විකිපීඩියා:විකිපීඩියාවට දායකත්වය සැපයීම
විකිපීඩියාවේ ඉලක්කය වන්නේ මානව දැනුමෙහි සමස්තය එකට කැටි කොට වෙබ්-පාදක, නිදහස් අන්තර්ගතයකින් සමන්විත විශ්වකෝෂයක් නිපැයීමය. පහත දැක්වෙන අයුරින් විකිපීඩියාවට දායකත්වය සැපයීමෙන් මෙම ඉලක්කය සපුරාලනුවස් ඔබ හට උදවු විය හැක. බොහෝ ලිපි අරභයා සාමාන්‍ය නඩත්තු කටයුතු වඩාත් සිදුඅකිරීමට ඔබ රිසි නම්, කරුණාකර විකිපීඩියා:නඩත්තුව බලන්න. අත්‍යන්ත වැදගත්බවක් උසුලන ලිපි විකිපීඩියා:ප්‍රමත්ත සමුදාය හි දක්නට ලැබෙනු ඇත.
[සංස්කරණය] ගිණුමක් තනන්න
විකිපීඩියාව කියවීම සඳහා එයට ඔබ ප්‍රවිෂ්ට විය යුතු යැයි අවශ්‍යතාවක් නොමැත. විකිපීඩියාවේ ලිපි සංස්කරණය කිරීමට පවා එයට ප්‍රවිෂ්ට වීය යුතුම නැත. ඕනෑම අයෙක් පාහේ විසින් ඕනෑම ලිපියක් පාහේ යම් කිසි වේලාවකදී සංස්කරණයට ලක් කිරීම, ප්‍රවිෂ්ට නොවී හෝ සිදු කල හැක. එනමුදු, ගිණුමක් තැනීම සඳහා මුදලක් අය නොකෙරෙන අතර එසේ කිරීමෙන් ප්‍රතිලාභ කිහිපයක් අත් වෙයි.
[සංස්කරණය] ඔබට කල හැකි දේ
[සංස්කරණය] ලිපි
ලිපි තැනීමට ඔබහට උදවු විය හැකි මායා අඳුනක් භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමුකරන්න. මායා අඳුන බලන්න.
විකිපීඩියාවේ මහත් කොටසක් සමන්විත වන්නේ ලිපි වලිනි. එක් එක් ලිපිය කිසියම් මාතෘකාවක් පිළිබඳ වෙයි.