විශ්ව විසිරි වියමන

විකිපීඩියා වෙතින්
විශ්ව ව්‍යාප්ත වියමන (WWW) සඳහා රොබට් කයිලියවු ( ROBERT CAILLIAU ) විසින් නිර්මාණය කරන ලද පැරණි ලාංඡනය

වර්ල්ඩ් වයිඩ් වෙබ් හෙවත් විශ්ජාලයන්ගේ එකතුවක්ව ව්‍යාප්ත වියමන (කෙටියෙන් වෙබ්) යනුවෙන් හදුන්වන්නේ ඵකිනෙකට සම්බන්ධ කොට ඇති ලේඛන සමූහයකටය. මෙම‍ ලේඛන වල අක්ෂර, රූප, වීඩියෝ ආදී ඕනෑම මාධ්‍යයකින් තොරතුරු අඩංගු කළ හැකිය. මෙම ලේඛන හැඳින්වෙන්නේ අධිපාඨ ලේඛන වශයෙන් වන අතර ඵ්වා ඵකිනෙක සම්බන්ධ කිරීමට අදිබැඳි යනුවෙන් හැදින්වෙන තාක්ෂණයක් භාවිතා කරනු ලැබේ. මෙම සෑම ලේඛනයකට ම ඵයටම අනන්‍ය වූ ලිපිනයක් ඇත. අප වෙබ් අඩවියක් නමින් හදුන්වන්නේ මෙවැනි ලේඛන ඵකතුවකටය. වෙබ් අඩවි නැරඹීම සදහා වෙබ් බ්‍රවුසරය යනුවෙන් හැදින්වෙන මෘදුකාංග වර්ගය භාවිතා කරනු ලැබේ. මොසිල්ලා ෆයර්ෆොක්ස් සහ මයික්‍රෝසොෆ්ට් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙබ් බ්‍රවුසර් සඳහා උදාහරණයි. වෙබ් බ්‍රවුසරයක් විවෘත කරගෙන ඵහි ලිපිනය ලියන තීරුවේ අපට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක ලිපිනය ඇතුලත් කිරීමෙන් ඵම වෙබ් අඩවිය බ්‍රවුසරය තුල දර්ශනයවේ.

ඉතිහාසය[සංස්කරණය]

CERN ආයතනයේදි Mr.Tim Berners-lee විසින් භාවිතා කරන ලද මෙම Nectcube CERn පරිගණකය ප්‍රථම වෙබ් සර්වරය බවට පත් විය.

වෙබය සදහා මුලික වශයෙන් පදනම් වු අදහස් වර්ෂ 1980 දී ස්විට්සර්ලන්තයේ CERn හිදි Tim Berners- lee විසින් ENQUIRB (ඔහු කුඩා කල පරිහරණය කළ Enquire withimn upkn Everything නමැති පොතට යොමු වූවක් ලෙස) නිපදවන ලද කාලය දක්වා ඈතට දිව යන්නකි. එම අදහස වර්තමානයේ භාවිතා වන ක්‍රමවේදයෙන් සැලකිය යුතු වෙනසක් පෙන්වුව ද හරයේ අදහස් බොහෝදුරට එක හා සමාන විය. (ඉනුදු සමහර අදහස් Breners-lee ගේ විශ්ව විසිරි වියමනට පසුව එළඹි අර්ථ විචාරණය (semantic) බව ව්‍යාපෘතියෙන් දැක්වේ.

මින් අනනතුරුව 1989 දී Tim Berners- Lee විසින් EBNQUIS සදහා ද යොමුවක් සහිතව තොරතුරු කළමණාකරණ ක්‍රමවේදයන් පිළිබදව වඩාත් විස්තරාත්මක යෝජනා පත්‍රයක් (article) ලිවීය. එතෙකින් නොනැවතුණු ඔහු Robet caillian ගේ සහයෝගය ද ඇතිව 1990 නොවැම්බර් 12 දා වඩාත් ක්‍රමානුකූල යෝජනා පත්‍රයක් ප්‍රකාශයට පත් කළේය. මෙහි ආදර්ශ භුමිකාව සපයන ලද්දේ EBT හි (Electrocin Book Technology, brown විශ්ව විද්‍ය‍ාලයේ Institiuyte for Research in Information and Scholarchip ආයතනය පමණි) CERx ආයතනයෙන් වරපත් කරනු ලැබු Dyantexxt කියවනය මගිනි. කෙසේ වුවත් Hytime ක්‍රමවේදය සලකන ලද්දේ තාක්ෂණික වශයෙන් උසස් (Hytime ඇතුලත SGML ISO 8879:1986 අධිමාධය (Hypermedia) දක්වා විස්තිරණය කිරිමේ ප්‍රධාන කොටස්කරුවෙකි.) ඉතා මිල අධික සහ අනුචිත වරපත් කිරිමේ පිළිවෙතක් සහිත අධි ශක්ති භෞතික විද්‍යා ප්‍රජාව හා සබැදි කටයුතු (HEP) සදහාය ප්‍රයෝජනවත් අංගයක් ලෙසය. මෙහි එන එක් එක් ලේඛනයට හා එක් එක් ලේඛනය භාවිතා කළ වාරයක් පාසා කිසියම් මුදලක් අය කරන ලදි.

Tim Berners-Lee විසින් nEXTcube උපකරණය ලොව ප්‍රථම වෙබ් සේවාදායකය ලෙස භාවිතා කරනු ලැබු අතරම එය 1990 දී පලමු වෙබ් බ්‍රවුසරය වන world wide ලිවිම සදහා ද භාවිතා කෙරිණි. 1990 අග භාගය වන විට Berners Lee ක්‍රියාකාරි වෙබයක් සදහා අවැසි සියලුම උපාංග නපදවා තිබිණි. පළමු වෙබ් බ්‍රවුසරය (මෙය වෙබ් සංස්කාරකයක් ද විය) පළමු වෙබ් සේවාදායකය හා පළමු වෙබ් පිටු එම ව්‍යාපෘතිය පිළිබද සියලු විස්තර දරයි.

1991 අගෝස්තු 06 දා ඔහු alt.hyoertext පුවත් කණ්ඩායම වෙනුවෙන් විශ්ව විසිරි වියමන පිලිබදව සම්පින්ඩයනක් (summary) ඉදිරිපත් කලේය. යුරෝපයෙන් පරිබාහිර ප්‍රථම සේවාදායකය 1991 දෙැස්ම්බරය්දි SLAC හිදි නිමවන ලදි.

Hypertext හි ආරම්භයට හේතු පාදක වු තිරණාත්මක සංකල්පය ජනිත වුයේ 60 දශකයේ දි විශ්ව විද්යාලයේ hypertext system ආදි පැරණි ව්‍යාපෘති සමගය. මේ අතර Ted Nelson හා Andres van dan.. Ted Nelson ගේ project xanadu හා douglas Wngelbart ගේ online system ((NLS) විය. nelson සහ Engelbart යන දෙදෙනාම පිලිවෙලින් Vannevar Bushගේ ක්ෂ්දු සේයාපට මුලිකව තැනු "memex" හි අදහස් මගින් පෙළඹවිමට හේතු විය. මෙය 1945 දී රචිත "As we May Think" නමැති නිබන්ධනය මගින් විස්තර කෙරි ඇත.

Berners-Leeගේ සුවිශේෂිත වු සොයා ගැනිම වූයේ අධිපෙළ අන්තර්ජාලය සමග සමිපව සම්බන්ධ වීමයි. Weaving the web නම් වු ඔහුගේ ග්‍රන්ථයෙහි ඔහු පැහැදිලි කරන්නේ එහු විසින් පුන පුනා යෝජනා කරන ලද අදහසක් වන ඉහත සදහන් තාක්ෂණ ක්‍රම්වේද 02 අතර සමිප සම්බන්ධතාවක් ගොඩනැගිමේ හැකියාව ඉතා පහසුවෙන් පවතින්නේ ඒවායේ තාක්ෂණික ප්‍රජාවට බවය. නමුත් ඉන් කිසිවකු ඔහුගේ ආරාධනය පිළිගැනිමට ඉදිරිපත් නොවු කල එම දුෂ්කර කටයුත්තට මුල පිරිමට ඔහුට ම සිදුවිය. මේ අතරවාරයේ දි වෙබයේ පවත්නා ඕනැම සම්පතක් අනන්‍ය ලෙස හදුනා ගැනිම සදහා ක්‍රමවේදයක් ද ඔහු විසින් සකස් කෙරිණි. එය Uniform resource Identifier (URI) නම් විය. එකල බහුලව පැවති hyopertext ක්‍රමවේදයන්ට හාත්පසින් ම වෙනස් ලක්ෂණ ගණනාවක් විශ්ව විසිරි වියමන සතුවිය. මෙම වෙබයේ මුලික අවශ්‍යතාවක් වුයේ ඉදිරියටත්, ආපස්සටත් ගමන් කළ හැකි සබැදි වෙනුවට ඒක දිශා සබැදි (links) පැවතීමයි. මේ ආකාරයට කිසියම් අයෙකුට කිසියම් සම්පතක් එහි හිමිකරුගේ මැදිහත් විමකින් තොරවම සම්බන්ධ වීමේ හැකියාව හිමිවිණ. තවද මෙය වෙබ් සේවාදායක හා බ්‍රවුසර ක්‍රියාත්මක කිරිමේ තදබල අපහසුතාව මගහැරවි ට ද සැලකිය යුතු තරමේ දායකත්වයක් සැපයිය. (ඉන් පෙර පැවති ක්‍රමවේදයන් හා සසදන කල්හි) එසේ වුවද මෙම ක්‍රමය කල් පවත්නා ගැටලුවක් වු සබැදි කල් ඉකුත්විම (link rot) සදහා මග පැදිය. මින් පෙර පැවති Hypercard මෙන් නොව විශ්ව විසිරි වියමන ඕනැම පරිහිලකයකුට වෙළද හිමිකමකින් තොරව නොම්ිලයේ භාවිතා කල හැකි විය. මෙය මින් පෙැ නොවු විරැ පෙරලියක් ඇත කළේ අන්රගාහකයා හා සේවාදායකයා එකිනෙකට ස්වාදින අයුරින් නිමවා ගත හැකි විමෙන් මෙන්ම වරපත් අවහිරයකින් තොරව දිගුවක් එක් කළ හැකි විමෙන්ය.

1993 අප්රේග් 30 වනිදා CERN ආයතනවය නිවේදනයක් නිකුත් කැරමින් කියා සිටියේ ඉන් මතුවට විහ්ව විසිරි වියමන ඕනැම අයකුට කවර ආකරය හෝ ගාස්තුවක් ගෙවිමකින් තොරව පරිශිලිනය කළ හැකි බව. දෙමසකට පසු එලි දැක් වු තවත් ප්රකාශනයකින් කියැවුනේ gopher ප්රොටෝොක්රලය තවදුරටත් නොමිලයේ පරිශිලිනය කළ නොහැකි බවය. මෙම පියවර පරිශිලකයන් තුල හි සිටි වෙබය කරඑා සීග්ර සංක්රමණයක් ඇති කරවිමට සමත් විය.Violawww නමැති පරිණි එමෙන්ම ජනප්රිය ාබවබ් බ්රවුසරය ද Hyopercard ක්රමවේදය මුල්ක කරගනිමින් සකසා තිබිණි.

කෙසේ වුවත් 1993 දී Mosaic වෙබි බ්රවුසරටෙය් හදුන්වා දිම යනු විශ්ව විසිරි වයමනේ විකාශනයේ වැදගත්ම පියවර ලෙස ක්ෂේත්රයේ විද්වතුන් සාමාන්යයෙන් එකගත්වයට පැමිණි කරැණකි. Mosaic වේ බ්රවුසරය වනාහි Illinois විශ්ව විදයාලයේ NCSA ආයතනය විසින් (NCSA-UIUC) Mare Andreessen ගේ මුලිකත්වයෙන් නිපදවන ලද රෑප මාධ්ය වේබ් බ්රවුසරයකි. Mosaic හි මුල්ය සම්පාදනය සිදුවුයෙ High-performance computing and communications Initiative නමැති වැඩසටන මගිනි. මෙම වැඩසටහනට මුල පිරැණේ ඇමෙරිකානු සෙනෙට් සභික Al Gore විසින් 1991 දි ඉදිරිත් කෙරැණු පනත. මගිනි. තවද මෙය Gore Bill නමින් ද ප්රචලිකතය. (වැඩිදුර විස්තර සදහා Al Gore's contributions to the Internat and technology බලන්න) Mosaic හි නිකුතුවට ප්රථම පොදුවේ වෙබ් පිටුවල පෙළ සමග චිත්රක මිහ්රකර ඉදිරිපත් කර නොලැිබිණි. තවද එහි ජනප්රියතාවය අන්තර්ජාලයේ භාවිතා ාකරන ලද පැරණි ප්රොටෝනකෝලයක් වන Mosaic WAIS ටවඩා අඩු මට්ටමක තිබිණි. Mosaic හි චිත ක අතුරැ මුහුණත වෙබයට අන්තර්ජාලයය් ජනප්රියතම ප්රොටෝතොල්ය බවට පත් විම සදහා බොහෝ දුරට බවහල් විය.

1994 ඔක්තෝබ්රයේ දි Tim Berners-Lee CERN ආතනයෙන් සමුගැනිමෙන් පසු ඔහු W3C ආයතනය ප්රතිස්ථාපන කිරිමට යෙදිණි. එය ප්රතිස්ෂාපනය ටෙකරැණෙ අන්ර්ජාල ය හා යුරෝපාය කොමිසම (Eupropean commission) ට පුරෝගාමි වු defense Advanced Research projects Agency (DARPA) ආයතනයේ පුර්ණ සහයෝගය සහිතව Massachusetts institutie of Technology –labopratopry for computer science (MIT/LCS) ආයතනයේදිය.

මේවාත් බලන්න[සංස්කරණය]

අන්තර්ජාල සම්මතයන්[සංස්කරණය]

බොහෝමයක් විධිමත් සම්මත සහ අනෙක් තාක්ෂණික පිරිවිතර කිරීම, world wide web, අන්තර් ජාලය හා පරිගණක තොරතුරු හුවමාරුවෙහි වෙනස් ලක්ෂණවල ක්‍රියාකාරිත්වය විග්‍රහ කරයි. බොහොමයක් ලේඛන Berners-Lee විසින් මෙහෙයවන World Wide Web මූල්‍යායනනය (W3C) මගින් සිදු කරන නමුත් සමහර ඒවා සකසනුයේ අන්තර්ජාල ඉංජිනේරු කටයුතු බලකාය (IETF)) හා වෙනත් සංවිධාන මගිනි.

සාමාන්‍යයෙන් වෙබ් (Web) සම්මතයන් සාකච්ඡා කිරීමේ දී පහත සඳහන් ප්‍රකාශ පාදම ලෙස යොදා ගනී.

§ W3C හි සලකුණු කිරීමේ (markup) සඳහා නිර්දේශයන් විශේෂයෙන් HTML හා XHTML ය) මෙය අදි පෙළ (hypertext) ලේඛනවල ව්‍යුහය හා අර්ථ වින්‍යාසය නිර්වචනය කරයි.

  • W3C හි විලාස පත් (stylesheets) සඳහා නිර්දේශ වන්නේ ප්‍රධාන වශයෙන් CSS ය
  • ECMAScript සඳහා Ecma ඉන්ටර්නැෂනල් සම්මතයන් (සාමාන්‍යයෙන් JavaScript ආකාරය වේ.)
  • W3C ලේඛන විෂය ආදර්ශ නිර්දේශ

WWW සඳහා වෙනත් අවශ්‍යකරන තාක්ෂණයන් සඳහා වූ පහත අතිරේක ප්‍රකාශ මගින් සපයන අතර එම නිර්වචන මේවාට පමණක් සීමා නොවේ.


  • විධිමත් සම්පත් හඳුන්වනය (URI) යනු hypertext ලේඛනය හා අනුරූප (images) වැනි අන්තර්ජාලයේ නිර්දේශක සම්පත් සඳහා සමස්ත පද්ධතයකි. URI වලට URL යැයි කියන අතර IETF' හි RFC 3986 / STD 66: මගින් නිර්වචනය කරයි.

විධිමත් සම්පත් හඳුන්වනය (URI) පොදුකාරක රීති වගේම එහි පුරෝගාමියා හා බහුල URL යෝජනා ක්‍රම RFC වලින් නිර්වචනය කරයි. අධිපෙළ හුවමාරු ප්‍රොටෝකෝලය (HyperText Transfer Protocol (HTTP) විශේෂයෙන් RFC 2616 නිර්වචනය කරයි. : HTTP/1.1 හා RFC 2617: වලංගුතාවය එනම් බ්‍රව්සරය හා සර්වරය (server) එකිනෙකා වලංගු වන ආකාරය පෙන්වයි.

මෙයද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=විශ්ව_විසිරි_වියමන&oldid=496744" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි