වැසිලි ආකිපොව්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
වැසිලි අලෙක්සාන්ද්‍රොවිච් ආකිපොව්
Vasili Arkhipov.jpg
උපත 1926 (1926)
ස්ටාරයා කුපව්නා, මොස්කව් ඔබ්ලාස්ට්, සෝවියට් සංගමය
මරණය 1999 (72–73 වයසැතිව)
පක්ෂපාතිත්වය Flag of the Soviet Union.svg සෝවියට් සංගමය
සේවය/ඛණ්ඩය  සෝවියට් සංගමය නාවික හමුදාව
සේවය කළ වසර 1945-1980 ගණන්
පදවිය වයිස් අද්මිරාල්
සටන්/යුද්ධ දෙවන ලෝක යුද්ධය
කියුබානු මිසයිල අර්බුදය
ප්‍රදාන Order of the Red Banner
Order of the Red Star

වැසිලි අලෙක්සාන්ද්‍රොවිච් ආකිපොව් (රුසියානු බසින්: Василий Александрович Архипов) (1926 ජනවාරි 30 – 1999) සෝවියට් නාවික නිලධරයකු විය. කියුබානු මිසයිල අර්බුදය අතරතුරදී ඔහු න්‍යෂ්ඨික ටෝපීඩෝවක් දියත් කිරීම වැලකූ අතර ඒ හරහා ඇතිවිය හැකිව තිබූ න්‍යෂ්ඨික යුද්ධයක් වැලකීය. අද වන තුරුත් ඔහුගේ කථාව බොහෝ දෙනා නොදන්නා මුත්, සමහරු විශ්වාස කරන්නේ "වැසිලි ආකිපොව් නම් මිනිසෙකු ලෝකය බේරාගත්තේය." යන්නයි.

කියුබානු මිසයිල අර්බුදය[සංස්කරණය]

1962 ඔක්තෝබර් 27 වන දින (කියුබානු මිසයිල අර්බුදය අතරතුර ) සෝවියට් ෆොක්ස්ට්‍රොට් පන්තියේ B-59 සබ්මැරීනය එක්සත් ජනපද නාවික හමුදා ඩිස්ට්‍රෝයර් නෞකා එකොළහක් සහ ගුවන් යානා වාහක නෞකාවක් විසින් කොටුකරගනු ලදී. සබ්මැරීනය හඳුනා ගනු වස් මතුපිටට ගෙන්වා ගැනීමට ඒමට සිදුවන ලෙස නෞකා විසින් පුහුණු ගැඹුරු බෝම්බ දැමීම ඇරඹින. මේ පිළිබඳව සබ්මැරීනයට දැනුම් දී තිබුනද, දැනටමත් යුද්ධයක් ඇරඹී තිබෙන්නට හැකිය යන විශ්වාසය තිබූ සබ්මැරීනයේ කපිතාන් වලෙන්තින් ග්‍රිගොරියෙවිච් සවිට්ස්කි හට න්‍යෂ්ටික හිසක් සහිත වූ ටෝපීඩෝවක් දියත් කිරීමට අවශ්‍ය විය.

සබ්මැරීනයේ සිටි නිලධාරීන් තිදෙනෙක් - සවිට්ස්කි, දේශපාලන නිලධාරී ඉවාන් සෙමොනොවිච් මස්ලෙනිකොව්, සහ දෙවැනි නිලධර ආකිපොව් - ඒකමතිකව එකඟ වන්නේ නම් පමණක් න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කිරීමට අවසර ලැබී තිබිණ. මේ අවස්ථාවේ තිදෙනා අතර පැන නැගුණු විවාදයේදී ප්‍රහාරය එල්ල කිරීමට විරුද්ධ වූයේ ආකිපොව් පමණකි. සබ්මැරීනය මතුපිටට ගෙන, මොස්කව් සිට නියෝග ලැබෙන තෙක් කල් බැලීමට අවසන ඔහු සවිට්ස්කි ව පොළඹවා ගත්තේය. ඇති වීමට හැකිව තිබූ න්‍යෂ්ඨික යුද්ධයක් මෙසේ වැළකින.

පසු දිවිය[සංස්කරණය]

2002 දී පැවති කියුබානු මිසයිල අර්බුදයට 40 වසරක් පිරීමේ සංවත්සරය තෙක් අර්බුදය සමයේ න්‍යෂ්ඨික අවි සහිත සබ්මැරීන සෝවියට් දේශයට තිබූ බව හා සබ්මැරීනය තුල වූ මෙම සිදුවීම ලෝකයට රහසක් ව පැවතින. න්‍යෂ්ඨික යුද්ධය මිනිස්සු සිතුවාට වඩා ඉතා ආසන්නව පැවති බව මෙහිදී රොබට් මැක්නමාරා පිලිගත්තේය.[තහවුරු කරන්න]

බාහිර සබැඳි[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=වැසිලි_ආකිපොව්&oldid=251199" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි