විකිපීඩියා සාකච්ඡාව:පංචස්තම්භ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පංචස්ථම්භ - පංචස්තම්භ බවට පත් කළ යුතු යි[සංස්කරණය]

මෙම පිටුවේ ශීර්ෂයෙහි අක්ෂර වින්‍යාස දෝෂයක් පවතී. පංච + ස්තම්භ = පංචස්තම්භ වශයෙන් එය නිවැරදි කළ යුතු ව ඇති නමුත් මා එම පිටුව නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත ස්ථානයට ගෙන යාමට තැත් කරද්දී අවවාද පණිවිඩයක් ලැබෙන හෙයින් එය සිදු නොකළෙමි. එම අවවාද පණිවිජයේ මෙසේ ද සඳහන් වේ: "Wikipedia:පංචස්ථම්භ" cannot be moved to "Wikipedia:පංචස්තම්භ", because the title "Wikipedia:පංචස්තම්භ" has been banned from creation. මේ පිටුව නිවැරදි ස්ථානයට ගෙනයාම සඳහා පරිපාලකවරයකුගේ සහාය අවශ්‍ය වේ ය යි සිතමි. --Anandawardhana 02:15, 30 ජූනි 2010 (යූටීසී)[reply]

පැරණි ලිපියෙහි සංවාද පිටුවෙහි වූ ඉහත ඉල්ලීම පරිදී නව පිටුවක් තනා පැරණි ලිපියෙහි අන්තර්ගතය බහාලූයෙමි. ---112.135.219.9 03:37, 30 ජූනි 2010 (යූටීසී)[reply]
ස්තුතියි! මෙවැනි පිටුවක් සාදා ඇති බව නොදැන මම පැරණි පිටුවේ ම පරිවර්තනය සම්පූර්ණ කළෙමි. දැන් ඒ සියල්ල මෙයට පිටපත් කළෙමි.--Anandawardhana 06:33, 30 ජූනි 2010 (යූටීසී)[reply]

විකිපීඩියා:පංච කුලුනු[සංස්කරණය]

විකිපීඩියා:පංච කුලුනු ලිපිය මාවිසින් ආරම්භ කලේ Wikipedia:පංචස්තම්භ ලිපිය පිලිබඳව නොදැනයි. දැනට එම ලිපිය පරිපාලකයන් විසින් ආරක්‍ෂිත ලිපියක් බවටද පත්කර ඇත. විකිපීඩියා:පංච කුලුනු ලිපිය දියුණු කිරීම හෝ Wikipedia:පංචස්තම්භ ලිපිය දියුණුකිරීම තීරණය කල යුතුව ඇත. එක් ලිපියක් තෝරා අනෙක් ලිපියට යොමු කිරීම මැනවයි සිතමි. Singhalawap 05:42, 30 ජූනි 2010 (යූටීසී)[reply]

අනපේක්ෂිත තත්වයක්! http://si.wikipedia.org/wiki/Wikipedia_%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80:%E0%B6%B4%E0%B6%82%E0%B6%A0%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7 මා ඉහත උපකාරය ඉල්ලා සුළු මොහොතකින් පසු මේ ස්ථානයේ කිසිවකු නව පිටුවක් විවෘත කර ඇති බවයි පේන්නෙ! නමුත් දැන් පංචස්ථම්භ http://si.wikipedia.org/wiki/Wikipedia:%E0%B6%B4%E0%B6%82%E0%B6%A0%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7 යන පිටුව සම්පූර්ණ කරලයි තියෙන්නෙ. දැන් කළ යුත්තේ කුමක්ද? එහි ඇති දෑ මේ පිටුවට කොපි කිරීම ද? අමතර පිටු තිබෙන නිසා පරිශීලකයින් නොමග යාමෙන් වළකන්න ඒවා මකාදැමීමේ හැකියාවක් තිබේ ද? --Anandawardhana 05:52, 30 ජූනි 2010 (යූටීසී)[reply]
පංචු කුලුනු යන යෙදුම පිළිබඳ ප්‍රශ්න දෙකක් තිබේ. ඉන් එකක් පංච කුලුනු වශයෙන් සංස්කෘත හා අමිශ්‍ර සිංහල වදන් දෙකක් යොදාගැනීම යි. ඊට වඩා පංචස්තම්භ යන යෙදුම ප්‍රමිතිගත බව නිගමනය කළ හැකි යි. අනිත් කාරණය නම් කුලුනු යන්නේ අක්ෂර වින්‍යාස දෝෂයක් තිබීම යි. එය කුළුණු විය යුතු ය. එහෙයින් වඩාත් නිරවද්‍ය හා ප්‍රමිතිගත වදන වන පංචස්තම්භ තෝරාගැනීම උචිත සේ සිතමි. ස්තුතියි. --Anandawardhana 06:12, 30 ජූනි 2010 (යූටීසී)[reply]
අපි හැමෝම සම්මතයකට එමු. අනික් යෝජිත නම් ද විකිපිඩියාවේ තබා එවා සම්මත කර ගත් ලිපියට හරවා යවමු. කෙසේ වෙතත් මෙවැනි පරිවර්ථන කාරයයක් ඉටු කිරිම ගැන අපි සතුටු විය යුතුය. මේ බලන්න, දැන් විකිපීඩියාව සැම කෙනාගෙම හැකියාවෙන් ගොඩනැගෙනවා.

මේ සඳහා අනූපමේය මෙහෙයක් ඉටුකරණ සැමට ස්තුතියි. --asiri 22:42, 30 ජූනි 2010 (යූටීසී)[reply]

1. අක්‍ෂර වින්‍යාසය (නණ - ලළ) පිලිබඳ ම‍ගේ දැණුම මද බැවින් ඒ පිලිබඳව නිහඬ වෙමි.
2 මවිසින් කලක පටන් සිතමින් සිටි කරුණක් (මමද පිලිතුරක් නොදන්නා නිසා කථා නොකර සිටි) පිලිබඳ Anandawardhana විසිනි කථාකරඇත. යම් මාතෘකාවකට හෙල (අමිශ්‍ර සිංහල) සහ සංස්කෘත/පාලි යෙන් පැමිනි වදනක් ඇතිවිට කුමක් භාවිතා කරමුද?
නිදසුන 1 - ගස - ශාකය
නිදසුන 2 - බඩ - උදරය
නිදසුන 3 - මල - පුෂ්පය
මගේ අදහස වචන 2ම අවැසි බවයි ( මල හෙවත් පුෂ්පය). English විකියෙන් මේ සඳහා පූර්වාදර්ශයක් ගත නොහැක්කේ මෙම තත්වය එම බසට අදාල නැති බැවිනි.
මේ පිලිබඳව කෝපි කඩේ කථා කරමුද ? Singhalawap 07:28, 1 ජූලි 2010 (යූටීසී)[reply]
1. අක්ෂර වින්‍යාසය, මූර්ධජ දන්තජ වහර ආදිය පිළිබඳ ගැටලු පැන නඟින අවස්ථාවල මා කරන්නේ ශබ්ද කෝෂයක් හෝ අදාළ විෂය පිළිබඳ පාරිභාෂික ශබ්ද මාලාවක් බලා එය නිරාකරණය කරගැනීම යි. මේ සියලු අක්ෂර වින්‍යාස ක්‍රම කටපාඩමින් පමණක් ජීර්ණය කරගත හැකි ය කියා සිතීමත්, එවැනි හුරුවක් නැත්නම් හිතුමතේ ලිවීමත් යන දෙක ම සිංහලෙන් වැඩ කිරීමේ දී එතරම් උදව්වක් වෙන්නේ නෑ. විකිපීඩියාවේ කටයුතුවල දී නම් මා හැකිතාක් අදාළ විෂයයන් පිළිබඳ ව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත පාරිභාෂික ශබ්ද මාලාත්, හරිස්චන්ද්‍ර විජයතුංගයන්ගේ ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයත්, සිරිසේන මාඉටිපේගේ සංක්ෂිප්ත සිංහල ශබ්ද කෝෂයත්, සුමංගල ශබ්ද කෝෂයත් බලමින් වචන නිවැරදි කරගන්න උත්සාහ කරනවා. එමගින් හැකි තාක් දැනට ප්‍රධාන ධාරාව තුළ පවතින, එනම් පාසැල් හා විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඉගැන්වෙන ව්‍යාකරණ පද්ධතිය තුළ මේ අක්ෂර වින්‍යාසය තබාගන්න හැකි වෙනවා. ඕනෑම සංස්කරණ කාර්යයක යෙදෙන කෙනෙකුට ශබ්ද කෝෂ හා ශබ්ද මාලා අවශ්‍යයි නේ. විකිපීඩියාවටත් එහෙමයි. ඒ නිසා කුඩා හෝ ශබ්ද කෝෂයක් පරිහරණය කරන්න හැකි නම් අගෙයි. අනිත් අතට අර ශබ්දමාලා නම් රුපියල් දහය පහළොව වගේ සුළු මුදල්වලට ගන්න රටේ සෑම පොත්හලක ම වගේ තියෙනවා. තවත් ක්‍රමයක් තමයි අදාළ ඉංග්‍රීසි වචනය දන්නා තැනක දී මලලසේකර ශබ්දකෝෂය විමසීම. එහි සිංහලත් බොහෝ ප්‍රමිතිගත යි. අක්ෂර වින්‍යාසය සම්බන්ධයෙන් රඳාපවතින්න පුළුවන් මූලාශයක්. ලියන කියන වැඩ කරන, ඉගෙන ගන්න ඕනෑම කෙනෙක් ළඟ අද ඒක තියෙනවා, නැත්නම් ප්‍රාදේශීය පුස්තකාලයකින් වුණත් හොයාගන්න පුළුවන්. මම හිතන්නේ සංස්කරණ කටයුතුවල යෙදෙන අය එවැනි මූලාශ්‍ර තමන් සතු කරගැනීම සිය කාර්යයෙහි කොටසක් බවට පත්කරගැනීම වගකීමක්. අප ඒ දැනුම ලබාගත යුතුයි!
2. ඔබේ දෙවැනි කාරණය සමග මාත් සම්පූර්ණයෙන් එකඟ යි. අපට මේ දෙවර්යේ ම වචන අත්‍යවශ්‍ය යි. මෙහි දී ඔබ තනි තනි පද හැටියට යොදා තියෙන සියලු නිදසුන්වලට එකඟ වෙන්න පුළුවන්. ඒවා එකක් වත් ව්‍යවහාර කරන්න එපා ය වැන්නක් මා කිසි සේත් අදහස් කළේ නැහැ.
නමුත් මා ඉහත සඳහන් කළේ තරමක් වෙනත් අවස්ථාවක්. මේ වර්ග දෙකේ වචන ඈඳා නව පද, යෙදුම් හා සිරස්තල යෙදීමේ දී දැනට භාවිත වන සම්මතයක් ගැනයි ඒ. මෙය සම්මතයක් වන්නේ සම්භාව්‍ය සාහිත්‍යයේත්, අද භාවිත වන බොහෝ වියරණ පොත්වලත්, අධ්‍යාපන පද්ධතිය තුළත් මෙය ඉගැන්වෙන බැවින්. මේ බලන්න - එක් පැත්තකින් පංච + ස්තම්භ. අනිත් අතින් පංච + කුළුණු. "පංච" හා "ස්තම්භ" දෙක ම සංස්කෘතයෙන් ආ පද. පංච යන්න ස්තම්භ සමග යා කිරීම සම්ප්‍රදායට එකඟ වුණත් එය කුළුණු යන්න සමග ඈඳීම සම්ප්‍රදායට එකඟ නැහැ. කුළුණු සමග යොදන්න ගැළපෙන්නේ පහ/පස් වැනි නොමුසු වදනක්. කුළුණු පහ, පස් කුළුණු වගේ යොදන්න පුළුවන්. තුන් ඈඳුතු නවකතා කියලා අපි ව්‍යවහාර කරනවා. නවකතා ත්‍රිකය කියලත් මේකට ම කියනවා. ත්‍රිඈඳුතු කියා ව්‍යවහාර කරන්නේ නැහැ. පස් කම් සැප(අමිශ්‍ර) කියනවා. පංච කාම සම්පත්තිය (සංස්කෘත) කියනවා. "පස් කාම සැප" හෝ "පංච කම් සම්පත්තිය" කියලා හැදුවොත් අන්න අර සම්ප්‍රදාය හා ප්‍රමිතිය තමයි උල්ලංඝනය වෙන්නේ. මේ ගැන තව එක නිදසුනක් දෙන්නම්. මව් බස – මාතෘ භාෂාව. මව් බිම – මාතෘ භූමිය මේ පද බලන්න. ඒවාත් සැකසී තිබෙන්නේ අර ප්‍රමිතියට අනුව යි. මාතෘ බස කියලත් මාතෘ බිම කියලත් අපි කියන්නෙ නැහැ. කියන්න බැරිකමක් නැති වුණත් ඒවා ඒ තරම් ම ශුද්ධ නැහැ. ඒ භාෂා ප්‍රයෝග නිවැරදි නැහැ. ඇත්ත. අපට රැඩිකල් ආකාරයෙන් සම්ප්‍රදාය කඩන්න හැකි අවස්ථා තියෙනවා. කලා නිර්මාණ, කවි ආදිය ලියද්දී. ඒත් විකිපීඩියාවේ දී අපි දැනට ප්‍රධාන ධාරාව තුළ ලේඛනය හා සංස්කරණය සම්බන්ධයෙන් තහවුරු වී පිළිගෙන තියෙන ක්‍රමවේද ඒ තරම් කඩන්න බිඳින්න යන එක උචිත නැහැ. පොතකට, ලිපියකට නමක් යොදද්දී මේ කාරණය ගැන සැලකිල්ල දක්වන්න අවශ්‍ය බව පාසැලේ සිංහල පාඩම්වල දී පවා අදත් උගන්වනවා. මේක වැදගත් කාරණාවත් නිසා අවශ්‍ය ඕනෑ ම ස්ථානයක සාකච්ඡාවට ගැනීම වරදක් නැහැ. මේ ගැටලු අවශ්‍ය අවස්ථාවල විමසිය හැකි ප්‍රමාණවත් පතපොත සිංහලෙන් පළ ව තිබෙනවා. පිළිතුර නම් හිතුවාට වඩා දිග වුණා. ඒත් වැදගත් පලදායක දෙබසක් නිසා කොට නොකර පළ කරන්නම්. ස්තුතියි. --Anandawardhana 11:56, 1 ජූලි 2010 (යූටීසී)[reply]
තව සුළු එකතු කිරීමක්. මේ සියල්ල සලකා බලමින් විකියේ මාතෘකා නමැති ප්‍රශ්නයට ආ විට "මව් බස" යන්නත් "මාතෘ භාෂාව" යන්නත් එක සේ පිළිගත හැකි යි. ඒත් "මාතෘ බස" යන්න ඒ විදිහට පිළිගන්න බෑ. "පස් කම් සැප" හා "පංච කාම සම්පත්ති" යන දෙක ම උචිත යි. දෙක ම හරි. "පස් කාම සැප" හා "පංච කම් සම්පත්ති" අනුචිතයි. නිවැරදි යෙදුම් දෙකක් පවතින මෙවැනි අවස්ථාවක අදාළ යෙදුම් දෙකෙන් එකක් අනිකට redirect කිරීම විකියේ සම්ප්‍රදාය බව යි මෙය කියවන විට මට වැටහුණේ http://en.wikipedia.org/wiki/Redirects_on_wikipedia . අදාළ නම් දෙක ම x හෙවත් y ආකාරයෙන් යෙදීම ගැන නම් බොහෝ දෙනාගේ අදහස් විමසන්න අවශ්‍ය කාරණයක් වගෙයි. මොකද මුද්‍රිත විශ්ව කෝෂයක වුණත් මාතෘකාවක් ඒ ආකාරයෙන් යොදන්නේ නැහැ නේ. අනිත් අතට මාතෘකාව බෙහෙවින් දිග අවස්ථාවක එයින් අනවශ්‍ය ගැටලුවක් හටගන්නත් පුළුවන් නේද? --Anandawardhana 12:20, 1 ජූලි 2010 (යූටීසී)[reply]
I've sent this link to my friends. They are very good in Sinhala. I hope they will help us. Sorry, I dont have Sinhala input at this time. --asiri 23:42, 1 ජූලි 2010 (යූටීසී)[reply]

කුළුණු / කුලුනු ?[සංස්කරණය]

Anandawardhana වෙත. නණ - ලළ බේදය නොදන්නා බැවින් ලිපි අන්තර්ගතවල සහ සාකච්ඡා පිටුවලදී සැමවිට කල නොහැකි වුවත් ලිපි මාතෘකා යෙදීමේදී ශබ්දකෝෂ පරිශීලනය කරමි. කුලුනු වදන යෙදීමට පෙර මම පහත ශබ්දකෝෂ 2 පිරික්සුවෙමි.

  1. දෙමටපිටිය සිංහල-ඉංග්‍රීසි ශබ්දකෝෂය සංශෝධිත මුද්‍රණය 2006 - ISBN 955-95522-6-0 (පිටුව 165)
  2. Malalasekara English-Singhala Dictionary 2008 - ISBN 978-955-21-1674-2 (පිටුව 1079)

මෙම ශබ්දකෝෂ 2ම pillar යන්නට සිංහල වදන දී ඇත්තේ කුලුන (කුළුණ නෙවේ) ලෙසයි. ඔබ පවසන ( අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත පාරිභාෂික ශබ්ද මාලාත්, හරිස්චන්ද්‍ර විජයතුංගයන්ගේ ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයත්, සිරිසේන මාඉටිපේගේ සංක්ෂිප්ත සිංහල ශබ්ද කෝෂයත්, සුමංගල ශබ්ද කෝෂයත්) ආදිය මට නැත. මා විසින් පිරික්සූ ශබ්දකෝෂ 2 නිවැරදි අක්‍ෂර වින්‍යාස ලබාදෙනු ඇතැයි මම උපකල්පනය කලෙමි. ඔබ පරිශීලනය කරන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත පාරිභාෂික ශබ්ද මාලාත්, හරිස්චන්ද්‍ර විජයතුංගයන්ගේ ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයත්, සිරිසේන මාඉටිපේගේ සංක්ෂිප්ත සිංහල ශබ්ද කෝෂයත්, සුමංගල ශබ්ද කෝෂය ලබාදීඇත්තේ කුළුණ ලෙසනම් මහා ගැටළුවක් පැනනගී. කරුණාකර මෙය විසඳාදෙන්න. Singhalawap 18:54, 2 ජූලි 2010 (යූටීසී)[reply]

ඔබේ මූලාශ්‍ර දැක්වීම ගැන ඉතා ම ස්තුතියි. ගැටලුවක් නැත. ඔබ නිවැරදි යි. ශබ්ද කෝෂ එසේ පවසන්නේ නම් කුලුනු යන්න යොදාගනිමු. එය විශ්වසනීය මූලාශ්‍රයකි. මා අතින් සිදු වූ ප්‍රමාද දෝෂය ගැන කමන්න. එහෙත් Five Pillars පිටුව සම්බන්ධයෙන් පැන නැඟි අනෙක් ප්‍රශ්නය එයාකාර ම ය. එනම් පංචස්තම්භ යන්න පංච කුලුනු යන්නට වඩා උචිත වීම යි. නොඑසේ නම් කුලුනු පහ වැන්නක් යොදාගනිමු. දැන් අදාළ පිටුව සිංහලෙන් තිබෙන නිසා අවශ්‍ය පිටුවකට එය බහාලීම කළ හැකි යි. මේ ගැන මූලාශ්‍ර සහිත ව ප්‍රතිචාර දැක්වීම ගැන නැවතත් ස්තුතියි --Anandawardhana 02:14, 3 ජූලි 2010 (යූටීසී)[reply]

== අරිය අරුණෝදය ==

== අරිය අරුණෝදය දුටුවේද ? == 

1. කල්‍යාණමිත්තසුත්තං[සංස්කරණය]

සාවත්ථිනිදානං . ‘‘සූරියස්ස, භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං - අරුණුග්ගං; එවමෙව ඛො, භික්ඛවෙ , භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං - කල්‍යාණමිත්තතා. කල්‍යාණමිත්තස්සෙතං, භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං - අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති. කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු කල්‍යාණමිත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති? ඉධ, භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං ...පෙ.... සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං.

එවං ඛො, භික්ඛවෙ, භික්ඛු කල්‍යාණමිත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතී’’ති. පඨමං.

2-6. සීලසම්පදාදිසුත්තපඤ්චකං[සංස්කරණය]

‘‘සූරියස්ස, භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, 

යදිදං - අරුණුග්ගං; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං - සීලසම්පදා. සීලසම්පන්නස්සෙතං, භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං... යදිදං - ඡන්දසම්පදා... යදිදං - අත්තසම්පදා... යදිදං - දිට්ඨිසම්පදා... යදිදං - අප්පමාදසම්පදා.... ඡට්ඨං.

7. යොනිසොමනසිකාරසම්පදාසුත්තං[සංස්කරණය]

‘‘සූරියස්ස , භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං - අරුණුග්ගං; එවමෙව ඛො, භික්ඛවෙ, භික්ඛුනො අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිම්මිත්තං, යදිදං - යොනිසොමනසිකාරසම්පදා. යොනිසොමනසිකාරසම්පන්නස්සෙතං, භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං - අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සති. කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති ඉධ, භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං...පෙ.... සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො, භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතී’’ති. සත්තමං.