විමල් වීරවංශ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න


විමල් වීරවංශ
Wimal Weerawansa.JPEG
පුද්ගලික තොරතුරු
උපත මාර්තු 7, 1970 (1970-03-07) (වයස 45)
ජාතිකත්වය ශ්‍රී ලාංකික
කලත්‍රයා(යන්) ශෂී වීරවංශ
ජීවනෝපායය දේශපාලනය
ආගම බෞද්ධ

වීරසංගිලි පනික්කියලාගේ විමලසේන හෙවත් විමල් විරවංශ, යනු ජාතික නිදහස් පෙරමුණේ නායකයා වේ. ජාතික නිදහස් පෙරමුණ යනු ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ සාමාජිකයන් විසින් පිහිටුවාගත් දේශපාලන පක්ෂයකි. විමල් විරවංශ මහතා 1989 දී ජනතා විමුක්ති පෙරමුණ හා එක්වූ අතර එහි ප්‍රචාරක ලේකම් බවට පසු කාලීනව පත්විය. මහින්ද රාජපක්ෂ රජය දියත් කල එල්.ටී.ටී.ඊ යට එරෙහි යුද මෙහෙයුමට සහය පලකල යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමග ඔහු පක්ෂයේ ඉහල නායකත්වයේ අප්‍රසාදයට පත්විය.[තහවුරු කරන්න] ජනතා විමුක්ති පෙරමුණ කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය වැනි ප්‍රතිපත්තිමය කරුණු නිසා 2008 අය වැයේදී රජයට සහය දීමෙන් වැලකි සිටීමට තීරණය කරන ලදී. මේ වන විට රජය අය වැය පරාජය වීමේ අවධානමකට මුහුණ දී සිටිය අතර , එසේ වී නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකුලව මහා මැතිවරණයකට ඉදිරිපත් වීමට සිදුවිය හැකිව තිබිණි.[තහවුරු කරන්න]

කෙසේ වෙතත් විමල් විරවංශ (එවකට පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක) සහ නන්දන ගුණතිලක (1999 ජනාධිපති අපේක්ෂක ) ප්‍රසිද්ධියේම රජයට සහයෝගය පළකරමින් ජන්දය පාවිච්චි කරන ලදී. මෙහිදී එල්.ටී.ටී.ඊ ය පරාජය සදහා රජයට සහයෝගය දැක්වීම ඔවුන් ප්‍රබල හේතුවක් ලෙස දැක්විය.[තහවුරු කරන්න] මෙම මන්ත්‍රී වරුන්ගෙන් ලැබුන සහය නිසා රජය ය වය විවාදය පරාජය වීම වැළකුණි.[තහවුරු කරන්න]

මෙයින් පසුව පවතී මහා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ දරුණු පරාජයක් ලද අතර, විමල් විරවංශ සාධකය එහිදී ප්‍රබල ලෙස බලපාන ලදී. මෙම මැතිවරණයේදී රජයට සහයෝගය පලකරනු වස් ජාතික නිදහස් පෙරමුණ පිහිටවා ගත අතර විමල් විරවංශ මෙම මැතිවරණයේ වඩාත් ජනප්‍රිය අපේක්ෂක විය. විමල් විරවංශ ප්‍රබල ලෙස විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකා මාධ්‍ය මගින් විවේචනයට ලක් කරන ලද අතර ජනාධිපතිවරයේදී මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණවීමට විශාල මෙහෙයක් ඉටු කරන ලදී.[තහවුරු කරන්න]

2015 ජනවාරි මස වනතුරු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ඉදිකිරිම් ඉංජීනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය පදවිය ඉසිලූ අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීම හේතුවෙන් ඇමති පදවිය අහිමි විය.

මතභේදයට ලක්වීම්[සංස්කරණය]

ඇමරිකානු භාණ්ඩ වර්ජනය කරන ලෙස ඉල්ලීම[සංස්කරණය]

එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතිකයන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනාවක් ගෙන ඒම හේතුවෙන් 2012 මාර්තු මස විමල් වීරවංශ විසින් ඇමතූ රැලියකදී ඔහු, ඇමරිකානු නිෂ්පාදන ශ්‍රී ලාංකිකයන් විසින් වර්ජනය කල යුතු බවට ප්‍රකාශයක් සිදු කරන ලදී. ඒ සම්බන්ධව තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ "තමා සිය ගූගල් ගිණුම භාවිතය අත්හැර දමන බවයි. එසේම පෙප්සි, කොකාකෝලා, ගූගල් හා මැක්ඩොනල් ආදීන්ගෙන් වැළකෙමු" යනුවෙන්ද ඔහු සිය කථාවේදී ඉල්ලා සිටින ලදී.[1]

ආශ්‍රිත[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=විමල්_වීරවංශ&oldid=330317" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි