විලාසිතා-පාවහන් යනු

විකිපීඩියා වෙතින්

උස් අඩි පාවහන්[සංස්කරණය]

පාවහන් සංයුක්ත වන්නේ පරිස‍රයට එරෙහිව ආරක්ෂා වීමට සනීපාරක්ෂාවට හා අලංකරණයට පලඳින පාදයේ පළඳින පැලඳුමකිනි. සෙරෙප්පු හා ෆ්ලිප් ෆොප් හැරුණු කොට අනෙක් පාවහන් හා පාදය අතර මේස් හා අනෙකුත් පැලඳුම් පළඳිනු ලැබේ. සාමාන්‍යයෙන් සපත්තු හා බූට්වල නව විලාසිතාවලදී පාවහන් සමහරක් විට ෆෙටිෂිෂම් (fetishism) සමඟ සම්බන්ධ වේ.

පාවහන් නිර්මාණය කිරීමේ වෘත්තිය පුහුණුවන පුද්ගලයින් සපත්තු මසන්නන් හෝ සපතේරුවන් නම් වේ.

දැනට දන්නා පැරණිම පාවහන් සොයා ගත්තේ එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ ෆෝට් රොක් ගුහාවේහි දීය. සැගේබ්‍රෂ් පොතු මඟින් වියන ලද මෙම සෙරෙප්පුවල විකිරණශීලී කාබන් දින ගණනය මඟින් පෙන්නුම් ක‍ෙල් ඒවා අඩුම තරමින් වසර 10000ක් වත් පැරණි බවයි.

"https://si.wikipedia.org/w/index.php?title=විලාසිතා-පාවහන්_යනු&oldid=464184" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි