ව්‍යාපෘති කළමනාකරණය

විකිපීඩියා වෙතින්

ව්‍යාපෘතියක් ලෙස අර්ථ දක්වන්නේ යම් අරමුණක් හෝ පරමාර්ථයක් සපුරා ලීම සඳහා කලින් තීරණය කරනලද නිශ්චිත කල රාමුවක් තුල ඉලක්ක ගත ප්‍රතිලාභීන් සමුහයක් වෙත යම් සම්පත් ප්‍රමාණයක් යොදවමින් ක්‍රියාත්මක කරන එකිනෙකට සම්බන්ධ අනු ක්‍රියාකාරකම් සමුහයකටයි

ව්‍යාපෘතියක ප්‍රධාන ලක්ෂණ

  • නිශ්චිත අරමුණ හෝ අරමුණු
  • නිශ්චිත කාලසීමාවක්
  • එකිනෙකට සම්බන්ධ වූ ක්‍රියාකාරකම් සමුහයක්
  • වෙන්කරන ලද නිශ්චිත සම්පත් (මානව/ භෞතික) ප්‍රමාණයක්
  • ඉලක්කගත ප්‍රතිලාභීන් කණ්ඩායමක්
  • බලාපොරොත්තු වන තත්ත්වයක්
  • නියමිත මුදල් ප්‍රමාණයක්

සම්බන්ධ භූමිකාවන්

ව්‍යාපෘතියක සාර්ථකත්වය

ව්‍යපෘති වර්ග

ව්‍යාපෘති කළමණාකරණයට අදාල වන ආපදා කළමණාකරන ක්‍රියාකාරම්

පහත දැක්වෙන වැඩකටයුතු ව්‍යාපෘති කළමණාකරනයේදී තිබෙන ආපදා කළමණාකරන ක්‍රියාකාරම් වේ.

ව්‍යාපෘතියක ආපදා කළමනාකරණයට සැලසුම සැදීම එය‍ට ආපදා කළමනාකරණ කාර්යයන්, වගකීම් හා ක්‍රියාකාරකම් අයත් වේ.
ක්‍රියාකාරකම් සිදු කිරීම මොහුගේ වගකීමයි.
සජීවි ආපදා දත්ත ගබඩාවක් තබා ගැනීම, එනම් සැම ආපදාවක්ම එහි ආරම්භක දිනය, මාතෘකාව සම්භාවිතාව කුඩා විස්තරයන් හා අදාළ ආපදාව විසදිමට වගකිය යුතු පුද්ගලයෙකු සිටිනම් ඒ ගැන හා ආපදාව නිරාකරණයට ඔහුට දුන් කාලය අඩංගු විය යුතුය.
නිර්නාමික වාර්තාකරණ ක්‍රමයක් සැකසිම. කණ්ඩායමේ සැම සාමාජිකයෙකුටම ඔවුන්ට ඉදිරියේ ඇතැයි හැගෙන ආපදා වාර්තා කළ හැකි විය යුතුය.
අවම කිරිමට තෝරාගත් අපදාවන් අවම කිරිමට සැලසුමක් සැදීම, මෙහිදි ආපදාව හසුරවන ක්‍රමය (කවදාද, කවුරැන් විසින්ද කෙලෙසද හා එය වගකිමක් බවට පත්වුනොත් ඇතිවන ප්‍රති විපාකයන් අවම කිරිම ඒ සඳහා උචිත ක්‍රම)
සැලසුම් කළ හා මුහුණ දුන් ආපදා ආපදා අවම කිරිමේ වැඩකටයුතු වල සාර්ථකත්වය, ආපදාව කළමනාකරණය දරූ ආයාසය යන කරුණු පිළිබද සාරාංශයක් පිළියෙල කිරීම

ආපදා කළමනාකරණය හා ව්‍යාපාරයේ පැවැත්ම

ආපදා කළමනාකරණය යනු, ව්‍යාපාරයට එල්ල වන තර්ජනයන් හදුනාගෙන වඩාත් ලාබදායි ක්‍රමයට ඒ සදහා පිළියම් ගන්නා ක්‍රමයකි. ප්‍රයෝගික හා ආර්ථික හේතුන් නිසා ආපදා සම්පුර්ණයෙන් වැළැක්වීම කළ නොහැකිය. එබැවින් යම් දුරකට ආපදාවන්හි බලපැමක් සැම ආයතනයකටම ඇත.

BCP - ව්‍යාපාර පවත්වාගෙන යාමේ සැලසුම (business continuity Plan) මගින් අවශිෂ්ට ආපදාවන්ගේ ප්‍රතිවිපාකයන් හදුනා ගනී. BCP සකසා ඇත්තේ කාලය සමග සිදුවිය හැකි ආපදාවන් හදුනාගැනිමටයි. BCP හා අපදා කලමනාකරණය එකිනෙකට වෙනස් ප්‍රතිවාදි ක්‍රම ලෙස සැලකුවත් එම ක්‍රම දෙක එකිනෙක හා බැදි පවති. උදාහරණයක් ලෙස ආපදා කලමනාකරණයෙන් BCP සදහා වැදගත් ආපදාවේ විස්තර (මිල, ක්‍රම) හා පිළියම් ඉදිරිපත් කරයි. කෙසේ වෙතත් ආපදා කළමණාකරණයට වඩා පුළුල් පරාසයක් මෙමගින් ආවරණය කරයි. (ආපදාව නිගමනය කර නොමැති BCP හි එහි බලපෑම ඉදිරියේදි ප්‍රතිවිපාක පුළුල්ව විග්‍රහ කරයි.)

ආශ්‍රිත

Risk management activities as applied to project

"https://si.wikipedia.org/w/index.php?title=ව්‍යාපෘති_කළමනාකරණය&oldid=307458" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි