විල්නෝ සටන (1939)

විකිපීඩියා වෙතින්

විල්නෝ සටන (විල්නියුස්, විල්නා) යනු, 1939 වසරෙහිදී සෝවියට්වරුන්ගේ පෝලන්ත ආක්‍රමණය තුලදී සිදු කරන ලද සටනකි; එයට සමගාමී ලෙසින්, වඩාත් විශාල ජර්මානු ආක්‍රමණය සිදු කර ඇත.[1]:82 සැප්තැම්බර් 18–19 අතරතුර විල්නෝ නගරය වෙත පැමිණි සෝවියට් හමුදා එය අධිවාසනය කළහ. මෙම ප්‍රදේශයේ ස්ථාන ගත කර සිටි පෝලන්ත හමුදා දුර්වල තත්ත්වයක සිටි අතර, සක්‍රීය ලෙසින් සෝවියට්වරුන්ට එරෙහිව ක්‍රියා කල යුතුද යන්න පිළිබඳ ස්ථීර නිගමනයකට එළඹිය නොහැකිව සිටි පෝලන්ත සෙන්පතිවරු, නගරයෙහි සහ අසබඩ බලකොටු ප්‍රදේශයන්හී පූර්ණ ආරක්ෂණ හැකියාවන් භාවිතා නොකළ අතර, එසේ කලද අවසන් ප්‍රතිඵලයේ වෙනසක් සිදු වීමට අවකාශ නොතිබුණේ, සංඛ්‍යාත්මක වශයෙන් සෝවියට් උත්තරීතර බව දැවැන්ත වූ හෙයිනි.

  1. සවෝගා, එස්.ජේ., 2002, පෝලන්තය1939, ඔක්ස්ෆර්ඩ්: සීමා සහිත ඔස්ප්‍රේ ප්‍රකාශන සමාගම., ISBN 9781841764085
"https://si.wikipedia.org/w/index.php?title=විල්නෝ_සටන_(1939)&oldid=328069" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි