විකිපීඩියා පරිපාලකවරු

විකිපීඩියා වෙතින්
විකිපීඩියාවෙහි පරිපාලකවරුන් සාමාන්‍යයෙන් නිරූපණය කරන නිරූපකය

විකිපීඩියා නම් අන්තර්ජාල විශ්වකෝෂය තුල, පරිපාලක ධූරය සඳහා සාර්ථක ඉල්ලීමකින් අනතුරුව, විශ්වාසදායක පරිශීලකයන් පරිපාලකයන් ලෙසින් පත් කල හැකිව ඇත[1]:327. සිංහල විකිපීඩියාවෙහි පරිපාලකවරුන් 3 සංඛ්‍යාවක් සිටිති [2] (අප්‍රේල් 2024 වන විට). අනෙකුත් සංස්කාරකවරුන් හා සසඳන විට, පරිපාලකවරුන්ට අමතර තාක්ෂණික වරප්‍රසාද තිබේ.

විකිපීඩියාවෙහි පරිපාලකයෙක් වීම යන්න බොහෝ විට නිරූපණය කෙරෙන්නේ "පිසදමනය දීම [හෝ ගැනීම]" ලෙසින් වන අතර,[2] එය වෙනත් තැන්හීද එලෙසින්ම භාවිතා වන ප්‍රකාශයකි.[3] 2006 වසරෙහිදී ද නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ, විකිපීඩියාව තුල එකල සිටි 1,000 පමණ පරිපාලකවරු , "භූගෝලීය වශයෙන් ප්‍රකීර්ණක" බවයි.[4]

භූමිකාව[සංස්කරණය]

පරිපාලක වරප්‍රසාද ප්‍රදානය ලැබුමෙන් අනතුරුව, කිසියම් රාජකාරි ඉටු කරනු වස් පරිශීලකයෙකුට අමතර කෘත්‍යයන් සඳහා සම්ප්‍රවේශයන් ලැබෙයි.[5] මේවා අතර, "අපිරිසිදු දේ ශුද්ධ පවිත්‍ර කිරීම",[1] නුසුදුසු යැයි සැලකෙන ලිපි මකා දැමීම, පිටු ආරක්ෂණය කිරීම (එම පිටුව සඳහා සංස්කරණ වරප්‍රසාද සීමා කිරීම),[6]:66 සහ කඩාකප්පල්කාරී පරිශීලකයන්ගේ ගිණුම් වාරණය කිරීම වෙයි. [1][5] පරිශීලකයෙක් වාරණය කිරීම සිදු කල යුත්තේ විකිපීඩියාවේ ප්‍රතිපත්ති වලට අනුකූලව වන අතර මෘදුකාංග විසින් ස්ථීර ලෙසින් ලොග ගත කෙරෙන වාරණය සඳහා හේතුව සඳහන් කල යුතුය.[1]:401[6]:120 "සංස්කරණ වාසි දිනීම" සඳහා මෙම වරප්‍රසාදය භාවිතා කිරීම නුසුදුසු බවට සැලකෙයි.[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 අයියර්ස්, ෆෝබි; මැතිව්ස්, චාල්ස්; යේට්ස්, බෙන් (2008). හවු විකිපීඩියා වර්ක්ස්. නෝ ස්ටාර්ච් ප්‍රෙස්. ISBN 9781593271763.
  2. 2.0 2.1 "විකිපීඩියා:පරිපාලකවරු". විකිපීඩියා. විකිමාධ්‍ය පදනම. සම්ප්‍රවේශය 29 ජූලි 2015.
  3. බර්ක්, මොයිරා; ක්‍රෝට්, රොබට් (අප්‍රේල් 2008). "ටේකිං අප් ද මොප්: අයිඩෙන්ටිෆයිං ෆියුචර් විකිපීඩියා ඇඩ්මිනිස්ට්‍රේටර්ස්". CHI '08 Extended Abstracts on Human Factors in Computing Systems: 3441–3446. doi:10.1145/1358628.1358871.
  4. හැෆ්නර්, කැටී (17 ජූනි 2006). "ග්‍රොයිං විකිපීඩියා රිෆයින්ස් ඉට්ස් 'එනිවන් කැන් එඩිට්' පොලිසි". ද නිව්යෝර්ක් ටයිම්ස්. සම්ප්‍රවේශය 23 ජනවාරි 2014.
  5. 5.0 5.1 මෙයර්, රොබින්සන් (16 ජූලි 2012). "3 චාට්ස් දැට් ෂෝ හවු විකිපීඩියා ඊස් රනිං අවුට් ඔෆ් ඇඩ්මින්ස්". දි ඇට්ලෑන්ටික්. සම්ප්‍රවේශය 23 ජනවාරි 2014.
  6. 6.0 6.1 එබර්ස්බැක්, අන්ජා; අඩෙලං, ඇන්ඩ්‍රියා; ඩුවෙක්, ගන්ටර්; ග්ලේසර්, මාකුස්; හෙයිග්ල්, රිචඩ්; වාර්ටා, ඇලෙක්සැන්ඩර් (2008). විකි: වෙබ් කලැබරේෂන්. ස්ප්‍රිංජර්. ISBN 9783540681731.