වීර්ය

විකිපීඩියා වෙතින්

විර්යය යනු උත්සාහයයි.

බුදුදහමට අනුව වීර්යය, ඉන්ද්‍රියයන් දමනය කර ගැනීම සඳහා උපකාරි වන කරුණු 5 න් එකකි, බල වර්ග 5 න් එකකි, දස පාරමිතාවෙන් එකකි, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ එන සම්මා විර්යය යන්නට සමාන වේ. එහි අර්ථය වන්නේ අකුසල ධර්ම මැඩපැවැත්වීමට, කම්සැප විදීමට ඇති කැමැත්ත හා හිංසාව මැඩපැවැත්වීමට ගන්නා උත්සාහයයි. වීර්යය යන්නෙහි අදහස කායික ශක්තිය නොවේ. එය අන් අයගේ යහපත උදෙසා පවත්වාගෙන යනු ලබන අපගේ මානසික ශක්තියයි. භාවනාවේදි විර්යය රහිත විට තණ්හාව සිත තුළට ඇතුළත්වීමෙන් භාවනාවේ යෙදෙන්නා තණ්හාවේ බලපෑමට යටතේ වේ. නිවැරදි විර්යය, විර්ය බල නම් වන අතර අකුසල සිතුවිලිවලින් ඈත්ව සිටීමට විර්යය අවශ්‍ය වේ.


සටහන්[සංස්කරණය]

Viriya


"https://si.wikipedia.org/w/index.php?title=වීර්ය&oldid=471401" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි