විකිපීඩියා:නිබන්ධනය

විකිපීඩියා වෙතින්
(විකිපීඩියා:Tutorial වෙතින් යළි-යොමු කරන ලදි)
හැඳින්වීම   සංස්කරණය පිළිබඳ තවත් ඉගෙනගන්න   විකිපීඩියාව ගවේෂණය කරන්න   නිබන්ධනය  
සමාලෝචනය කෙසේ
සංස්කරණය කරමුද
 ආකෘතිකරණය සබැඳි මූලාශ්‍ර
උපන්‍යාසය
 සාකච්ඡා
පිටු
 සිතෙහි
තබා ගන්න
 ලියාපදිංචිය අවසන් කෙරුම  

පහත දැක්වෙන පිටු (ඉහළ දැක්වෙන පටිති) වෙතින්, විකිපීඩියා ලිපි වල ශෛලීය සහ අන්තර්ගතය පිළිබඳ මාර්ගෝපදේශකත්වයක් සැපයෙන අතර, විකිපීඩියා ප්‍රජාව සහ වැදගත් ප්‍රතිපත්ති සහ සම්මත පැහැදිලි කරයි. මෙය මූලික නිබන්ධනයක් වන අතර, සවිස්තර උපදේශ සංග්‍රහයක් හෝ අන්තර්ක්‍රියාකාරි අධ්‍යයන පරිසරයක් හෝ නොවනු ඇත. ඔබ කියවමින් යන විට, නිබන්ධනයෙහි ඕනෑම තොරතුරක් පිළිබඳ වැඩිමනක් විස්තර සඳහා, සබැඳි මත ක්ලික් කිරීමෙන් වෙනත් මූලාශ්‍ර පිටු කරා යෑමට, වෙනත් බ්‍රවුසර කවුළුවක් හෝ පටිතියක් හෝ විවෘත කිරීමට ඔබට හැකි වෙයි.

"සංස්කරණ" බොත්තම පිළිබඳව සහ ඔබ නිරභීත වන විට! එය කල හැකි දේ පිළිබඳ ඉංග්‍රීසි බසින් වන කෙටි වීඩියෝවක්

මෙම අඩවියෙහි මහත් ප්‍රමාණය සහ එහි විෂය පථය පිළිබඳ නවතම දායකයෙක් වන ඔබ තරමක් විමතියට පත් සිතුවිල්ලක් සහිතව සිටිනු විය හැක. කිසිම නව පරිශීලකයෙක් විසින් ප්‍රාරම්භයෙහිදී සියල්ල වටහා ගැන්ම උගහට වන අතර, ඔබ විසින් සංස්කරණය කිරීමෙහිදී සාමාන්‍ය බුද්ධිය භාවිතා කිරීමෙහි කිසිදු වරදක් නොමැත. ලිපි තැනීම, සංශෝධනය කිරීම සහ සංස්කරණය කිරීම සඳහා විකිපීඩියාව ඔබ හට ඉඩ දෙන අතරම, ඔබ විසින් එය කිරීම අවශ්‍ය වෙයි (බලන්න නිර්භීත වන්න)! ඔබ විසින් සිහි තබා ගත යුතු එකම දෙය වන්නේ, බොහෝ නියමාවලී තිබුණද, විකිපීඩියා යනු සිදුවෙමින් පවතින කෘතියක් බැවින්, පරිපූර්ණත්වය අවශ්‍ය නොවන බවයි. සහයෝගී සංස්කරණය යනු වන්නේ, පළමුව අසම්පූර්ණ ලෙසින් හෝ නොසතුටුදායක ලෙසින් හෝ ලියැවුණු කටු සැලසුම් ලිපි, කාලය ගත වත්ම විශිෂ්ට ලිපි බවට පරිණාමය වීමයි.

විකිපීඩියා ලිපියක අරමුණ වන්නේ, කිසියම් මාතෘකාවක් පිළිබඳව දැනට පවතින මුඛ්‍ය ප්‍රවාහ දැනුම කැටි කොට, පුළුල් ලෙසින් සහ මධ්‍යම දෘෂ්ඨියෙන් ලියැවුණු සාරාංශයක් තැනීමයි. විකිපීඩියාව විසින් උත්පාදන පර්යේෂණ ප්‍රකාශයට පත් නොකරයි: එහි ස්වරූපය අනුවම, විශ්වකෝෂයක් යනු, පුළුල් ලෝකයෙහි දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති තොරතුරු පිළිබඳ විමර්ශනයකට ඉඩ සලසන තෘතියික මූලාශ්‍රයක් වෙයි.


හැඳින්වීම සංස්කරණය
කෙසේ කරමුද
  ආකෘතිකරණය  සබැඳි  මූලාශ්‍ර
උපන්‍යාසය
  සාකච්ඡා
පිටු
  සිතෙහි
තබා ගන්න
  ලියාපදිංචිය Wrap-up  

විකිපීඩියා සංස්කරණ නිබන්ධනය – හැඳින්වීම[සංස්කරණය]

විකිපීඩියා යනු සහයෝගයෙන් සංස්කරණය කෙරෙන විශ්වකෝෂයක් වන අතර එයට දායක වීමට ඔබට හැකිය. විකිපීඩියා දායකවරයෙකු වීමට මෙම නිබන්ධනය ඔබ හට උදවු වනු ඇත.

විකිපීඩියා ලිපි වල ශෛලිය හා අන්තර්ගතය පිළිබඳ කිසියම් මග පෙන්වීමක් පහත පිටු වලින් ඔබහට සපයනු ඇති අතර, විකිපීඩියා ප්‍රජාව සහ වැදගත් විකිපීඩියා ප්‍රතිපත්ති හා සම්මුතීන් පිළිබඳ කිසිවක් ඔබ හට පවසනු ඇත.

මෙය මූලික නිබන්ධනය වන අතර, විස්තීර්ණ අත්පොතක් නොවේ. ඔබ හට තවත් විස්තර අවශ්‍ය නම්, වැඩි විස්තර සඳහා ‍තවත් පිටු වලට සබැඳියන් ඇත. සුදුසු අවස්ථාවලදී ඒවා කියවීම සඳහා , ඔබ හට ඒවා වෙන්වූ බ්‍රවුසර කවුළුවක හෝ ටැබයක හෝ විවෘත කළ හැක.

ඔබ උගෙනගන්නා දෙය අත්හදාබැලුම සඳහා "වැලිපිල්ල" පිටු සඳහා සබැඳියන්ද ඇත. මේ දේ අත්හදා බලා ප්‍රායෝගිකව විමසා බලන්න! මෙම අභ්‍යාස සරියන් තුලදී ඔබ පටලැවිලි ඇති කරගෙන සියලු දෑ අවුල් කර ගත්තද කිසිවකු ඔබට දොස් නොකියනු ඇත.

හරි, දැන් අපි සංස්කරණය ගැන උගෙන ගනිමු!

සටහන: ඔබ විසින් පෙරනිමි පිටු වින්‍යාසය භාවිතා කරන බවට මෙම නිබන්ධනය උපකල්පනය කරයි. ඔබ ප්‍රවිෂ්ට වී ඔබගේ අභිරුචියන් වෙනස් කර තිබේ නම්, සබැඳියන් තිබෙන ස්ථානය වෙනස් විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:නිබන්ධනය&oldid=562576" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි