විකිපීඩියා:අතීතයේ අද වැනි දිනක/නොවැම්බර් 15

විකිපීඩියා වෙතින්

නොවැම්බර් 15: බ්‍රසීලයේ ජනරජ දිනය (1889); ජපානයේ සිචි-ගො-සන්

Evangelos Zappas

  • 655 – එංගලන්තයේ, වර්තමාන යෝර්ක්ෂයර්හි වින්වෙයිඩ්හී සටනෙහිදී නොතම්බ්‍රියාහී ඔස්වියු රජ විසින් මර්සියාහී පෙන්ඩා රජ පරාජය කෙරිණි .
  • 1859ඉවැන්ජලොස් සාප්පාස් (සේයාරුවෙහි) නම් ව්‍යාපාරිකයා වෙතින් ලද අනුග්‍රාහකත්වය යටතේ, ඔලිම්පික් තරගයන්හී පළමුවන නූතන පුබුදුව ග්‍රීසියේ ඇතන්ස්හීදී සිදුවිය.
  • 1935මැනුවෙල් එල්. ක්වෙසොන් එහි ප්‍රාරම්භක ජනාධිපති ලෙසින් පත් කරමින් පිලිපීන පොදුරාජ්‍ය මණ්ඩලය නිල වශයෙන් පිහිටුවන ලදි.
  • 1943සමූලඝාතනය: හෙයින්ර්ච් හිම්ලර් නියෝග කළේ රොමානිවරුන් " දේශපාලන සිර කඳවුරු තුල යුදෙව්වන් හා එකම මට්ටමෙහි සලකා තැබිය යුතු" බවයි.
  • 1983තුර්කි සයිප්‍රස වරුන් විසින් සයිප්‍රසයේ ඊසාන දිග කොටසෙහි උතුරු සයිප්‍රස තුර්කි සමූහාණ්ඩුව නමින් නව රාජ්‍යයක් බිහිකල බව ප්‍රකාශ කළ අතර මේ වන තුරු තුර්කිය විසින් පමණක් පිළිගැනීමට ලක්ව ඇත.
  • තවත් සිදුවීම්: නොවැම්බර් 14 නොවැම්බර් 15 නොවැම්බර් 16