විස්තාරය පිළිබඳ සංකල්ප

විකිපීඩියා වෙතින්

කුළු විස්තාරය[සංස්කරණය]

කුළු විස්තාරය පද්ධතියේ කුළු හා විරාම පිහිටුම් අතර මනිනු ලැබේ. බොහෝ විද්‍යා ක්ෂේත්‍රවලදී විද්‍යාවේදී මෙයට කුළු විස්තාරය යැයි කියනු ‍ලැබේ. තාරකා විද්‍යාවේදී එක් වස්තුවක ගුරුත්වජ බල පෑම නිසා අනෙක් වස්තුවේ දෙපසට වැනීම මනින විට එයට අර්ධ - විස්තාරය යැයි කියයි.


y විස්ථාපන යනු තරංගයේ විස්තාරයයි

(කුළුට කුළු) Peak-to-peak විස්තාරය

කුළුට කුළු විස්තාරය මනිනු ලබන්නේ ශීර්ෂයක් හා නිම්නයක් අතරයි. ‍මෙම කුළුට කුළු විස්තාරය සුදුසු පරිපථයක් මගින් හෝ දෝලනේක්ෂයක් මත තරංග ආකාර නිරීක්ෂණය කිරීම මගින් හෝ මෙය මීටර වලින් මැනිය හැක.

වර්ග මධ්‍යන්‍ය මුල විස්තාරය[සංස්කරණය]

වර්ග මධ්‍යන්‍ය මුල විස්තාරය (RMS) විශේෂයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාවේදී භාවිතා කරයි. RMS අර්ථ දක්වන්නේ, ප්‍රස්ථාරයේ භූමි අවස්ථාවේ සිට ඇති සිරස් වර්ගයේ කාලයේ මධ්‍යන්‍ය අගයෙහි වර්ගමුලය ලෙසයි.

විස්තාරයේ වක්‍රෝක්තිය[සංස්කරණය]

සයිනාකාර කොටු හා තුන්හුලස් වැනි සමමිතික ආවර්තී තරංග සඳහා කුළු විස්තාරයේ භාවිතය සරල වන අතර පැටලිලි සහගත බවින් තොර වේ. නමුත් අසමමිතික තරංග (උදාහරණයක් ලෙස එක් දිශාවක් ඔස්සේ වූ ආවර්තිත ස්පන්ද) සඳහා කුළු විස්තාරයේ යෙදීම තරමක් පැටලිලි සහගත වේ. ඊට හේතුව මධ්‍යන්‍යයට සාපේක්ෂව උපරිම ධන සංඥාව නැතහොත් උපරිම සෘණ සංඥාව මිනුම් කෙරේ , එසේත් නැතිනම් උපරිම සෘණ සංඥාවට ස‍ාපේක්ෂව මිනුම් කළ උපරිම ධන සංඥා අගය (කුළුට කුළු / Peak-to-peak විස්තාරය) 2න් බෙදීමෙන් ලැබෙන අගය සලකයි ද යන්න මත කුළු විස්තාරය සඳහා ලැබෙන අගය විචල්‍ය වීමයි. සංකීර්ණ තරංග හැඩයන් විශේෂයෙන් පුනරාවර්තක නොවන ශබ්දය වැනි සංඥාවලදි සාමාන්‍යයෙන් RMS විස්ථාරය භාවිතා කරයි. මන්දයත් එය ගැටළු සහගත නොවීම හා ප්‍රායෝගිකව වැදගත් වන බැවිනි. උදාහරණයක් ලෙස ධ්වනි තරංගයකින් හෝ විද්‍යුත් චුම්භක තරංගයකින් හෝ විද්‍යුත් සංඥාවකින් සම්ප්‍රේශණය කරන මාධ්‍යක ජවය (සාමාන්‍යයෙන් , කුළු විස්තාරයේ වර්ගයට නොව) සමානුපාතික වේ. RMS විස්තාරයේ වර්ගයට අනුලෝමව සමානුපාතික වේ.

සයිනාකාර වෝල්ටීයතාවයක්
1 = විස්තාරය (උච්ච)
2 = කුළුට කුළු
3 = RMS
4 = තරංග කාලාවර්ථය

ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවක බලය හා ගනුදෙනු කරන විට එය සයිනාකාර තරංගයක RMS අගය විශ්ව සම්මුතියක් ලෙස ප්‍රකාශ කිරීම සිදුවේ. විශිෂ්ටක හා ආරක්ෂක උපාංග ආදිය සඳහා සලකන විට කුළුට කුළු වොල්ටීයතාව RMS අගය මෙන් තුන් ගුණයකට ආසන්න බව හඳුනාගැනීම වැදගත් වේ.

ස්පන්දන විස්ථාරය[සංස්කරණය]

විදුලි සංදේශනයේදී ස්පන්දන විස්තාරය යනු ක්ෂේත්‍ර තීව්‍රතාවයි , වෝල්ටීයතා මට්ටම , ධාරා මට්ටම හෝ ජව මට්ටම වැනි ස්පන්ද පරාමිතියක විශාලත්වය වේ.

සටහන[සංස්කරණය]

1 - ස්පන්දන විස්ථාරය විශේෂ සමුද්දේශයකට සාපේක්ෂව මනිනු ලබන අතර එමනිසා ‘මධ්‍යකය’ , ‘ක්ෂණික’ ‘උච්ච’ හෝ ‘වර්ග මධ්‍යන්‍ය මුලය’ වැනි නියමකයන් මගින් සුදුසු පරිදි වෙනස් කළ යුතුය.
2 -තවද විස්තාරය, සංඛ්‍යාතයේ විස්තාරයට සහ කලා මූර්ජිත තරංග හැඩ වහන්කරා සඳහා ද අදාල වේ.

මූලාශ්‍රය - Federal Sandard 1037C

මූලාශ්‍ර[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Amplitude