විකුණුම් බලකාය කළමනාකරණ පද්ධතිය

විකිපීඩියා වෙතින්
ගොනුව:Salesbrowser AxC.gif
salesforce.com මගින් නිර්මාණය කෙරුනු විකුණුම් බලකාය කලමනාකරණ පද්ධතියක්

ආයතනයක වෙළද හා කළමනාකරණ අන්ශයන්හි භාවිතය සදහා යොදා ගන්නා විකුණුම් බලකාය කළමනාකරණ පද්ධතිය, විකුණුම් කාර්යයන් යාන්ත්‍රනය කිරීම සදහා භවිතා වෙයි. බොහෝ අවස්තාවලදී වෙළද පද්ධතිය හා යා කිරීමෙන් මෙය පාරිභෝගික සම්බන්ධතා පද්ධතිය ලෙස නිර්වචනය කොට හැදින්වේ.

විකුණුම් බලකාය කළමනාකරණ පද්ධතිය, පාරිභෝගික සම්බන්ධතා පද්ධතියේ එක් අංගයක් ලෙස භාවිතා වන අතර එය මිනිස් හවුලකින් තොරව විකුණුම් ක්‍රියාවලියේ තොරතුරු සටහන් කරගනියි. පරිභෝගිකයා සමග පැවත්වූ සියලු ගණුදෙනු/ සම්බන්ධතා, එහි අරමුණ, පසු විපරම් ක්‍රියාවලි සටහන් කර ගන්නා මෙමගින් විකුණුම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම තුලින් විකුණුම් ශ්‍රමය නාස්තිය අවම කිරීමත් පාරිභෝගික පහසුව සලසා දීමත් සිදුවේ. දුරකථන ලැයිස්තු මාර්ගයෙන් හා සමගාමි භාණ්ඩ හා සෙවාවන්හි පරිභෝගික ලැයිස්තු ආශ්‍රයෙන් අනාගත වියහැකි පාරිභෝගිකයින් පිළිබද තොරතුරු ලැයිස්තුගත කල හැකි විකුණුම් නියාමන ඉලියුම් පද්ධතියක් මෙහි අන්තර්ගත වේ. මෙම පද්ධතියේ අඩංගු අනෙකුත් අංගයන් ලෙස විකුණුම් පූර්වකථනය, ඇනවුම් කළමනාකරණය හා නිශ්පාදිතයන්හි තොරතුරු ඇතුලත්වන අතර වඩාත් දියුණු විකුණුම් බලකාය කළමනාකරණ පද්ධතියන්හි අන්තර්ගත විශේෂ අයිතමයක් ලෙස අන්තර්ජාලය හරහා භාණ්ඩ නිමයුම් පද්ධතිය හා සම්බන්ධවීමෙන් පාරිභොගිකයින් හට තම අවශ්‍යතා පරිදි භාණ්ඩ අනුරූපකරණය කල හක. මෙය මොටර් රථ කර්මාන්තයේ ප්‍රසිද්ධියක් උසුලන අතර අනුග්‍රාහකයින් හට තම මොටර් රථයේ වර්ණය, ආසන ස්වභාවය(උදහරණයක් ලෙස ලෙදර් හෝ ) වැනි අනුකූල අංගයන් තම අවශ්‍යතා පරිදි සකසා ගැනීමේ පහසුව මෙමගින් සැලසී ඇත.

විකුණුම් බලකාය කළමනාකරණ පද්ධතියක අන්තර්ගත ලක්ෂණයක් වන්නේ ආයතනයක විවිධ දෙපාර්තමේන්තු හා ශාඛා එකාබද්ධ කිරීමයි. ආයතනයක පාරිභෝගිකයින් හා සම්බන්ධ වන සියලු අංශයන් මගින් මෙම පද්ධතිය නිවැරදි ලෙස ප්‍රතිග්‍රහණය කල යුතු අතර එසේ නොවීමෙන් ශාඛා අතර සන්නිවේදනය බිද වැටිමත් එතුලින් පාරිභෝගිකයින් අපහසුතාවයටත් පත්විය හැක ( උදහරණයක් ලෙස විවිධ ශාඛා මගින් එකම හෙතුවක් සදහා කිහිප වාරයක් පරිභොගිකයින් ඇමතිය හැකිය ).


විකුණුම් කළමනාකරුට අත්වන වාසි[සංස්කරණය]

  • පෙර පරිදි විකුණුම් නියෝජිතයින් හරහා වෙන් වෙන් වශයෙන් දත්ත රැස් කිරීමත් ඉන්පසු ප්‍රතිඵල නිර්ණය කිරීමත් සිදුකිරිම අනවශ්‍ය වන අතර මෙම පද්ධතිය මගින් ක්‍රියවලි යාන්ත්‍රනය කිරීම නිසා එසැනින් අවසාන ප්‍රතිඵල හා නිගමනයන් නිරික්ෂනය කල හැක. මෙමගින් විකුණුම් කළමනාකරුගේ කාලය හා ශ්‍රමය ඉතිරි කර ගැනිමට හැකිවේ.
  • සක්‍රියතා වාර්තා, තොරතුරු අයැදුම්, ඇනවුම් නියමයන් හා තවත් විකුණුම් අශ්‍රිත තොරතුරු නිරන්තර වශයෙන් විකුණුම් කළමනාකරුට වාර්තා කරන අතර එමගින් කඩිනම් ප්‍රතිචාර දැක්වීමටත්, භාණ්ඩ තොග නිර්ණය කිරීමටත්, වට්ටම් නියම කිරිමටත් පහසු වේ. මෙතුලින් විකුණුම් කළමනාකරුහට වැඩි පාලනයක් අත්කර දීමට මෙම පද්ධතිය උත්සුක වේ.
  • විකුණුම් තොරතුරු විශ්ලේෂණ ක්‍රියාවලිය යාන්ත්‍රනය කිරීමෙන් විදග්ධ විශ්ලේෂණයක් හා තේරුම් ගැනීමට පහසු වාර්තාකරණයත් තුලින් විකුණුම් කළමනාකරුහට,

• වලංගු හා ඵලදායි විකුණුම් අධාරක තොරතුරු විකුණුම් නියෝජිත්යින්ට ලබාදිය හැක.

• අලෙවිකරණ සමීක්ෂන දත්ත ලබාගත හැක ( ජන විකාස චර්යා, භාණ්ඩ හා සේවා පිලිගැනීම, ගැටළු හා වෙළදපොල ප්රණවණතාවයන් ආදී).

• වෙළදපොල සමීක්ෂණ දත්ත එක්-රැස් කිරීම ( කර්මාන්තයේ ගතික ස්වභාවය, තරගකරුවුන්, නව තරගකාරී භාණ්ඩ හා සේවාවන්, තරගකරුවන්ගේ ප්රරචාරන ව්යා්පාරයන් පිලිබද තොරතුරු හා සාර්ව ආර්තික ස්වභාවය පිරික්සීම හා ප්ර්වනතාවයන් හදුනා ගැනීම ආදිය ).

• කාර්ය සාධන මිනුම් කිහිපයක් එකාබද්ධ කිරීමෙන් විකුණුම් ශ්ර්මයේ ඵලදායිතාව මැනීම ( විකුණුම් නිලධාරින් වශයෙන් හා භූගෝලීය වශයෙන් අදායම වර්ගීකරණය, පාරිභෝගික වර්ගීකරණයක් වශයෙන් ලාභය, දිනකට ඇමතුම්, ඇමතුම් කාලය හා වියදම, සම්බන්දතාවයන් සදහා සන්ග්රෙහ වියදම, කාලසීමාවක් තුලදී නව පාරිභෝගිකයින් ගණන, පාරිභෝගිකයින් ග්ර හණයට වියදම පාරිභෝගිකයකුගේ මුලු ආයු කාලයේ වටිනාකමින් ප්රගතිශතයක් ලෙස, ආපසු එවුම් ප්රවතිශතයක් ලෙස, පාරිභෝගික පැමිණිලි, කල් ඉක්මවූ අයවැය ගිණුම් ආදී ). පරාසුරමාන් හා ඩේගේ පෙයාර්ස් (PAIRS) හා ලෝඩිශ්ගේ අමතුම් සැලසුම් (Call Plan) වැනි සංකීර්ණ ආකෘති පද්ධතිය හරහා යොදා ගත හැක.

අලෙවි කළමනාකරුට අත්වන වාසි[සංස්කරණය]

  • කර්මාන්තයේ ආර්ථික ව්‍යුහය හඳුනා ගැනීම
  • වෙළදපොල ඛන්ඩ/ වර්ගීකරණයන් හඳුනා ගැනීම
  • ඉලක්ක වෙළදපොල ඛන්ඩය හඳුනා ගැනීම
  • ප්‍රධාන පාරිභෝගිකයින් හඳුනා ගනීමට
  • අලෙවිකරණ සමීක්ෂන හරහා පුද්ගල ලක්ෂණ, ගති පවතුම් හදුනා ගනීම හා ඒ ආශ්‍රයෙන් පුද්ගල අකෘති නිර්මණය කිරීම
  • තරගකරුවන් හා තරගකාරී භාණ්ඩ හා සේවාවන් හඳුනා ගැනීමට
  • නව භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනයට
  • සාර්ව හා ක්ෂුද්‍ර ආර්ථික පරිසරය පිරික්සුම තුලින් අනාගත වාසිදයක අවස්ථා හා ගැටලු හඳුනා ගනීමට
  • ආයතනයේ ශක්තීන් හා දුර්වල තැන් හඳුනා ගැනීමට
  • භාණ්ඩ හා සේවාවන්හි වර්ග නාමයන් සම්බන්දයෙන් පාරිභෝගික අත්දැකීම් හා ආකල්ප පිරික්සීමත්
  • අලෙවිකරණ උපාය මාර්ග නිර්ණය කිරිමත්
  • විකුණුම් ක්‍රියාවලිය අනෙකුත් ප්‍රවර්ධන ක්‍රියාවලීන් හා සම්බන්ධ කිරීමට ( ප්‍රචාරනය, විකුණුම් දිරිගැන්වීම්, මහජන සම්බන්ධතා ගොඩනැගීම ආදී )
  • ස්ථීරසාරවූ තරගකාරී වාසියක් ගොඩ නැගීමට
  • අනාගතයේ වර්ගනාමයන්ගේ තත්වය නිගමනය කිරීම හා අලෙවිකරණ සැලසුම් නිර්මාණ ක්‍රියාවලියට දායක වීම
  • ප්‍රතිචාරට වලට අනුකූලව නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රතිව්‍යුහගත කිරීමට දායක වීම

දීර්ඝකාලීන උපායක්‍රමික වාසි[සංස්කරණය]

මෙම පද්ධති මගින් තරඟකාරි වාසියක් නිර්මාණය කල හැකි වේ. ඒ සදහා පහත උදාහරණ දැක්විය හැක.

  • ආයතනයේ ඵලදායිතව වැඩිදියුණු වේ. එනම් විකුණුම් කාර්ය්‍ය සේවක පිරිස හා කළමනාකරුට තම කාලය වඩාත් ඵලදායි හා කාර්යක්ශම ලෙස යොදා ගත හැකි වන අතර මෙමගින් පිරිවැය අවම කරගත කිරීමත්, විකුණුම් අදායම වැඩි කරගැනීමටත්, වෙළදපොල බුක්තිය ඉහල නැංවීමටත් හැකිය.
  • ක්ෂේත්‍ර විකුණුම් නිලධාරින්හට ආයතනය සමග නිරන්තර තොරතුරු හුවමාරු කරගැනීමට පහසුව සැලසේ. පෙර පරිදි සතියකට වතාවක් තොරතුරු හුවමාරු කරගන්නවා වෙනුවට සෑම විකුණුම් ඇමතුමක් අවසානයේ කළමනාකරණ මන්ඩලය දැනුවත් කිරීමට හැකියාව ලැබේ. ආයතනයේ කළමනාකාරවරුණ් වර්ත්මාන වලංගු තොරතුරු අශ්‍රයෙන් දැනුවත් වන අතර එහි වටිනාකම හීන වීමට ප්‍රථමයෙන් තොරතුරු භවිතා කල හැක. මෙමගින් ප්‍රතිචාර කාලය අවම වන අතර ආයතනයේ විමසිලිමත්භාවය වර්ධනය වේ.
  • විචක්ෂන ලෙස මෙම පද්ධතිය හැසිරවීමෙන් පාරිභෝගික තෘප්තිය වර්ධනය කල හැක. පද්ධතිය හරහා ලබගන්නා හා විශ්ලේෂනය කරන ලද තොරතුරු නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගැනීමෙන් පාරිභෝගික රුචිකත්වයට අනුකූලව භාණ්ඩ නිෂ්පාදනය කල හැකි වන අතර විකුණුම් නියෝජිතයින්හට පද්ධතිය අධාරයෙන් පාරිභෝගික සේවාවන් සැපයීම දක්ෂ හා කඩිසර ලෙස සිදුකල හැකිවේ. මෙමගින් පාරිභෝගික තෘප්තිය හරහා පාරිභෝගික විශ්වාසවන්තභාවය/පක්ෂපාතිත්වය වර්ධනය කිරීමත්, ප්‍රතිග්‍රහණ පිරිවැය අවම කිරීමත්, භාණ්ඩයේ මිල ඉල්ලුම් නම්‍යතාව අවම කිරීමත් හා ලාභය වර්ධනය කිරීමත් තුලින් ආයතනයේ තරඟකාරි වාසිය වර්ධනය කරගත හැක.

අවාසි[සංස්කරණය]

  • මෙම පද්ධතිය සම්බන්ධයෙන් අදිරිපත් කෙරුණු විවේචනාත්මක විග්‍රහයන් වන්නේ,
  • හැසිරවීමට අපහසු වීම
  • දත්ත අතුලත් කිරීමට විශේෂ ශ්‍රමයක් අවශ්‍ය වීම
  • මානූෂීය වියයුතු ක්‍රියාවලියක් යාන්ත්‍රීකරණය කිරීම
  • තොරතුරු හා පද්ධතිය යාවත්කාලීන කිරීම හා නිරන්තර නඩත්තුව
  • අධික පිරිවැයක් සහිතය
  • අනෙකුත් තොරතුරු කළමනාකරණ පද්ධති හා සම්බන්ධ කිරීමට අපහසුය

භාවිතය දිරිගැන්වීම[සංස්කරණය]

ඉහත සදහන් කල කරුණු අතරින් වර්තමාන ආයතන මුහුණපාන ප්‍රධාන ගැටලුව වන්නේ පද්ධතියට දත්ත අතුලත් කිරීමට විකුණුම් නියෝජිත්යින් පොළඹවා ගැනීමයි. මේ හේතුවෙන් පද්ධතිය සදහා යොදවන ආයෝජනයේ ඵලදායිතාව පිලිබද බොහෝදෙනා ප්‍රශ්න කරන අතර මෑත කාලීනව නිර්මාණය වුනු විකුණුම් බලකාය කළමනාකරණ පද්ධති තුල විකුණුම් නියෝජිත්යින්ට ඉක්මන් ප්‍රතිචාර ලබාදිය හැකි විකුණුම් ක්‍රියාවලි යාන්ත්‍රණයක් අතුලත් වේ. විකුණුම් නියෝජිතයින්හට විකුණුම් ක්‍රියාවලිය ඵලදායි ලෙස සැලසුම් කිරීමට හැකියාව ලැබීම මෙම පද්ධතිය භාවිතය දිරිගැන්වීමට උත්සුක වන කාරණයකි.

මේ අඩවියන් බලන්න[සංස්කරණය]