විකිපීඩියා සාකච්ඡාව:පරිපාලකවරු

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

I think it is time to create new Administrators since there is Only one is active. බිඟුවා 08:29, 4 මැයි 2010 (යූටීසී)[reply]

I personally believe I'm suitable as a new administrator. If true sinhala wikipedians agree with me I would like to proceed, but truly speaking I do not know how to become an administrator.Singhalawap 17:07, 4 මැයි 2010 (යූටීසී)[reply]

නැවත සැකසුම[සංස්කරණය]

මෙම පිටුවට මාතෘකා යොදමින් නැවත සකස් කළ යුතුය. කරුණු ගොණු කිරීම පිළිවෙලකට සෑදිය යුතුයැයි සිතේ. කියැවීමට මෙන්ම පරිශීලනයටද පහසු වන පරිදි සකස් කල යුතුයැයි යෝජනා කරමි. -- බිඟුවා සාකච්ඡාව 03:29, 16 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

සිංහලට පරිවර්ථනය කල නොකළ යුතු දේ වටහාගෙන එසේ කිරීමත් වටී. ඡන්ද විමසීම් වැනි දේ අනෙක් භාෂා කතා කරන අයට අවබෝධකර ගත හැකි වන පරිදි ඉංග්‍රීසියෙන් තබාගෙන අනෙකුත් මූලික කරුණු සිංහලට නැගීම සුදුසුයැයි සිතමි. -- බිඟුවා සාකච්ඡාව 03:32, 16 සැප්තැම්බර් 2010 (යූටීසී)[reply]

Administrators - පරිපාලකවරු යන වචන වෙනසකට පෙරලමුද???[සංස්කරණය]

මේක නිකන් අදහසක් විතරයි. Administrators කියන වචනයට අපි සිංහල විකියේදී පරිපාලකවරු කියන්නේ නැතුව වෙන නමක් යොදමුද? මේක දැම්ම ගමන් නිකන් විකිය පාලනය කරන්නෝ වගේ අදහසක් එනවා වගේ කියලා හිතෙනවා. නිකන් පද්ධති මෙහෙයුම්කරු, ප්‍රජා සේවකයා ... වගේ එකක්. ඇත්තටම ඔහුගේ ක්‍රියාව මොකද්ද යන අරුත තියෙනන එකක්. අනේ මන්දා මේක කොහොම සංවාද වෙයි කියලා. බලමු. -- බිඟුවා සාකච්ඡාව 01:16, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

ලංකාවේ කෂ්ටිය සේවක යන පදයට කැමැති නැහැ. ග්‍රාම සේවක යන්න ග්‍රාම නිලධාරි වුනා. මම හිතනවා කළමණාකරු නැත්නම් පරිණායක ගැලපෙයි කියලා. ----112.135.205.115 04:18, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
මෙතනට ගැලපෙනම වදන පරිපාලක තමයි. ගැටළුව වෙන එකක්. සිංහල බහුතරය පරිපාලක (Administrator) යනු පාලකයො (Ruler) කියල හිතනවා. මේ ගැටළුව පරණ යටත් විජිත වලට පොදුයි. මොකද මුලින්ම ආපු පරිපාලකවරු සුද්දො නිසා. මගේ පුද්ගලික මතය පරිපාලක වදන මෙහෙමම තියෙද්දි තේරුම කියල දෙමු කියන එකයි. ඉන් මුලු රටටම සෙතක් වෙයි. Singhalawap (talk) 05:40, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඒ කියන කතාවත් හරි. නමුත් Singhalawap ඒක ලේසි වැඩක් නෙමෙයි වගේ නේද? බහුතරයගේ මතය වෙනස් කරන එකද වෙන්න ඕනැ නැත්නම් හරියට වැඩියෙන් භාවිතා කරන එක යොදා ගන්න එකද? මට හරියටම අදහසක් නැ මේ ගැන. බලමු අනිත් අයගේ අදහස. නමුත් සේවක කියන එක ගැන මම නම් සතුටුයි. ඒක තමා ඇත්තටම වෙන්නේ. -- බිඟුවා සාකච්ඡාව 07:24, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
විකි ඇඩ්මින්ව නිරූපණය කරන්න යොදා ගන්නේ කසළ ශෝධකයෙක්ව​. සංකේතය විකිපීඩියා ලාංඡනය ඉදිරියේ තියෙන කොස්සක්. ඉතින් කවුරු හරි කියනවනම් සේවක කියන වචනෙට මම කැමති නෑ කියලා එයා කොහොමටවත් මේ වගකීම භාර දෙන්න සුදුසු කෙනෙක් කියලා මං හිතන්නේ නෑ. පුද්ගල ගර්වයට තවත් හුළං ටිකක් ගහලා දෙන එක නෙමෙයි විකි ඇඩ්මින් කෙනෙක් කියන්නෙ.
පාලක කියන වචනෙට වඩා පරිපාලක කියන වචනෙ භයානකයි. පාලක කියන්නේ පාලනය කරන්නා. පරිපාලකයා කියන්නෙ හැම අතින් ම පාලනය කරන්නා.
අපිට කරන්න තියෙන්නේ ඔය ඉංගිරිසි වචන ටික ටිකකට අමතක කරලා, මේ පරිපාලක කියලා භාවිත වෙන වගකීමේ භාවාර්ථය සැලකිල්ලට අරගෙන සුදුසු නමක් යොදන එක​. ඇඩ්මින් කෙනෙක් කරන්නේ විශේෂ මෙවලම් කිහිපයක් ඇසුරු කරමින් පද්ධතිය න්ඩත්තු කරන අයෙක් නිසා, පද්ධති මෙහෙයු, පද්ධති නියාමක වගේ නමක් හොඳයි කියලා මාත් හිතනවා.
මේ වගේ දෙයක අවශ්‍යතාව මතු වෙන්නේ, අපේ ගොජක් අයට විකි ඇඩ්මින් කෙනෙක් ගැන නිවැරදි ආකල්පයක් නෑ. බොහෝ අය හිතන්නේ ඇඩ්මින් කෙනෙක්ට අනිත් අයට වඩා ඉහළින්, නියෝග පැනවීමේ අධිකාරී බලයක් තියෙන්වා කියලා. පරිපාලක දැන්වීම් පුවරුවේ තියෙන ඇතැම් සංවාදවලිනුත්, ඉල්ලීම්වලිනුත්, ඇතැම් විටක පරිපාලකයන්ව ආමන්ත්‍රණය කිරීමට යොදා ගෙන තිබෙන ඇමතුම් පද වලිනුත් ඒක හොඳට පැහැදිලි වෙනවා. මේ වැරදි ආකල්ප නිවැරදි කරන්න ඕන​. වැරදි වැටහීම් ව්‍යසනයන්ට මඟ පාදන්න පුළුවන්නේ! නංගයා මතන්න 17:17, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
හැබැයි ඔය අනංගයා කියන කතාවට මමත් එකඟයි. මොකද මම උනත් හිතන් හිටියේ ඇඩ්මින් කියන්නේ නියෝග පැනවීමේ අධික බලතල සහිත කෙනෙක් කියලයි. අනික මම එයාල ගෙන් ප්‍රශ්නයක් අහන්න උනත් දෙපාරක් හිතන්න ඕන කියල මුලදිම හිතුන. ඉතින් එහෙම හිතෙන එක වැරදියි. ඕකට මුලිකම හේතුව ඔය වචනයේ තියන බරපතලකම තමයි. අලුතින් එන කෙනෙකුට බය සැක නැතුව මේක ෆන් එකේ කරගන යන්න තියෙන්න ඕන. එතකොට තමයි සිංහල විකිය දියුණු වෙන්නෙ. වචනයක් හින්ද එකට හානි වෙන එක නම් හොඳ නෑ. ඇත්තටම ඇඩ්මින් කෙනෙක් කරන කාර්යය හරියටම සිංහලෙන් තේරෙන විදිහේ නමක් ඕකට දානවනම් හොඳයි. "ප්‍රජා සේවකයා" කියන එක නම් හොඳයි වගේ. --උපුල් (talk) 17:39, 23 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
අප්පා. එහෙමද උපුල්, එහෙම එකක් නැනේ. ඒ කියන්නේ ගොඩාක් අය වැරදියට හිතන්න ඉඩ තියෙනවා කියන අදහස නේද? අපි සාමාන්‍යයෙන් මැනේජර් හරි බොස් හරි යමක් කිව්වොත් බරට ගන්නවනේ. නමුත් ඒ සංකල්පය මෙතන නැනේ. ඒක හොඳයි උපුල් ඔයාගේ අර තිබ්බ අදහස ඉදිරිපත් කරපු එක. (දැන් ඒක නැ කියලා හිතනවා). අනංගයා, ඔයාගේ අදහස් දැක්වීමත් අගෙයි. පද්ධති නියාමක කියන එකෙත් නිකන් බලතල තියෙන කෙනෙක් වගේ පොඩි අදහසක් ගැබ් වෙලා තියෙනවා කියලත් හිතෙනවා. නමුත් මම ඒකට පරිපාලක කියන එකට වැඩිය කැමතියි. ප්‍රජා සේවකයා වගේ නිකන් සප් එකක් දෙන්නා කියන අරුත සහිතව, පද්ධතියට සහය දෙන්නා යන අරුත් ඇතිව යමක් හොයා ගත්තනම් මේ තියෙන දුරස් ගතිය අඩුවෙයි කියලා හිතෙනවා. -- බිඟුවා සාකච්ඡාව 01:30, 24 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
නමක් හොයන්න කලින් මෙම තනතුරෙන් ඇත්තටම කරන්නේ මොකද්ද කියල තෝරා බේරා ගනිමු. ඇත්තටම මොකකද්ද? මේකට ඉංග්‍රීසි විකිපීඩියාවේ ලියල ඇති රචනයක් බලමු. කෙටියෙන් ලැයිස්තුගත කරමු. ඊට පස්සේ ඒකට ගැලපෙන වචනයක් යොදා ගමු. මේ පදවියෙන් කෙරෙන දේ මේ කට්ටිය දැනටමත් දන්නව නම් අනෙත් අයට දැනෙන්න ඒවා මෙතන ලැයිස්තු ගත කරන්න. ඒ වැඩේ සාර්ථකව අහවර වුනාම නම තබමු.--- ශ්වෙත (talk) 02:00, 24 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ගැලපෙන නමක් යොදාගත්තාට මගේ විරුද්ධත්වයක් නැහැ. ශ්වෙත කියනව වගේ අපි තව කියවල බලමු http://en.wikipedia.org/wiki/Wikipedia:Administrators කියන විදියට Admin = SysOp. Singhalawap (talk) 12:24, 24 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
අනංගයෝ පරිපාලකයා කියන්නෙ හැම අතින් ම පාලනය කරන්නා කිලන එක නම් නෙමයි. Singhalawap (talk) 12:28, 24 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ප්‍රජාවට සේවයක් කරන්න ඇඩ්මින් කෙනෙක් වෙන්න ම ඕන නෑනෙ. ප්‍රජා සේවකයා කියන වචනෙ විකි ඇඩ්මින් කෙනෙක්ට විතරක් විශේෂීකරණය වෙන එක හොඳ දෙයක් කියලා මං හිතන්නෙ නෑ. හැම විකිපීඩියානුවෙක් ම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලානෙ මේ මෙහෙවර කරන්නේ.
මේක තනතුරක් කියනවට වඩා වගකීමක් කියලා කියනවනම් වටිනවා. නංගයා මතන්න 18:10, 24 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

පරිපාලක මෙවලම්

  • මකන්න​

පරිපාලකවරුනට ලිපි මකා දැමිය හැකි ය. මකා දැමූ ලිපියක් නැවත පිහිටු විය හැකි ය​. ලිපියක් මකා දැමීමට යෝජනා කිරීමෙන් අනතුරුව හෝ ප්‍රතිපත්තිමය හේතූන් මත ක්‍ෂණිකව හෝ මකා දමනු ලැබිය හැකිය​. මකා දැමුම් අහෝසි කිරීමට පරිපාලක දැන්වීම් පුවරුව හරහා අභියාචනා ඉදිරිපත් කළ හැකි ය​.

  • සංස්කරණ ඉතිහාසය මකා දමන්න​.

පරිපාලකවරුනට සංස්කරණ ඉතිහාසය මකා දැමීමෙන්, එය සෙස්සනට ප්‍රදර්ශනය වීම වළකා තැබිය හැකි ය​. මකා දමන ලද සංස්කරණ ඉතිහාසයක් නැරඹිය හැක්කේ තවත් පරිපාලකයෙක්ට පමණි. මෙවැනි තීරණයක් ගනු ලබන්නේ අශීලාචාර සංස්කරණ යුද්ධ වළකා ගැනීමට ය​.

  • ආරක්‍ෂණය​

පිටු ආරක්‍ෂණය, ආරක්‍ෂණය ඉවත් කිරීම​, ආරක්‍ෂණය කරන ලද පිටු සංස්කරණය කිරීමට පරිපාලකවරුනට හැකි ය​. යම් පිටුවක් නිරන්තරයෙන් ම විකෘතිකරණයකට හෝ සංස්කරණ යුද්ධයකට ප්‍රස්තූත වේ නම් මෙලෙස පිටු ආරක්‍ෂණය කෙරෙනු ලැබේ.

  • අවහිර කිරීම

කරදර ඇති කරන පරිශීලකයන් අවහිර කිරීම හා අවහිර කරන ලද පරිශීලකයන් ගේ අවහිරතා ඉවත් කිරීම​.

  • පිටු ආයාතකරණය​
  • පරිශීලක අයිතීන් කළමණාකරනය​
(මොකක්ද මේ rollback, view unwatched pages කියන්නේ)
පේනවනේ මේ වගේ දේවල් හැමෝට ම කරන්න දුන්නොත් විනාශයක් වෙන්න පුළුවන්! ඒ හින්දා මේ කටයුතු විශ්වාසවන්ත වගකීමක් තැබිය හැකි පරිශීලකයන්ට ලබා දීලා තියෙනවා. බලතල නැත්තෙමත් නෑ. හැබැයි අපහරණය කරන්න බෑ. කොටින් ම කියනවනම් විකි ඇඩ්මින් කෙනෙක් කියන්නේ මේ මෙවලම් භාවිතා කරන්න අවසර ලැබූ පරිශීලකයෙක්ට​.
මේ වගේ පද්ධතිය හා ඍජුව ම බැඳෙන ක්‍රියාකරකම් නිසා පද්ධති කියන වචනෙ තියෙන නමක් හොඳයි. SysOp = System Operator . නේ?
නංගයා මතන්න 18:38, 24 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඉතින් ඔහොම හිතා ගෙන හිතා ගෙන යන කොට මට හිතෙනවා පරිපාලක කියන නම ම හොඳයි කියලා.(පරිපාලක නම මේ වැඩේට ගැලපෙනවා තමයි) හැබැයි ඒකෙ බරපතළ කම අඩු කරන්න ඒකෙන් වෙන දේ ගැන එකවර ම නිරවුල්ව ස්න්නිවේදනය කරන විකල්ප හැඳුනුමක් (හෝ කිහිපයක්) පරිපාලක සමඟ භාවිතයට ගනිමු. විකල්ප නමක් නම් ඕනමයි.
මොකද​, සිංහල බහුතරය පරිපාලක (Administrator) යනු පාලකයො (Ruler) කියල හිතනවා. නංගයා මතන්න 07:20, 25 පෙබරවාරි 2011 (යූටීසී):[reply]
පද්ධති වචනය මුලින් දැම්මම මෘදුකාංග පැත්තට බර වැඩිවෙනවා. මෙම තනතුරෙන් පරිශීලකයන්ගේ මෘදුකාංග දැනුම වර්ධනය කිරීම පමණක් සිදු වන්නේ නැහැ. විකි නියාමක යන වචනය ‍කෙහොමද? --- ශ්වෙත (talk) 01:38, 26 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
විකි නියාමක වදන පරිපාලකට වටා බරපතලයි. නියාමක කියන විදියට තමයි අනික් අය වැඩ කරන්න වෙන්නෙ. දුම්රිය නියාමක දන්නවනෙ. එයා කියනකං එන්ජින් ඩයිවර් අද්දනව ද? Singhalawap (talk) 02:34, 26 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
පරිශීලක කාණ්ඩ හිමිකම් මෙතනින් පුලුවන් පරිපාලකවරුන්ට ඇති හිමිකම් බලා ගන්න. -- බිඟුවා සාකච්ඡාව 03:36, 26 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
ඇඩ්මින් ගේ වැඩ කෝමත් විකි මෘදුකාංගය පැත්තට බරයි නේද​? විකි සේවක කෝමද​? නංගයා මතන්න 09:35, 26 පෙබරවාරි 2011 (යූටීසී)[reply]
විකි නියාමකට වඩා සාපේක්‍ෂව විකි සේවක හොඳයි. නිරපේක‍්‍ෂව........ අනේ මංදා.
කටිටියම කැමතිනං මගේ විරුද්ධත්වයක් නෑ. Singhalawap (talk) 09:49, 26 පෙබරවාරි 2011 (යූටීසී)[reply]

පරිවර්තනයේ අවුලක් ද?[සංස්කරණය]

“මට කියන්න ඕනැ උනේ පරිපාලකයෙක් වෙන එක මහ වැඩක් නෙමෙයි.“ ලෙස ජිමී වේල්ස් පැවසූ බව මෙහි සඳහන් වේ. මට නම් ඉන් හැඟෙන්නේ, පරිපාලකයෙක් වෙන එක ඕනෑම විදියකට (රැවටීම්, වංචා ආදියෙන්) වියහැකි බවයි! මෙය මට නම් කියන්න ඕනෑ වනුයේ, “පරිපාලකයෙක් වෙන එකේ මහ වැඩක් නැහැ“ ලෙසයි. මෙය පරිවර්තන අවුලක් වගේ නෙ!? --තඹරු විජේසේකර සාකච්ඡාව 03:22, 8 දෙසැම්බර් 2011 (යූටීසී)[reply]