විෂාදය

විකිපීඩියා වෙතින්

විෂාදයේ දී විවිධාකාර රෝග ලක්ෂණ ලෙස මතු විය හැක. නමුදු සියලුම රෝගීන් චිත්ත ස්වභාවයේ ප්‍රබල වෙනසක්, සිතේ ඇතිවන අධික දුක , තමාගේ කැමැති ක්‍රියාවන්වලින් ලබා ගන්නා ප්‍රීතිය අඩු වීම, යන ලක්ෂණ පෙන්වයි.

වෙනත් රෝග ලක්ෂණ වනුයේ

  • දිගුකල් පවත්නා දුක, නොසන්සුන් බව හෝ හිස් බව
  • කෑම අරුචිය හෝ බර අඩුවීම හෝ බර වැඩිවීම සහ
  • නින්ද නොයාම , වැඩිපුර නිදා ගැනීම
  • නොසන්සුන්තාවය සහ ‍නොරුස්සනා ස්වභාවය
  • නොගැළපෙන වරදකාරී හැගීම් , අසරණ බව
  • බලාපොරොත්තු කඩවූ , අසුභවාදී හැගීම්
  • චින්තනයේ , අවධානය පවත්වා ගැනීම් , මතක තබා ගැනීමේ , තීරණ ගැනී‍මේ අපහසුතාවය.
  • මරණය ගැන සිතීම හෝ සියදිවි හානි කර ගැනීමට තැත් කිරීම
  • තමා ප්‍රීතිමත් වූ ක්‍රියාවන්වලින් සොම්නස ලබා ගැනීමට නොහැකි වීම.
  • සමාජ ආශ්‍රයෙන් , යහළුවන්ගෙන් ඈත් වීම
  • ශක්තිය අඩුවීම, ක්‍රියාවන්ගෙන් වේගය අඩුවීම
  • දිගුකල් පවත්නා , ප්‍රතිකාරයන්ගෙන් සුව නොවන කායික රෝග
    • ලක්ෂණ උදා - හිසරදය, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග ලක්ෂණ, වේදනාව
  • චාලක ක්‍රියාවන්හි වේගය අඩු වීම

සිය රෝගීන් මෙම රෝග ලක්ෂණ සියල්ලන්ගෙන්ම පෙළීමට ලක් නොවේ. රෝග ලක්ෂණයන්ගේ තීව්‍රතාවය පුදගලයා මත රඳා පවතියි. එනමුත් සියදිවි හානි කර ගැනීමට සිතීම හෝ තැත් කිරීම හැර අනෙක් රෝග ලක්ෂණය අඩුම වශයෙන් සති 2ක් පැවතීම විෂාදය රෝග නිර්ණය කිරීම අවශ්‍ය වේ.

වැඩිහිටියන්ගේ ‍මෙන් නොව කුඩා ළමුන්ගේ රෝග නිර්ණය කිරීම දුෂ්කර කාර්යයකි. එමනිසා ‍බොහෝ විට මෙම රෝගයට ප්‍රතිකාරය කුඩා ළමුන්ගෙන් මග හැරී යයි. මෙයට හේතුව වනුයේ කුඩා ළමුන්ගේ රෝග ලක්ෂණ එම වයසට සාමාන්‍ය චිත්ත ස්වභාවයන් ලෙස ගැනීමත් විවිධ පරිසරවල ඔවු‍න්ගේ රෝග ලක්ෂණ වැඩිහිටියන්ට වඩා වෙනස්වීමත් නිසාය.

ඇතැම් ළමුන් හොඳින් ක්‍රියාකාරී වුවද , විෂාදයෙන් පෙළෙන බොහෝ ළමුන් සමාජීය හා දෛනික කටයුතුවල පැහැදිලි වෙනසක් , අධ්‍යයන කටයුතු සඳහා ඇති උනන්දුව නැතිවීම, බාහිර ස්වරූපය පැහැදිලි ඉක්මන් වෙනසක් ඇතිවීම සහ මේවා පෙන්විය හැක. එමෙන්ම මත්ද්‍රව්‍ය සහ අරක්කුවලට ඇබ්බැහි වීම ද සිදුවිය හැක. (විශේෂයෙන් වයස අවුරුදු 12 න් පසු) වැඩිහිටියන්ට වඩා සියදිවි හානි කර ගැනීමට ඇති හැකියාව අඩු වුවද උග්‍ර විෂාදයෙන් පෙළෙන ළමුන් වයස අවුරුදු 12ට අඩු කාලයේ දී වුව ද සියදිවි හානි කර ගැනීමට පෙළඹේ.

"https://si.wikipedia.org/w/index.php?title=විෂාදය&oldid=624667" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි