සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණු

විකිපීඩියා වෙතින්
(වෙස් මුහුණු වෙතින් යළි-යොමු කරන ලදි)

වෙස් මුහුණු කලාව සිංහල ජනතාවගේ සාම්ප්‍රදායික කලාවකි.මෙය උඩරට, පහතරට, සබරගමු ආදී නර්තන සම්ප්‍රදායන් සමඟ සබැඳිය.

ශ්‍රී ලංකාව වෙස් මුහුණු සඳහා ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලන්නා වූ දිවයිනක් වේ. මෙම වෙස් මුහුණු කලාවේ ඉතිහාසය කොතරම් අතීතයට දිව යන්නේ දැයි අපට සාධාරණව කිව නොහැකි වුවත් අනුමාන වශයෙන් එය ශත වර්ෂ කිහිපයක් පමණ ඉපැරණි බැව් කිව හැක. ශ්‍රී ලංකාවේ මුතුන් මිත්තන් ලෙස සැලකෙන වැදි ජනතාව සමඟ ද මෙම වෙස් මුහුණු බැදී පැවතුනුබව ඔවුන්ගේ ඉතිහාසය විමසීමේ දී පෙනී යන කරණකි. ඔවුන්ගේ පූජා කර්ම සිදු කිරීම සඳහා ඔවුන් විසින්ම තමාගේ ශරීරය සහ මුහුණ පාට කරගත් බවට එම ඉතිහාසය සාක්ෂි දරයි.

ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු කලාව විවිධාකාර වූ සංස්කෘතිකාංගයන් නිරූපනය කරන බව නොරහසකි. එසේම එම වෙස් මුහුණු කලාව ආසියාවේ සංස්කෘතිය ඔප් නැංවීමට සාධාරණ දායකත්වයක් ද ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු සඳහා ප්‍රසිදිධ වූ නගරයක් ලෙස දකුණු පළාතේ පිහිටි අම්බලන්ගෙඩ දැක්විය හැක. කෙසේ වෙතත් මෙම නගරය වෙස් මුහුණු කැටයම් කිරීම සඳහා පමණක් නොව වෙස් මුහුණු අලෙවි කිරීම සඳහා ද ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලයි. විදේශීය සංචාරකයන් අතර ද මෙම අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙස් මුහුණු ඉතාමත් ජනප්‍රය වී තිබේ. මෙම නවීන වෙස් මුහුණු දීප්තිමත් වර්ණ යොදා අලංකාර කර තිබෙනු දක්නට ලැබෙන අතර එය සංචාරකයින් වෙස් මුහුණු අලෙවිය ‍සඳහා ඇද ගැනීමට උපක්‍රමයක් ලෙස ද යොදාගෙන තිබේ.මෙම වෙස් මුහුණු වර්ණ ගැන්වීම සඳහා ස්වභාවික වර්ණ බෙහෝ විට යොදාගනු ලබන අතර එය එම වෙස් මුහුණු වල ස්වභාවිකත්වය සහ සංස්කෘතික බව ඔප් නංවන්නට ඉමහත් රුකුලක් වී තිබේ. මෙම වෙස් මුහුණු බොහෝ විට යොදාගනු ලබන්නේ නොයෙකුත් අදෘශ්‍යමාන බලවේග සදහායි. යක්ෂයන් දෙවියන් වැනි අදෘශ්‍යමාන බලවේග පිදීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන දූපතක් ලෙස ශ්‍රී ලංකාව දැක්විය හැක.

වෙස්මුහුණු වර්ග[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ භාවිතා කරන වෙස් මුහුණු වර්ග හතකට පමණ බෙදිය හැකි වේ.

  • රාක්ෂ මුහුණු
  • යක්ෂ මුහුණු
  • සන්නි මුහුණු
  • මිත්‍යා මුහුණු
  • දිව්‍ය පුද්ගල මුහුණු
  • කෝළම් මුහුණු
  • සත්ව මුහුණු

ශාන්ති කර්ම[සංස්කරණය]

ලංකාවේ ශාන්ති කර්ම සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු කිහිප ලෙසකට මූලිකව වර්ග කල හැක.

1.පුරා වෘත්ත හෙවත් මිත්‍යා විශ්වාස සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු

2.මිනිස් සහ සත්ව ආත්ම සඳහා යොදාගනු ලබන වෙස් මුහුණු

මෙම වෙස් මුහුණු යොදා ගනිමින් කරනු ලබන ශාන්ති කර්ම අතරින් සන්නි යකුම ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. මෙහිදී සියලුම යක්ෂයින්ට පිළිවෙලින් පූජා කරනුලබන අතර ඔවුන් වෙනුවෙන් විවිධාකාරවූ පිළිවෙත් ද යොදාගනු ලබයි. මෙය සන්නි යකුම හෙවත් දහ අට සන්නිය නමින් ද ව්‍යවහාර කරනු ලබයි. මෙම සන්නියකුම සදහා පදනම් වූ අතීත කතා වෘතාන්තයක් අපට අසන්නට ලැබේ. එය නම් දඹදිව සංඛපාල රජුගේ කතාවයි. මෙම පුරාවෘත්තයට අනුව එදා පටන් සන්නි රෝග සඳහා ඇදුරන් විසින් ඒ ඒ සන්නි යකුන්ගේ නාමයෙන් පුද පූජා පවත්වනු ලබයි. මෙම සන්නි යකුමට අයත් නැටුම් ‍කොටස් ලෙස

  • සැන්දෑ සමයම
  • යහන් දැක්ම
  • සොළොස් පාලිය

ආදිය දැකිවිය හැක.

මෙම සන්නි යකුම හෙවත් දහඅට සන්නියේ සන්නි දහ අට පහත දැක්වෙන පරිදි වේ.

1.භූත සන්නිය
2.අභූත සන්නිය
3.අමුක්කු සන්නිය
4.වෙඩි සන්නිය
5.වාත සන්නිය
6.කණ සන්නිය

7.පිත් සන්නිය
8.බිහිරි සන්නිය
9.ගොලු සන්නිය
10.මුර්තු සන්නිය
11.දෙමළ සන්නිය
12.නාග සන්නිය

13.කොර සන්නිය
14.ගිනිජල සන්නිය
15.ගුල්ම සන්නිය
16.සීතල සන්නිය
17.දේව සන්නිය
18.කෝල සන්නිය

පහත රට නර්තන සම්ප්‍රදාය සැලකීමේ දී මේ ආකාරයෙන් පෙළපාලි ප්‍රමාණයක් දක්නට ලැබෙන ශාන්ති කර්මයක් ලෙස මෙම සන්නියකුම දැක්විය හැක. නිවැරැදි ප්‍රමිතියට සකසන ලද වෙස් මුහුණු අවුරුදු 75ක කාලයක් පවති. වෙස් මුහුණු කැපීම සඳහා කදුරු ,රුක්අත්තන ,

එරබදු වැනි සැහැල්ලු ලී වර්ගයක් භාවිතා කරයි