වී ගොවිතැනේ ඉතිහාසය - ශ්‍රී ලංකා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වසර දෙදහස් පන්සියයකටත් වැඩි ලිඛිත ඉතිහාසයක් සහිත හෙළ දිව මහා පරාක්‍රමබාහු රජ දවසට පසු නැවත වතාවක් වී වගාවෙන් ස්වයංපෝෂිත තත්ත්වයකට පත්ව ඇති බව තහවුරු වි ඇත.

ක්‍රිස්තු පුර්ව 900-600 අතර කාලය තුල නිර්මාණය කරන ලද මැටි භාජනවල වී ගොවිතැන පිළිබද චිත්‍ර ඇති බවට සාක්ෂි ඇත. මේ අනුව ක්‍රිස්තු පුර්ව 600ට පෙරද සිරිලක වී ගොවිතැන පැවති බවට සැක කල හැකිය. ක්‍රිස්තු පුර්ව 6වන සියවසේදි විජය කුමරු සහ පිරිස ලක්දිවට ගොඩ බැසිමෙන් පසු ඔවුන් ආහාර ලෙස බත් අනුභව කල අතර ඉතිරිය කුවේණියට දී ඇත. ලිඛිත ඉතිහාසයෙහි වී වගාව පිලිබදව පළමු වතාවට සදහන් වන්නේ පඩුවස් දෙව් රාජ්‍ය පාලන සමයේදිය. එහෙත් නැවත ඇති වු ආක්‍රමණයන්ගේත් ස්වභාවික විපත් වලත් හේතුවෙන් වී වගාව ක්‍රමයෙන් දුර්වල තත්ත්වයකට පත් විය. නොයකුත් යුධ හැටුම් හේතුවෙන් පරිහානියට පත් වී වගාව නැවත මහා පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමය තුලදී දියුණු විය. චූල වංශයේ සඳහන් වන ආකාරයට විශාල වැව් 163ක් ද කුඩා වැව් 2376ක්ද ඇළවල් 3910ක් සහ වේලි 165ක් මේ සමයෙහි ඉදිකර ඇත. මහ පොළොවට වැටෙන එක ජල බිඳකුදු ප්‍රයෝජනයට නොගෙන මහ සයුරට නොයැවිය යුතුයැයි පැවසුමම පැරකුම් යුගයෙහි වී වගාවට දක්වන ලද සැලකිල්ල තේරුම් ගැනුමට සෑහේ. ප්‍රථම වතාවට සහල් අපනයන කළ බවට ඉතිහාසයේ සදහන් වේ. ක්‍රි.ව. 1505 දි ලන්දේසින් හා පෘතුගිසින් වෙරළබඩ යටත් කර ගැනිමෙන් පසුව වෙරළබඩ ප්‍රදේශවල වි ගොවිතැන අඩාල විය. ක්‍රි.ව. 1660-1679 කාලය තුල කන්ද උඩරට දෙවන රාජසිංහ රජුගේ සිරකරුවෙකු ලෙස ජිවත් වු රොබට් නොක්ස්ට අනුව ක්‍රි.ව. 1680 පමන වන විට ලක්දිව මඩ කුඹුරු සඳහා මාවී (මාස 7) හාතියල් (මාස3) හොඩරවාල (මාස 5) හීනැටි (මාස 4) සහ ඇල්පත්කල් (මාස 3) යන වී වර්ග දක්නට ලැබුණ අතර හේන් වගාව සඳහා ගොඩ වී වර්ග දක්නට ලැබුණි.(DCS)


හෝර්ටන් තැන්න ආශ්‍රතව කරන ලද පර්යේෂණයකින් හෙලිව ඇත්තේ ලංකාවේ වගාකරන ලද වී වර්ග මීට වසර 10000කට එහා පැත්තේ ද තිබූ බවයි.