වස විසෙහි ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වස විසෙහි ඉතිහාසය ක්‍රි.පූ.4500 සිට වර්තමානය දක්වා විහිදෙන්නේය.මිනිස් වර්ගයාගේ පැවැත්මෙහි විවිධ අවධියන්හි වස විස නොයෙක් අභිප්‍රායන් සඳහා යොදාගත් අතර,මෙම විෂ වර්ග සර්ප විස සඳහා කරනු ලබන ප්‍රතිකාර වලට(Anti-venom) සහ ‍ඖෂධ සඳහා සුලභ ලෙස යොදා ගන්නා ලදී.විද්‍යා ශාස්ත්‍ර අතරින් විෂ විද්‍යාව සහ තාක්ෂණය යන අංශ වල අභිවෘද්ධිය සඳහා විෂ වර්ග භාවිතා කිරීමට අවසර ලබා දී ඇත.

ආදි කාලීනව මෙම විෂ වර්ග සොයාගත් අතර, ප්‍රාග් ශිෂ්ටාචාරයන්හි පැරැන්නන් ගොදුරු අල්ලා ගැනීමේදී සහ සතුරන් විනාශ කිරීමේදී ඉක්මනින් සහ සුරක්ෂිතව එම කාර්යය ඉටු කර ගැනීම සඳහා දඩයම් ආයුධයක් ලෙස මේවා යොදා ගන්නා ලදී.වස විස භාවිතය ක්‍රමෙයන් වැඩිදියුණු වූ අතර බොහෝ පැරැන්නෝ විෂ වර්ග ව්‍යාප්ත කිරීම සඳහාම වූ ආයුධ තැලීමට පටන් ගත්තෝය.පසු කාලීන ඉති‍හාසයේ, විශේෂයෙන් රෝමානු ආධිපත්‍යය පැවතුනු කාලෙය් බහුලව මිනිස් ඝාතනය සඳහා වස විස යොදා ගන්නා ලදී. ක්‍රි.පූ.331 ක් වූ බොහෝ ඈත අතීතයේ වසවීම වාර්තාගත වූයේ රාත්‍රී කෑම මේසයේ දී හෝ මත්පැන් වලට මිශ්‍ර කිරීමෙනි, පසුව එම ප්‍රයෝගය සුලභව සිදු කරන්නක් විය.සියලු සමාජ පන්තීන් අතර මාරක ද්‍රව්‍ය භාවිතය දැක ගත හැකි අතර රදළ පැළැන්තියේ මිනිසුන් පවා ඔවුනට අනවශ්‍ය දේශපාලන සහ ආර්ථික ප්‍රතිවිරෝධීන් ඉවත් කිරීම සඳහා විෂ වර්ග බොහෝ විට යොදාගන්නා ලදී.

මධ්‍යකාලීන යුරෝපයේ ප්‍රසිද්ධ නොයෙක් විෂ වර්ග වලට ඖෂධ සොයාගත්තද, වස විස මිනිසුන් ඝාතනය කිරීමේ ඉතා ජනප්‍රිය ක්‍රමයක් විය. වස විස වර්ග ලබා ගැනීමේ හැකියාව වැඩි වීමත් සමග ම මෙම තත්වය උත්සන්න විය. ඇපොතිකරි (apothecaries) සාප්පු සහ නොයෙක් ඔසු වෙළෙඳ සැල් සාමාන්‍ය ජනයාට පොදු වූ බැවින් සාම්ප්‍රදායිකව රෝගනාශක සඳහා යොදාගත් ද්‍රව්‍ය බොහෝ අශුභ කාරණා සඳහා යොදාගන්නට විය. මෙම කාලයට ඉතා ආසන්නව මධ්‍යම ආසියාවේ අරාබීන් ගන්ධයක් නොමැති, විනිවිද සහ විෂ වර්ගය සොයාගැනීමට අපහසු වන ලෙස ආසනික් වර්ගයක් නිෂ්පාදනය කළහ. තවද මෙම විෂ වසංගතය ආසියාවේ සමහර ප්‍රදේශ වලටද ව්‍යාප්ත විය.

ශත වර්‍ෂ ගණනාවකට ඉහත කාලය තුලදී මෙම හානිකර විෂ ප්‍රභේදයන් භාවිතය නොනවත්වා වැඩි වීමට පටන් ගත්හ. වස විස සඳහා කරන්නා වූ ප්‍රතිකාර වලින් ලැබෙන ආදායම් ද මෙයට සමාන්තරව වැඩි වෙමින් පැවතුණි. අද්‍යතන යුගයෙහි, චේතනාන්විත වස විස එක් කිරීම් මධ්‍ය යුගයට වඩා බොහෝ අඩු වශයෙන් දක්නට ලැබේ. අනෙක් අතට බොහෝ විට අවධානය යොමු වන්නේ දෛනික ජීවිතයේ අප භාවිතා කරන ද්‍රව්‍ය සහ නිශ්පාදිතයන්ගෙන් සිදු වන අහඹු වස විස වීම් වලින් වන අනතුරු සඳහාය.

නූතන යුගයේ, විෂ වර්ග හිතකර නිර්මාණ සඳහා යොදා ගැනීම සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වී ඇත. වර්තමානයේදී පළිබෝධ​නාශක ද්‍රව්‍ය, විශබීජ නාශක, ශෝධන ද්‍රාවණ සහ සංරක්‍ෂණ ද්‍රව්‍ය සඳහා විෂ වර්ග යොදා ගනී.එහෙත් අප්‍රිකාව, දකුණු අමෙරිකාව සහ ආසියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ඉතා දුර බැහැර පෙදෙස්වල දඩයම් මෙවලමක් ලෙස නිරන්තරව මේවා භාවිතා කරනු දැකිය හැක.

වස විසෙහි උපත[සංස්කරණය]

ස්ට්‍රික්නොස් ටොක්සිෆ්‍රා (Strychnos toxifera), විස සහිත උල් සහ ඊතල සෑදීම සඳහා යොදා ගන්නා ශාකයකි.

පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අනුව පුරාණ මිනිස් වර්ගයා කෙටේරිය, කලාබර සහ පසු කාලීන අසිපත් ආවේණික යුද්ධායුධ ලෙස යොදාගත් අතුරෙහි ඔවුන් වඩා සියුම්, විනාශකාරී, විෂ වර්ග තුලින් මරණය පමුණුවන උපාය මාර්ගයන් බලාපොරොත්තු වූ බව සනාථ කර ඇත. පුරාතන මිනිසා විචල්‍ය වූ ශක්තීන්ගෙන් යුත් විෂ වර්ග සොයාගෙන ඒවා අවිආයුධ සඳහා යොදාගත් බව සනාථ කරමින්, ඔවුන්ගේ දඩයම් අවිආයුධ සහ මෙවලම් අතර ටියුබොකියුරාරින් (tubocurarine) වැනි, විෂ වර්ග ගබඩා කර ගත හැකි සහ ග්‍රහණය කර ගත හැකි පීලි සාමාන්‍ය වශයෙන් සොයාගැනීමට හැකි වී ඇත.මෙම විශේෂිත වූ හානිකර ද්‍රව්‍යවල පැවැත්ම සහ භාවිතය, තම වර්ගයේ හා කාණ්ඩයේ වඩා වැදගත් සහ උසස් අනුතැන් දරන සාමාජිකයන් අතර රහසක් ලෙස පවත්වාගෙන ගොස් ඇති ලෙසත් මොවුන් එය උසස් බලතලයන්හි සලකුණක් ලෙස පවත්වාගෙන ඇති බවටත් ඇතැමුන් අනුමාන කරති. මෙය ඒකාකීතික කට්ටාඩියා හෝ සූනියම් කාරයා යන සංකල්පයේ උපතට තුඩු දුන් කාරණයක් විය හැක.

මිනිසුන් විසින් වස විසෙහි භාවිතය හා අනතුරුදායක බව ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැනගත් කල්හි, එසඳහා යමක් කිරීමට අවශ්‍ය බව පෙනෙන්නට විය. ක්‍රි.පූ.114-63 කාලය තුල පොන්ටස් (Pontus) නැමැති රාජධානියේ (උතුරු ඇනටෝලියාවේ ආදි හෙලනිස්තික රාජ්‍යයකි) රජ කල VI වන මිත්‍රිඩේට්ස් රජු, තමුන් වස විස මගින් ඝාතනයට ලක් වේ යැයි සතත බියකින් පසු වුනේය.ඔහු විස වර්ග සඳහා ඖෂධ සෙවීමේ ක්‍රියාවලියේ කාර්‍යක්‍ෂම පුරෝගාමියෙක් බවට පත් වූහ. ඔහුගේ තානාන්තරයේ තිබූ බලතල නිසා අපරාධකරුවන් ඉදිරියේ මෙම විෂ වර්ග අත්හදා බැලීම් ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා තිබිය හැකි ප්‍රතිවිෂ සොයාගැනීමටත් ඔහුට හැකි විය.දිනපතා විෂ ප්‍රමාණයක් ශරීරයට ඇතුල් කර ගැනීමෙන් ඔහුට හැකි තරම් විෂ ප්‍රමාණයකට තම ශරීරය ප්‍රතිශක්ත කිරීම සඳහා තැත් කිරීමට තරම් ඔහු මානසික විකෘතිභාවයකින් පෙළුනේය. අවසානයේදී, එකල ප්‍රසිද්ධව පැවති ඖෂධ ප්‍රතිකාර දුසිම් ගණනක කුඩා කොටස් සංයුක්‍ත කර එක් සූත්‍රයක් සොයා ගැනීමට ඔහුට හැකි විය. එය ඔහු විසින් මිත්‍රිඩේටියම් (Mithridatium) ලෙස නම් කරන ලදී. උතුම් වූ පොම්පේ (Pompey) විසින් ඔහුගේ රාජධානිය ආක්‍රමණය කර රෝමයට අල්ලා ගන්නා තෙක් මෙය රහසක්ව පැවතුණි. පොම්පේ විසින් පරාජයට පත් වූ පසුව මිත්‍රිඩේට් රජුගේ ඔසු පැළෑටි පිළිබඳ වූ ප්‍රතිලේඛන සහ සටහන් රෝමානුවන් විසින් ගන්නා ලද අතර ඒවා ලතින් භාෂාවට පරිවර්තනය කරන ලදී.

ප්ලිනි (Pliny the Elder) නම් කර්තෘවරයා විෂ වර්ග 7000 කට වැඩි ප්‍රමාණයක් පෙන්වා දී ඇත. ඔහු එක් වස වර්ගයක් ගැන මෙසේ විස්තර කරයි. "පොන්ටස් හි එක්තරා පළාතකින් විස සහිත ආහාර වලින් ජීවත් වූ තාරාවකුගේ රුධිරය හමු වූ අතර, එම තාරාවා විස සහිත ආහාර මගින් පෝෂ්‍ය වී ඇති බැවින් සහ එයින් එම තාරාවාට කිසිදු හානියක් සිදු නොවූ බැවින් පසුව එම තාරාවාගේ රුධිරය මිත්‍රිඩේටම් සැකසීම සඳහා භාවිතා කරන ලදී.”

ඉන්දියාව[සංස්කරණය]

සස්ශෘත (Sushruta) නම් ඉන්දීය ශල්‍ය වෛද්‍යවරයා මන්දගාමී වස වීමෙහි අවධීන් පිළිබඳව සහ ඒ සඳහා කරනු ලබන පිළියම් ගැන සවිස්තර කර ඇත. එමෙන්ම ඔහු විෂනාශක ඖෂධ සහ වස වීමෙන් ඇති වන ප්‍රතිවිපාක සඳහා එරෙහිව ක්‍රියා කරනු ලබන සාම්ප්‍රදායික ද්‍රව්‍යයන් පිළිබඳව සඳහන් කර ඇත.

ආදිකාලීන ඉන්දියාවෙහි (ancient India) විෂ සහිත යුද්ධායුධ භාවිතා කරන ලද අතර යුද්ධෝපාය ක්‍රමයක් ලෙස විෂ වර්ග යොදාගෙන ඇත. “Jalam visravayet sarmavamavisravyam ca dusayet” නම් සංස්කෘත ශ්ලෝකය පරිවර්තනය කළ විට මෙසේ දැක්විය හැක. "ළිඳෙහි වතුරට විස මිශ්‍ර වුවහොත් එය අවසානයේදී දූෂිත ළිඳක්ම වනු ඇත."

කෞටිල්‍ය නමින් ද හැඳින්වූ චානක්‍ය (ක්‍රි.පූ.350-283) නම් ආචාර්‍යවරයා පළමු මයුර අගරජ වන චඳ්‍රගුප්තගේ (ක්‍රි.පූ.340-293) උපදේශක සහ මහ ඇමති තනතුර හෙබවීය.කෞටිල්‍යගේ අදහස වූයේ එකල සේවයෙහි යෙදීම යනු රහස්‍ය ලෙස අවිආයුධ භාවිතය, දූෂණය සහ දේශපාලන අභිමතාර්ථ සඳහා වස විස යෙදවීම. වැනි දේ ලෙසය. ඔහු ද රස පරීක්‍ෂකයන් යොදවා ආහාර වල ඇති විස වර්ග සොයා ගැනීමට විධි විස්තර විභාග කර, වස විස මගින් සිදු වන ඝාතනයට එදිරිව පූර්වෝපායන් සෙවීමට බලවත් උනන්දුවක් දැක්වූහ.මෙයට අමතරව රාජ්‍ය නියෝග උල්ලංඝනය කරන අය සඳහා බොහෝ විට මරණීය දණ්ඩනය පමුණුවන ලද්දේ වස විස යොදා ගනිමිනි.

ඊජිප්තුව[සංස්කරණය]

අතීතයේ දඩයම් අවි ආයුධයක් ලෙස යොදාගත්, ගිනිගලින් සෑදූ අසිපතක් සහ හෙල්ලක සිතුවමකි.

අනෙකුත් සභ්‍යත්වයන් මෙන් නොව වස විස භාවිතය ගැන ඊජිප්තුවන්ගේ (Egyptian) දැනුම පිළිබඳ ලේඛන ආසන්න වශයෙන් ක්‍රි.පූ 300 දී සිට පමණ ඉතිහාස ගත වී ඇත. කෙසේ වුවද පුරාණ ලේඛන අනුව පෙනී යන්නේ ඈත අතීතයේ සිටි මිසරදේශීය පාරාවෝ (Pharaoh), මීනීවරු (Menes) විෂ සහිත ශාඛ සහ සර්ප විෂ වල ගුණ පිළිබඳව අධ්‍යනය කර ඇති බවට ඇතැමුන් විශ්වාස කරන බවයි.

කෙසේ වුවද ටොලමිවරුන්ට අයත් වූ, මිසරදේශයේ ජනතාවට විෂ වර්ග පිළිබඳව තිබූ දැනුම ගැන ආදිරසායනඥයකු වන අගාතඩයමන්ගේ(ආසන්න වශයෙන් ක්‍රි.පූ.100) ලියවිලි මගින් සාධනය කළ හැක.තවද ඔහු නේට්‍රන් සමග මිශ්‍ර කළ විට සැර විෂ වර්ගයක් සාදන ඛනිජමය ද්‍රව්‍යක් (හඳුනා නොගත්) පිළිබඳව ප්‍රකාශ කර ඇත.මෙය ජලයෙහි නොපෙනී යමින් විශද ද්‍රාවණයක් ගෙන දෙන විෂ වර්ගයක් ලෙස ඔහු විසින් හඳුන්වා ඇත.

එම්ස්ලී විසින් මෙම සැර විෂ වර්ගය ආසනික් ට්‍රයොක්සයිඩ් ලෙසද, හඳුනා නොගත් ඛනිජමය ද්‍රව්‍ය සහ අගතාඩයමන්ගේ අනෙකුත් ලියවිලි සලකා බැලීමෙන් එය රියල්ගා (Realgar) හෝ ඕර්පමන්ට්(Orpiment) ඇති ද්‍රව්‍යක් ලෙස ද අනුමාන කර ඇත.

එසේම මිසරදේශිකයන් පැපිරි(papyri) ලේඛන වල සඳහන්ව ඇති ඇන්ටිමනි (antimony), කොපර්, රොළු ආසනික් (crude arsenic) , ලෙඩ්, අබිං(opium), මැන්ඩ්‍රේක්(mandrake) යන මූලද්‍රව්‍ය පිළිබඳව අධ්‍යනය කිරීමට පටන් ගත්තෝය. ඊජිප්තුවන් ආසවනය(distillation) පිළිබඳව මුල් වියතුන් වූ අතර රට කොට්ටං සාරයෙන් විෂ වර්ග සාදා ගැනීමෙහි අතිදක්‍ෂයන් වූහ.

මාර්ක් ඇන්තනිගේ (Marc Antony) මරණය ගැන දැන ගැනීම නිසා කම්පාවට පත් ක්ලියෝපැට්‍රා (Cleopatra)අවසානයේදී කුඩා සර්පයකුගේ විසක් ගෙන මරණයට පත් වී ඇත. ඇයගේ අභාවයට පෙර ඇය දාසියන්ට රට හාවන් ලෙස පෙනී සිටින්නැයි පවසා බෙලඩෝනා (belladonna),හෙන්බේන් (henbane) සහ දිවි කඳුරු (strychnine) බීජ වැනි විවිධ විස වර්ග අත්හදා බලා ඇත.

රෝමය[සංස්කරණය]

සයනයිඩ් දීමෙන් තම නෑයින් මරණයට පත් කළ නිරෝ නැමැති රෝමානු අධිරාජ්‍යාගේ උඩුකය පිළිමය​.

රෝමානු අවධියෙහි, ක්‍රි.පූ.331ක් වන ඈත අතීතයේ සිට අසා නැති දුර්ලභ ගණයේ විෂ වර්ග රෝමානුවන් විසින් රාත්‍රී කෑම මේසයේදී හෝ පොදු භෝජන සංග්‍රහ වලදී යොදා ගෙන ඇත. සෑම සමාජ පන්තියක් තුලම මෙය දැකිය හැකි වූ අතර විෂ වර්ග භාවිතය ඔවුන් විසින් තම ලාභ ප්‍රයෝජනය සඳහා යොදා ගෙන ඇති බවට සලකයි. ලිවී (Livy) නම් ලේඛකයා රෝමයේ එකල ජීවත් වූ උසස් වංශවත් පන්තීන් අතර විෂ වර්ග භාවිතය සම්බන්ධ සිද්ධීන් සවිස්තරාත්මකව පැහැදිලි කර ඇති අතර, එයට අනුව නීරෝ (Nero) නැමැති අධිරාජ්‍යයා තම පෞද්ගලික සේවකයන් පවා කුලියට ගෙන ඔවුන් ලවා තම නෑයින්ට වස විස දීමෙන් සන්තෝසයට පත් වූ අයෙක් ලෙස සැලකෙයි. ඔහුගේ ප්‍රියතම විෂ වර්ගය වී ඇත්තේ සයනයිඩ් ය (cyanide).

නීරෝ අධිරාජ්‍යයාට පෙර රාජ්‍ය කළ ක්ලෝඩියස් (Claudius) රජු මරණයට පත් වී ඇත්තේ හතු වැනි විෂ පැලෑටියකින් වූ විසගත වීමකිනි. කෙසේ වුවද ඔහු මෙලෙස මරණයට පත් වී ඇත්තේ වෙනස්ම වූ ආකාරයකටය. ඔහුගේ රස පරීක්‍ෂකයා වූ හැලෝටස් (Halotus) ද, වෛද්‍ය ක්සෙනෆොන් (Xenophon) ද, වස විස සම්බන්ධව අපකීර්තියට පත් වූ ලොකූස්තා (Locusta) නැමැති අයද ඔහුට ලබා දුන් විෂ වර්ග සම්බන්ධව චූදිතයන් වූ අතර ඔහුගේ අන්තිම සහකාරිය වන ඇග්‍රිපීනා (Agrippina) බොහෝ විට මෙම මිනීමැරුම සැලසුම් කර ඇති බවත් ඇය විසින්ම වස දීම සිදු කර ඇති බවටත් සැලකේ. ඇතැම් ජනප්‍රවාදයන්ට අනුව, ඔහු සවස් කාලයේ වැළඳූ ආහාර වේලෙහි තිබූ යම් විස මාත්‍රාවක් හේතුවෙන් දීර්ඝ ලෙස වේදනාව්කින් පෙළුනු පසු මරණයට පත් වූ බව සැලකෙන අතර ඇතැමුන් පවසන්නේ ඔහු ඉන්පසුව යම් තාක් දුරකට සුවවී පසුව නැවතත් ව්‍යාජ ලෙස ඔහුට වමනය කරවීමට උපකාරයක් ලෙස ඔහුගේ උගුරු දණ්ඩ තුලට ගිල්වූ විෂ ගැන්වූ පිහාටුවක් නිසා හෝ විෂ මිශ්‍ර කළ කැඳ පෙවීමකින් හෝ වස්ති කිරීමකින් හෝ ඔහු මරණයට පත් වී ඇති බවය. ඇග්‍රිපීනා ඝාතකයා ලෙස සලකනු ලබන්නේ, ඇය ඔහුගේ පුතා වන නීරෝ සම්බන්ධව මහත් අපේක්‍ෂාවකින් සිටි අතර ඇයගේ කූටෝපායන් පිළිබඳව ක්ලෝඩියස් රජු පසුව දැනගත් බැවිනි.

පසු කාලීන ආසියාව[සංස්කරණය]

මෙම කාලයෙහිදී ඉතා ප්‍රකට වූ, බොහෝ සාමාන්‍ය ජනතාව ඉතා පිළිකුල් කළ වස විස වල ඍණාත්මක ප්‍රතිඵල වලට අමතරව, ධනාත්මක ප්‍රතිඵලයක් ලෙස වස විස වලින්ම ඒ සඳහා ඖෂධ ප්‍රතිකාර සොයාගන්නට හැකි වුණි. දීර්ඝ රසායනික සංයෝග, ලෝහ සහ උපකරණ (apparatus)ලැයිස්තුවක් ඇතුලත් “Secret of Secrets” නැමැති කෘතියෙහි කර්තෘ වන, පර්සියන් ජාතික චිකිත්සක, දාර්ශනික සහ විද්‍යාර්ථ රේසස්ගේ (Rhazes)සොයාගැනීම් වලින් ඉහත කී කරුණ සනාථ කළ හැක.මධ්‍යසාර ආසවනය කර එය විෂබීජනාශකයක් ලෙස යොදාගත් සහ විරේචකයක් (laxative) ලෙස රසදිය යොදා ගැනීමට යෝජනා කළ ප්‍රථම මිනිසා මොහු විය. ඔහු රසකපුරු (corrosive sublimate) නමින් හඳුන්වන මර්කරි ක්ලෝරයිඩ් පිළිබඳව සොයාගැනීම් සිදු කළහ. රේසස් දක්වා ඇති වර්තමානයේ ස්කෙබීස් (scabies) නමින් හඳුන්වන කසන හොරි (itch) නම් රෝගයට මර්කරි ක්ලෝරයිඩ් වලින් ලබාගත් විලවුන් වර්ගයක් යොදා ගන්නා ලදී. රසදිය වල විස සහිත ස්වභාවය සහ සම තුලට කාවැදීමෙන් විෂබීජය සහ හොරි රෝගය තුරල් කිරීමේ හැකියාව නිසා මෙය සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස අත්දැක ඇත.

යුධමය වාතාවරණයක් තිබූ 14 වන සහ 15 වන ශත වර්‍ෂ වල, ඉන්දියාවේ රාජස්ථාන්හි (Rajasthan) රාජ්පුත් (Rajput) නගරයේ ආක්‍රමණ බොහෝ විට දැකගත හැකි විය. තම සැමියා, සොහොයුරා හෝ පුතණුවන් සටනේදී මරණයට පත් වුවහොත් එකල රාජ්පුත් කාන්තාවන්ට ජූහාර් නමින් හැඳින්වෙන තම ජීවිතය ද මරණයට කැප කිරීමේ සිරිතක් පැවතුණි.ක්‍ෂත්‍රිය රණශූර පන්තිය විසින් මෙම ජූහාර් නැමැති ප්‍රතිපත්තිය පවත්වාගෙන ගියේ ආක්‍රමණික සේනාවට සිදුවන අවනතභාවය, වහල් බව සහ ඔවුන් අතින් සිදුවන ස්ත්‍රී දූෂණය, ඝාතනය වැනි අකටයුතුකම් වැළැක්වීමටය.

විෂ භාවිතයෙන් දිවි නසාගත් නට්සි (හිට්ලර්ගේ නාසි හමුදාවේ සාමාකයා)[සංස්කරණය]

නියුරම්බර්ග් ට්‍රයල්ස් (Nuremberg Trials) නමින් හැඳින්වෙන හමුදා අධිකරණය ඉදිරියේ එල්ලා මැරීමට නියමිත වූ දිනයට පෙර දින රාත්‍රියේ හැර්මන් ගූරිඞ් (Hermann Goring) නැමැති යුධ නායකයා තම දිවි නසාගෙන ඇත්තේ සයනයිඩ් භාවිත කිරීමෙනි. බර්ලින් නගරය කඩා වැඩීමට පෙරාතුව ඇඩොල්ෆ් හිට්ලර් (Adolf Hitler) සයනයිඩ් (cyanide) ගුලියක් ගැනීමෙන් සහ තම හිසට වෙඩි තබා ගැනීමෙන් දිවි නසා ගත්තේ තම බිරිඳ වන ඊවා බ්‍රොන් (Eva Braun) ද සමගිනි.

වර්තමානය[සංස්කරණය]

විෂ වර්ගය/ බෙහෙත විෂනාශකය
පැරසිටමෝල් (acetaminophen) N-acetylcysteine
විටමින් K ඇන්ටිකොඇගියුලන්ට්(vitamin K anticoagulants, e.g. Warfarin) Vitamine K, Protamine
Narcotics (වේදනා නාශක)/ opioids Naloxone
Iron (සහ අනෙකුත් බර ලෝහ) Deferoxamine
බෙන්සොඩයඇසිපින්ස් (Benzodiazepine) Flumazenil
එතිලින් ග්ලයිකෝල් (Ethylene glycol) Ethanol or formepizole
මෙතනෝල් (Methanol) Ethanol or formepizole
සයනයිඩ් (Cyanide) Amyl nitrite, sodium nitrite and sodium thiosulfate
Padiorium විෂනාශකයක් තවම සොයාගෙන නැත

20 වන ශත වර්‍ෂ අග භාගයේදී, විස සහිත නිෂ්පාදන වැඩි ප්‍රමාණයකින් භාවිතා කර ඇති බව දැක ගත හැකිය. මේ කාලයෙහිදී වස විස ගත වීමෙහි වැඩි අවදානමක් පැවතියේ අහඹු සිදුවීම් වලිනි.මෙම ගැටලුව වඩාත් මතු වන්නේ තරුණ සමාජය අතරින් වන අතර වස විස ගතවීම මොවුන්ගේ මරණයට හේතුවන කාරණා අතුරින් 4 වන ස්ථානය ගනී. අවුරුදු 5ට අඩු ළමුන් අතර අහඹු අධිග්‍රහණයන් සිදුවීම සුලබව පවතී.

කෙසේ වුවද, 20 වන ශත වර්‍ෂයේ ප්‍රථම භාගයේදී සහ ඊට පෙරාතුව පැවති තත්වයට වඩා රෝහල් සහ හදිසි අවස්ථා වලට සැපයෙන පහසුකම් වැඩි දියුණු වී ඇති අතර, ප්‍රතිවිෂ වර්ග ද ලබා ගැනීමට හැකියාව ඇත.බොහෝ විෂ වර්ග සඳහා විෂනාශක සොයාගෙන ඇති අතර, ඇතැම් ප්‍රසිද්ධ විෂ වර්ග සඳහා සොයාගෙන ඇති ප්‍රතිවිෂ ඉහත වගුවෙහි සඳහන් කර ඇත.

වස විස තවමත් දරුණු ආයුධයක් ලෙස පැවතියද එය අතීතයේදී මෙන් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකට නොවන ආකාරයක් වන්නේ තවත් බොහෝ විධි ඝාතනය සඳහා වර්තමානයේදී යොදාගත හැකි බැවින් සහ මෙහිදී අප සැලකිල්ලට ගත යුතු කාරණා බොහෝ ඇති බැවිනි.

බොහෝ මෑතකදී විස ගත වීමකින් සිදු වූ මරණයක් ලෙස 2006 වර්‍ෂයේදී මාරාත්මක පොලෝනියම්-210 විකිරණ විෂ (polonium-210 radiation poisoning)මගින් මරණයට පත් වූ රසියානු භින්නමතික ඇලෙක්සැන්ඩර් ලිට්විනෙන්කෝගේ (Alexander Litvinenko) මරණය සැලකිය හැක.

අනෙකුත් භාවිත[සංස්කරණය]

කෘමිනාශක ද්‍රව්‍ය ඉසින ක්‍රොප්ඩස්ටර් (crop-duster) යානාවක්.

වර්තමානයේදී පෙරට වඩා විෂ වර්ග, බොහෝ විවිධ අරමුණු සඳහා යොදා ගනී. උදාහරණයක් ලෙස අනවශ්‍ය පළිබෝධ ගහණය ඉවත් කිරීමට සහ වල් පැළෑටි විනාශ කිරීමට විෂ වර්ග යොදා ගැනීම ගත හැක. පළිබෝධ නාශක ද්‍රව්‍ය (pesticides) නමින් හඳුන්වන මෙම රසායනික ද්‍රව්‍ය ක්‍රි.පූ.2500 පමණ සිට භාවිතා කර ඇත. කෙසේ වුවද කෘමිනාශක ද්‍රව්‍ය භාවිතය 1950 වර්‍ෂයේ සිට ඉතා විශාල ලෙස වැඩි වී ඇති අතර වර්තමානයේදී එක් අවුරුද්දක් සඳහා කාර්මික කෘමිනාශක ද්‍රව්‍ය ටොන් මිලියන 2.5 ක් යොදා ගනී. තවද අනෙක් විෂ වර්ග ආහාර පරිරක්‍ෂණය (preserve foods) සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා යොදා ගනී.

ශිෂ්ටත්වය තුල[සංස්කරණය]

වර්තමානයේදී අප්‍රිකාව, දකුණු අමෙරිකාව සහ ආසියාවේ සමහරක් පළාත්වල බොහෝ දියුණු ජනතාව විෂ වර්ග, දඩයම් කිරීමෙහි සහ ආක්‍රමණය කිරීමෙහි දී ආයුධයක් ලෙස යොදාගැනීම නොනවත්වා සිදු කෙරේ.

අප්‍රිකාවේ සමහර විෂ ඊතල සාදා ගැනීමට අකොකන්තෙරා වැනි පැළෑටි වල මල් කොටස් යොදා ගනී. කාර්ඩියැක් ග්ලයිකොසයිඩ් වර්ගයක් වන උවාබයින් (ouabain) , කනේරු (oleander) සහ කිරි (milkweeds) අකොකන්තෙරා නම් පැළෑටියේ අඩංගු වෙයි.අසම් (Assam) , බුරුමය , මැලේසියාව වැනි රට වල වනාන්තර ප්‍රදේශ වල, විෂ සහිත ඊතල තවමත් යොදා ගනී. මෙම විෂ වර්ග සාදා ගැනීම සඳහා අවශ්‍ය රස ද්‍රව්‍ය උපුටා ගන්නා ලද්දේ ඉන්දුනීසියාවේ ජාවා දූපතෙහි සහ අනෙකුත් අවට පිහිටි දූපත් වල පවතින්නා වූ ඇන්ටියරිස් (Antiaris) , ස්ට්‍රික්නොස් (Strychnos) , ගණ ස්ට්‍රොපැන්තස් (Strophanthus genera), Antiaris toxicaria (මල්බෙරි සහ දෙල් වර්ගයට අයත් ගසකි.) නම් ශාඛ වලිනි. මෙසේ නිශ්කර්ශ කරගත් යුෂය හෝ ද්‍රවය තවරා ගත් ඊ හිසක් මගින් එම විෂ සංක්‍ෂේප කර ගන්නා වේගය අනුව ගොදුරට ලක් වන්නාට අංශභාගය (paralysis), වළිප්පුව (convulsion) සහ සංසරණ පද්ධතියේ බාධා වැනි හානි පමුණුවිය හැකිය.

ඊ හිසට කුරුමිණියා යොදා එහි අඩංගු දේ ඊතල හිසෙහි සිර කරයි. පසුව පැළෑටි යුෂය මිශ්‍ර කර ලාටුවක් ලෙස යොදා ගනී. තවද මෙම පැළෑටි යුෂ වෙනුවට මැරුණු පිළවකුගෙන් බඩවැල් ඇද ලබාගත් කුඩු යොදාගත හැක​.

යොමුව[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/History_of_poison

"http://si.wikipedia.org/w/index.php?title=වස_විසෙහි_ඉතිහාසය&oldid=258956" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි