විනයාගමුර්ති මුරලිදරන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

විනයාගමුර්ති මුරලිදරන් (රණ නාමය: කර්නල් කරුණා අම්මාන්; දෙමළ: விநாயகமூர்த்தி முரளிதரன், උපත1966) දේශපාලන නායකයෙක් හා හිටපු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී නායකයෙකි. පසු කාලීනව එම සංවිධානයෙන් ඉවත්වූ කරුණා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එක් විය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වෙනුවෙන් වසර 20 කට වැඩි කාලයක් සටන්කිරීමෙන් අනතුරුව, විමුක්ති කොටින්ගෙන් කැඩී වෙන්වුනු කණ්ඩායමක් වන දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂය (ටී.එම්.වී.පී) හී නායකයා වශයෙන් ඔහු කරළියට පැමිණියේය.