විකිපීඩියා:සංස්කරණ ප්‍රතිපත්තිය

විකිපීඩියා වෙතින්

විකිපීඩියාව යනු, සංස්කාරකවරුන්ගේ දායකත්වයන් දහස් ගණනකගේ නිපැයුමක් වන්නේ, එක් එක් දායකත්වය විසින්, මේවා පිළිබඳ විවිධ රසයන් එයට එක් කරමිනි: පර්යේෂණ නිපුණතා, තාක්ෂණික දක්ෂතාවය, ලිවීමේ ශූරභාවය හෝ තොරතුරු කැබිලිති මෙන්ම ඉතා වැදගත් ලෙසින්, උදවු කිරීමට ඇති කැමැත්ත. හොඳම ලිපි පවා, සම්පූර්ණ යැයි නොසැලකිය යුතු වන්නේ, ඒවායේ අන්තර්ගයන් වැඩි දියුණු කිරීම සඳහා නව විදර්ශනාවන් එක් එක් නව සංස්කාරකයා විසින් ඉදිරිපත් කිරීමට අවකාශ පවතින හෙයිනි.

විකිපීඩියාවට තොරතුරු එක් කිරීම[සංස්කරණය]

විකිපීඩියාවේ අරමුණ වන්නේ ජනතාවට තොරතුරු සැපයීමය; සාමාන්‍ය වශයෙන් පවසතොත්, එය විසින් වඩාත් තොරතුරු සැපයිය හැකි තරමට (එහි විෂයපථය වෙත පැනවෙන නිශ්චිත සීමාකරයන්ට යටත්ව), එය වඩාත් ඵලදායක බව සැලකිය හැක. නව ලිපි නිමැවීමෙන් හෝ පවතින ලිපි වලට තොරතුරු එක්කිරීමෙන් හෝ, විකිපීඩියා වෙත නිර්භය ලෙසින් තොරතුරු එක්කිරීමට කාරුණික වන අතර, තොරතුරු ඉවත්කිරීම සලකා බැලීමේදී විශේෂිත පරික්ෂාකාරීභාවයක් අනුගමනය කරන්න. කෙසේවෙතත්, විකිපීඩියාවෙහි තොරතුරු සත්‍යාප්‍ය වන අතර මූල චින්තන නොවිය යුතු බව, විකිපීඩියාවේ ප්‍රතිපත්තිය වෙයි.තොරතුරු සත්‍යාප්‍ය බවට දැක්වීමට විශ්වසනීය මූලාශ්‍ර වෙත ආශ්‍රය කරන ලෙසට ඔබට ආරාධනා කරනු ලැබේ. ආශ්‍රය-විරහිත තොරතුරු අභියෝගයට ලක් විය හැකි අතර, ඒවා ඉවත් කිරීමට ලක් විය හැකි වන්නේ, නොමග යවන සුළු හෝ සාවද්‍ය හෝ තොරතුරුවලට වඩා, විකිපීඩියාව තුල තොරතුරු අඩුපාඩුව වඩා හොඳ බැවිනි—විශ්වකෝෂයක් ලෙසින් විකිපීඩියාවක කීර්තිය රඳා පවතින්නේ, ලිපි තුල ඇති තොරතුරුවල සත්‍යාප්‍යභාවය සහ විශ්වසනීයභාවය මතය. මෙවැනි අභියෝග මග හරවා ගැනීමට, හොඳම පරිචයනය වන්නේ, තොරතුරු එක් කරන විටදීම "පේළිගත උපහරණයක්" සැපයීමය (මෙය කල හැක්කේ කෙසේද යන්න සඳහා, එක්තෝ මෙය බලන්න: විකිපීඩියා: මූලාශ්‍ර උපන්‍යාස කිරීම නැතිනම් ලිපි සාකච්ඡා පිටුවෙහි උදවු ඉල්ලා සිටින්න).

විශ්වසනීය මූලාශ්‍ර අවශ්‍ය වුවද, මූලාශ්‍ර පදනම් කර ගෙන ලිපි ප්‍රවර්ධනය කිරීමේදී, හිමිකම් ඇවිරුණු මූලාශ්‍රයක් පිටපත් කිරීමෙන් හෝ ආසන්නව අර්ථෝද්ධාරය කිරීමෙන් හෝ වලකින්න. විකිපීඩියාව විසින් අනෙකුන්ගේ හිමිකම් වෙත ගරු කරයි. ඔබ විසින් මූලාශ්‍රට කියවිය යුතු අතර, එය තේරුම් ගෙන, එය ඔබගේම වචන වලින් ප්‍රකාශ කල යුතුය.

සංස්කාරකවරුන් විසින් ලිපියක් වැඩි දියුණු කල හැකි තවත් ක්‍රමයක් වන්නේ, පවතින මූලාශ්‍ර-විරහිත විෂය කරුණකට මුලාශ්‍රයක් සොයා දීමෙනි. මෙය වඩාත් සත්‍ය වන්නේ, ඔබට විභව ලෙසින් මතභේදකාරී ප්‍රකාශ හමුවුවහොත්ය. මූලාශ්‍රයක් එක් කොට එයට උපන්‍යාසයක් එක් කිරීමට, ඔබ තොරතුරු එක් කල පුද්ගලයාම වීම අවශ්‍ය නැත.

  
විකිපීඩියා ප්‍රගතියෙහි පවතින කාර්යයකි: පරිපූර්ණත්වය අවශ්‍ය නොවේ
[සංස්කරණය]

ප්‍රතිපත්තිය කෙටි මං:

පරිපූර්ණත්වය අවශ්‍ය නොවේ: විකිපීඩියා ප්‍රගතියෙහි පවතින කාර්යයකි. සහයෝගී සංස්කරණය වෙතින් ගම්‍ය වනුයේ, අසම්පූර්ණ හෝ නොසතුටුදායක ලෙසින් හෝ ලියැවුනු පළමු කෙටුම්පත්, කාලය ගතවත්ම, අනර්ඝ ලිපි බවට විකාසය විය හැකි බවයි. නොසතුටුදායක ලිපි පවා, ඒවා වැඩිදියුණු කල හැකි නම්, සාදරයෙන් පිළිගැනෙයි. උදාහරණයක් ලෙසින්, කිසියම් විෂය කරුණක් පිළිබඳ සමාලෝචනයක් හෝ අහඹු තතු කිහිපයක් සහිතව එක් පුද්ගලයෙකු විසින් ලිපියක් ඇරඹිය හැක. ලිපියෙහි ආකෘතිකරණය සම්මතය පරිදී සැකසීමට හෝ අමතර තතු සහ රූප සටහන් හෝ ග්‍රාපිතයක් හෝ එක් කිරීමට අනෙකෙක් උපකාරී විය හැක. ලිපිය විසින් ඉදිරිපත් කෙරෙන අදහස් වලට වඩාත් හොඳ සම බර බවක් එක් කිරීමට සහ, පවතින අන්තර්ගතයෙහි තතු- පරික්සීම සහ එයට මූලාශ්‍ර එක්කිරීම තවෙකෙක් විසින් සිදු කල හැක. මෙම ක්‍රියාවලියෙහි ඕනෑම ස්ථානයකදී, අසංවිහිත හෝ උපසම්මති ලිවීම් සහිත හෝ බවට ලිපිය පත්විය හැක.

ලිපියක පරිපූර්ණත්වය අවශ්‍ය නොවුනද, ජීවත්වන (හෝ මෑතකදී මියගිය) පුද්ගලයෙකු පිළිබඳ ලිපියක අඩංගු, මූලාශ්‍ර-විරහිත හෝ නොසතුටුදායක ලෙසින් මූලාශ්‍රිත හෝ විවාදශීලී කරුණු —මෙම කරුණු නිෂේධාත්මක, ධනාත්මක, මධ්‍යස්ථ හෝ, යම්තම් සැකමුසු යන ඕනෑම ගණයකට අයත් නම්— වහාම සහ සංවාදයට පාත්‍රවීම සඳහා පොරොත්තු නොවෙමින් (මෙම වාද විෂය පිළිබඳ වැඩි දුර කරුණු සඳහා ජීවත්වන පුද්ගලයන්ගේ චරිතාපදාන යන විකිපීඩියා ප්‍රතිපත්තිය බලන්න) මකා දැමිය යුතුය.