විකට කාටුන් තීරුව

විකිපීඩියා වෙතින්
වින්ඩ්සර් මැකේගේ ලිට්ල් මෙමෝ : - මෙය ඉරු දින කාටුන්තීරු අතර පෙර සිට බොහෝ දෙනා දන්නා එක් කාටුන් තීරුවකි. මෙහි සජීවීකරණ රූපමාලාවක් ඉහළින් ඇති අතර ඊට යටින් යථාර්ථවාදී වූත් සිතින් මවා ගත් සිහිනාකාර නාට්‍යාකාර සිදුවීම් මාලාවක් සේ ලියැවුණු වදන් ඊට යටින් සටහන් වේ.

තවද මේ හාස්‍ය ජනක කාටුන් තීරු චිත්‍ර හෝ චිත්‍ර මාලාවක් වන අතර ඉන් කතාවක් පිළිබිඹු වේ. පුවත්පත්වල හෝ අන්තර්ජාලයේ නැවත නැවත පලවන පදනම යටතේ (දිනපතා හෝ සතිපතා) මෙවැනි තීරු පලවන අතරේ ඒවා ලියැවෙන්නේ හා චිත්‍රගත කරන්නේ කාටුන් ශිල්පියෙකි. එක්සත් රාජධානියේ සහ සමහර යුරෝපීය රටවල ද, පිටු තුනකින් පටන් ගෙන එකිනෙක හා බැ‍ඳෙන තීරු කතාංග, විකට කාටුන්, සඟරා (කාණ්ඩ ගතකර) පල වේ. ඇමරිකා එක්සත් ජනපදයේ සඟරාවලද “ බෝයිස් ලයිෆ්” වැනි විකට කාටුන් කතා දැකිය හැක. චිත්‍ර භාවිතයෙන් කතා කීමේ හෝ ලිවීමේ හැකියාව පුරාණ ඊජීප්තු වරුන්ගේ කාලයේ සිට පැවතෙන අතර උදාහරණයක් ලෙස ජර්මනියේ සහ එංගලන්තයේ 19 වන ශතවර්ෂයේ සිට විද්‍යාමාන වේ.ඇමරිකානු විකට කාටුන් තීරු මෙම ආකෘතිය 20 වන ශත වර්ෂය වන විට වැඩි දියුණු කරගෙන ඇත. එය මෙවැනි අංග සහිත කතා (වර්ඩ් බැලූන්) බැලූනයක් තුළ ලියන වචන කතා කරන ඒවාද, තොප්පිය ඉහළ යන විට ‘පුදුමය’ හඟවන සේද නොයෙකුත් විශේෂ අඟවන පද , පින්තූර මගින් කේන්තිය, ශාප කිරීම වැනි දේද විදහා දැක්විණ. ප්‍රථම කාටූන් විකට පොත් පුවත්පත්වල පල වූ කාටුන් තීරු එකතු කර සාදාගත් එකතුවකි.

නම දුටු සැණින් කාටුන් තීරුවලට සිනහ උපදවිය හැක. (බ්ලෙන්ඩ්, බ්‍රින්ගින් අප් ෆාදර් පර්ල් බිෆෝ ස්වයින්) 1930 - මුල් අවධියෙන් ආරම්භ වූ කාටුන් තීරු වික්‍රමාන්විත කතාද සහිත විය.බක්රොජස්, ටාසන් සහ ටින් ටින්ගේ වික්‍රම මින් ප්‍රථම ඒවායින් සමහරකි. සෝප් ඔපෙරා නම් දිගින් දිගට බැ‍ඳෙන කතා ජජ් පාකර්, මේරි වර්ත් වැනි ඒවා 1940 ගණන්වල ඉතා ජනප්‍රිය බවක් ලබා ගති. විල් එයිස්නර් නම් ප්‍රසිද්ධ කාටුන් තීරු ශිල්පියා මෙය අනුක්‍රමික කලාව (sequential) ලෙස ද හැඳින්වීම වඩාත් සුදුසු යැයි යෝජනා කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=විකට_කාටුන්_තීරුව&oldid=465119" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි