලෙස වර්ගීකරණය කරයි. 30mm සිට 450mm දක්වා ප්‍රමාණ පරාසයක් විහිදේ. එහි අරුත බොහෝ අය ආලෝක අන්වීක්ෂය යටතේ දැකිය නොහැකි බවය. ඉලෙක‍්ට්‍රෝන අන්වීක්ෂය මඟින් හැඩය, ව්‍යුහය අධ්‍යයනය කළ හැක. තවද NMR ඉලෙක්ට්‍රොන අන්වීක්ෂය හා X - කිරණ ස්පඨිකරණ වලින් ද කළ හැක.

බොහෝ පුළුල් ලෙස යොදා ‍ගනු ලබන වෛරස වර්ගීකරණ ලෙස යොදා ගත හැක. වෛරස එහි ප්‍රවේනි ද්‍රව්‍ය ලෙස යොදා ගන්නා න්‍යෂ්ටික අම්ලය අනුවත් වෛරස හෙවත් ගුණනය වීමේ ක්‍රමයට ධාරක සෛල වෛරස නිෂ්පාදනය සඳහා වෙනස් කරනු ලබන න්‍යෂ්ටික අම්ල අනුව වෛරස වෙන් කරයි.

· DNA වෛරස තනි DNA රැහැනක් ද, ද්විත්ව ද යන වග අනුව කොටස් දෙකකට බෙ‍දේ.
· RNA වෛරස තනි RNA රැහැන ධනාත්මක හා සෘණාත්මක බව අනුව බෙදේ. ද්විත්ව RNA රැහැන් ද අඩු සංඛ්‍යාවක් ඇත.
· Reverse transcribing වෛරස ද්විත්ව රැහැන් රිවර්ස් ට්‍රාන්ස්ක්‍රයිබින් DNA වෛරස හා තනි රැහැන් වෛරස ට්‍රාන්ස්ක්‍රයිබින් RNA වෛරස, රෙට් රෝ වයිරස ද ඇතිව වෛරස විද්‍යාඥයින් විසින් වෛරස කොටස් (වෛරසවලටත් වඩා කුඩා ආසාධිත කොටස් ද අධ්‍යයනය කරයි. ඒවා නම් (වෛරොයිඩ: ශාඛ ආසාධනය කරන ආවරණය නොවූ RNA අණු, සැටලයිට න්‍යුක්ලික් අම්ල කොටස්, වන මේවා කැප්සිඩ ඇතිව හෝ නැතිව ඇති අතර ආසාධනය සඳහා තවත් වෛරසවල සහාය පතයි. ප්‍රයෝන : ව්‍යාධි ජනක ආකාරයකින් පවතින ප්‍රෝටීනයක් වන අතර අනෙක් ප්‍රයෝන අණු ද එම ව්‍යුහාකාරයට ගැනීම උත්තේජනය කරයි.‍

වෛරස වර්ගීකරණයේ ජාත්‍යන්තර සංගමය මඟින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවලට අනුව වෛරස 5450 ක් ද විශේෂ 2,000 ක් ද 287 ක්ද පවුල් 73 ක් හා orders 3ක් ද හඳුනාගෙන ඇත.

තක්ෙසා්න වර්ගීකරණ සෑම විටම තනිවංශාත්මක නොවන අතර විවිධ වෛරස කණ්ඩායම් අතර ඇති පරිණාමික සබඳතා එතරම් පැහැදිලි ‍නොවන අතර ඒ සඳහා උපකල්පන 3ක් ඇත.

1. වෛරොයිඩවලට සමාන තනිව බෙදෙන RNA රයිබොසෝම නම් ආකාර නම් වූ අජීව කොටස්වලින් අනෙකුත් ජීව ආකාර තැනුනු ආකාරවලට ජීව ආකාර තැනුනු ආකාරවලට සමාන්තරව සෑදී ඇත.
2. ආදී වඩා තහවුරු වූ, ධාරක සෛලවලට පරපෝසිතයන් වූ සෛලික ජීව ආකාර ඔවුන්ගේ ක්‍රියාවලින් බොහොමයක් අතහැ දමා වෛරස වන්නට ඇත. උදා:- කුඩා පරපෝෂිත ප්‍රොතයොටාවන් මයිකොප්ලස්මා නැනො ඒකිය.
3. වෛරස, සෛලවල ට්‍රාන්පොසෙන්ස්, ප්ලාස්මිඩ වැනි ප්‍රවේණි ද්‍රව්‍ය ලෙසට බිහිව නිදහසේ ධාරක සෛලවලින් කැඩීයාමේ හැකියාව ලබාගෙන අනෙක් සෛල ආසාධනය කිරීමට හැකියාව ලබා ගෙන ඇත.

වෙන වෙනත් වෛරස කණ්ඩාම්වලට ඉහත වෙන වෙනත් ක්‍රම ඇත්තෙන්ම උපයෝගී වන්නට ඇත.

ඉතා උනන්දුවක් ඇති වෙන්නක් ලෙස මිමි වෛරස නම් ඇමීබාවන් ආසාධනය කරන බැක්ටීරියාවලට සමාන අණුක ක්‍රියාකාරීත්වයක් ඇති මහා වෛරස් හැඳින්විය හැක. ඇත්තෙන්ම එය ප්‍රෝකාරීයෝටා පරපෝෂිතයන්ගේ ඉතා සරල ආකාරයක් ද නැතහොත් සරල වෛරසයක් ලෙස ඇතිව ධාරක සෛලයෙන් ප්‍රවේණි ද්‍රව්‍ය ලබා ගත්තේද?

වෛරසවල පරිණාමය, ධාරක සෛලවල පරිණාමය සමඟ ඇතිවන්නට ඇත යන්න සිතන අතර “වෛරස පරිණාමය” යන ක්ෂේත්‍රයේ එය අධ්‍යයනය කරයි.

වෛරස පරිණාමය වුවත්, වර්ගය, බෝකරත්, ඒ සඳහා පරිවෘත්තිය ක්‍රියාවල නොයෙදෙන අතර ඒ සඳහා ධාරක සෛල මත යැපේ. නිතර විවාදයේ යෙදෙන කරුණක් වූ එය අජීවී ද ජීවී ද යන්න වෛරසවල ජීවී ගුණවලට බාධාවක් නොවේ.

"http://si.wikipedia.org/w/index.php?title=වෛරස_විද්‍යාව&oldid=249865" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි