වල්පොල රාහුල තෙරණුවෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
අග්ග මහා පණ්ඩිත
පූජ්‍ය මහාචාර්යය වල්පොළ ශ්‍රී රාහුල මහානාහිමි
Religion බෞද්ධ
School ථේරවාද
Personal
Nationality ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
Born 1907
වල්පොල, ශ්‍රී ලංකාව
Died 1997

බුද්ධ ධර්මය සහ බුද්ධාගම
පිළිබඳ  ලිපි මාලාවක කොටසකි 

Dharmachakra.png
බුද්ධාගම පිළිබඳ ද්වාරය

බුදු දහමෙහි ඉතිහාසය

බෞද්ධ සංගායනා - බුදු දහමට සබැඳි සිදුවීම්

ප්‍රමුඛ චරිත

ගෞතම බුදුරජාණන් වහන්සේ
ශ්‍රාවකයෝ · පසුකාලීන බෞද්ධයෝ

ධර්මය සහ බෞද්ධ යෙදුම්

චතුරාර්ය සත්‍යය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
ත්‍රි ලක්ෂණ
පටිච්ච සමුප්පාදය
සසර · නිවන
පංච ස්කන්ධ · ලෝකය
කර්මය · පුනර්භවය

පිළිවෙත් සහ මාර්ගඵල සතර

බුද්ධත්වය · බෝධිසත්ව
මාර්ගඵල සතර
ප්‍රඥාව · භාවනා · සිල්පද
පාරමිතාවන් · තෙරුවන්
බෞද්ධ ශ්‍රමණ · ගිහියා

රටවල් සහප්‍රදේශ

බුදු දහමෙහි සම්ප්‍රදායන්

ථේරවාද · මහායාන
වජ්‍රායාන
විවිධ සම්ප්‍රදායන්ට පෙර

ග්‍රන්ථයන්

පාලි ත්‍රිපිටකය · ටිබෙට් ත්‍රිපිටකය
චීන ත්‍රිපිටකය

ආශ්‍රිත ලැයිස්තුව

සංසන්දනාත්මක අධ්‍යයනයන්
බෞද්ධ සංස්කෘතියේ මූලික අංග

පූජ්‍ය මහාචාර්යය වල්පොළ ශ්‍රී රාහුල මහා තෙරුන් (1907-1997) යනු බෞද්ධ භික්ෂුවක්, පඬිවරයෙකු සහ ලේඛකයෙකු වූහ. උන්වහන්සේ 20වන සියවසෙහි ශ්‍රී ලාංකීක ප්‍රාඥයන් අතුරින් ප්‍රමුඛයෙක් ලෙස සැලකේ. 1964දී උන්වහන්සේ, නෝර්ත්වෙස්ටර්න් විශ්ව විද්‍යාලයෙහි, ඉතිහාසය හා ආගම් පිළිබඳ මහාචාර්යය පදවියට පත් වීමෙන්, බටහිර ලෝකයෙහි මහාචාර්යය ධුරන්දර තනතුරක් හෙබවීමට වරම් ලැබූ පළමු භික්ෂුව වූ සේක. උන්වහන්සේ වරෙක එකල විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙහි (දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙස වැහැරේ) උප-කුලපති පදවිය හෙබවූහ. උන්වහන්සේ බුද්ධාගම පිළිබඳව ඉංග්‍රීසියෙන්, ප්‍රංශ බසින්, හා සිංහලයෙන් පුළුල් ලෙස ගත්කතුවරණයෙහි යෙදී ඇත . පූජ්‍ය තෙරුන්වහන්සේ විසින් රචිත වට් ද බුද්ධා ටෝට් (සිංහල පරිවර්තනය “බුදුන් වදාල ධර්මය” ) ග්‍රන්ථය, බොහෝ දෙනෙකු දකින්නේ ථෙරවාද බුද්ධාගම [1] පිළිබඳ ලියැවී ඇති ඉස්තරම් පොත් කිහිපය අතුරින් එකක් ලෙසය.

චරිතාපදානය[සංස්කරණය]

සංක්‍ෂිප්ත විස්තරය[සංස්කරණය]

දකුණු ශ්‍රී ලංකාවෙහි කුඩා ගම්මානයක් වන වල්පොල හිදී 1907දී උන්වහන්සේ මෙලොව එළිය දුටහ. උන්වහන්සේ දහතුන්වන වියෙහිදී පැවිදි දිවියට පත් වූහ. උන්වහන්සේ තම අධ්‍යාපනය සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය, ඉතිහාසය හා දර්ශනවාදය යන ක්‍ෂේත්‍රයන් ගෙන් ලැබූහ. උන්වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනහි හා ලංකා විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපනය ලැබූ අතර, එහිදී, ඊ. එෆ්. සී. ලුඩොක්, ජී. පී. මලලසේකර, ඊ. ඩබ්. අදිකාරම් සහ අනෙකුත් පතල උගතුන් ඇසුර ලදහ. සෝබෝන්හි උන්වහන්සේගේ කාල පරිච්ඡේදයෙන් පසුව, උන්වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙහි උප-කුලපති ධූරයට පත් වූහ. උන්වහන්සේ කතා බහට ලක්වුනේ උන්වහන්සේගේ බහුශ්‍රැතභාවය නිසා පමණක් නොව, උන්වහන්සේ තුල පැවැති ප්‍රබල සමාජවාදී අදහස් නිසාත් ජනතාවගේ දේශපාලන විඥානය නියෙමීමෙහි වැදගත් කාර්යභාරයක් භික්ෂූන් මත පැවරෙන බවට උන්වහන්සේ තුල පැවැති මහත් දිට්ඨිය නිසාත්ය. භික්ෂුවගේ උරුමය නම් උන්වහන්සේ ගේ ග්‍රන්ථය, සොලොමන් ඩයස් බණ්ඩාරනායක ගේ 1956 මැතිවරණ ජයග්‍රහණයට උර දුන් බෞද්ධ දේශමානි ව්‍යාපාරයෙහි ප්‍රබල ස්වරයක් බවට පත් විය. පැවති රජය සමග පැවැති දේශපාලන විරෝධතා නිසා, උන්වහන්සේ 1969 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ඉවත් වූහ. බටහිරට ප්‍රත්‍යාගමනය වූ උන්වහන්සේ, යුරෝපයේ බොහෝ ශාස්ත්‍රීය ආයතන වල කටයුතු කලහ. උන්වහන්සේ ගේ දිවියෙහි අවසන් කාල පරිච්ඡේදයෙහිදී, ශ්‍රී ලංකාවට නැවත වැඩම කල, පූජ්‍ය මහාචාර්යය රාහුල තෙරණුවෝ, අපවත් වන තුරුම, කෝට්ටේ නව පාර්ලිමේන්තුව අසල විහාරයෙහි වැඩ විසූහ.

ශාස්ත්‍රීය වෘත්තිය[සංස්කරණය]

ආචාර්යය රාහුල හිමි ලංකා විශ්වවිද්‍යාල‍යට (වර්තමානයේ කොළඹ විශ්වවිද්‍යාලයලෙස හැඳින්වේ) ඇතුලත් වී අධ්‍යාපනය ලැබීය. උන්වහන්සේ බී. ඒ. ගෞරව උපාධිය (ලන්ඩන්) ලැබ, ඉන්පසු ශ්‍රී ලංකාවේ (ලංකාවේ) බුද්ධාගමෙහි ඉතිහාසය මැයෙන් ශාස්ත්‍රීය නිබන්ධය ඉදිරිපත් කොට ආචාර්යය උපාධිය ලැබීය. අනතුරුව උන්වහන්සේ ඉන්දියානු දර්ශනවාදය පිළිබඳ අධ්‍යයනය සඳහා කල්කටා විශ්වවිද්‍යාලය වෙතද අනතුරුව මහායාන ධර්මය අධ්‍යයනය සඳහා සෝබෝන් විශ්වවිද්‍යාලය වෙතද වැඩම කලහ. උන්වහන්සේ සෝබෝන් හි අධ්‍යයන කටයුතු කල මේ සමයෙහිදී 1950 ගණන් වල අගභාගයෙහිදී, ආචාර්යය රාහුල හිමි හට කිතු ගොස ගෙන දුන්, බුදුදහම පිළිබඳ මූලික පාඨ ග්‍රන්ථයක් ලෙස සැලකෙන වට් ද බුද්ධා ටෝට් ග්‍රන්ථය උන්වහන්සේ අතින් ලියැවිනි.

පූජ්‍ය ආචාර්ය රාහුල හිමි බටහිර විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු බවට පත් වීම් ලැබූ පළමුවැන්නා වූහ. උන්වහන්සේ ඉතිහාසය හා ආගම් සාහිත්‍යය පිළිබඳ මහාචාර්යය වරයා බවට පත්වීම් ලද සමයේ එක්සත් ජනපදයේ ථෙරවාද විහාර තිබුනේ නැත. උන්වහන්සේ පසුව එම විශ්වවිද්‍යාලයෙහිම ගෞරව සහිතව විශ්‍රාම ලත් මහාචාර්යය වරයෙකු විය. ආචාර්ය රාහුල හිමි වෙනත් බොහෝ ඇමරිකානු විශ්වවිද්‍යාලයන්හි තනතුරු දැරූහ. උන්වහන්සේ ස්වාර්ත්මෝර් කොලීජිය යේ බාහිර කථිකාචාර්යය වරයෙකු හා UCLA හි ප්‍රතිනිධි කථිකාචාර්යයවරයෙකු වූහ. ආචාර්ය රාහුල හිමි, 1964 දී විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ (දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය) උප-කුලපති ධූරයට පත් වූහ. උන්වහන්සේ පසු කලෙක එක්සත් ජනපදයේ පළමු ථේරවාද විහාරය වන වොෂින්ටන් විහාරය පිහිටුවීමට අනුබල දීමෙහි පෙරදැරි වූහ.

අභිධාන[සංස්කරණය]

ආචාර්ය රාහුල හිමි උන්වහන්සේගේ ජීවිත කාලය තුලදී බොහෝ අභිධානයන්ගෙන් බඅහුමන් ලබා ඇත. උත්තරීතර ගෞරව බුහුමානය වන ත්‍රිපිටකවාගීෂ්වරාචාර්යය (බෞද්ධ ධර්ම ග්‍රන්ථයන් පිළිබඳ උත්තරීතර විශාරද), ශ්‍රී ලංකාවේ තවද පඬිවරුන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු විසින් පමණක් හොබවන, ශ්‍රී යන ගරු නාමයද සහිතව, 1965 දී උන්වහන්සේට පුද කරන ලද්දේ ශ්‍රී ලංකාවේ සංඝයා වහන්සේ ගේ පාර්ශවයක් වන ශ්‍රී කල්යාණි සාමග්‍රී සංඝ-සභාව විසිනි. බුරුමය වෙතින් උන්වහන්සේට "අග්ග මහා පණ්ඩිත" ගරු නාමය පිළිගන්වන ලදි.

ප්‍රකාශන[සංස්කරණය]

ආචාර්ය රාහුල හිමි, ථේරවාද බුද්ධාගම පිළිබඳ පතර ලෙස ග්‍රන්ථකරණයෙහි යෙදී ඇත. උන්වහන්සේගේ ලෝ-පතල ග්‍රන්ථය වට් ද බුද්ධා ටෝට් යන්නට අමතරව, උන්වහන්සේ බුද්ධාගම පිළිබඳ ලියකියවිලි අතිවිශාල සංඛ්‍යාවක් ප්‍රකාශයට පත්කොට ඇත. උන්වහන්සේ විසින් රචිත විශිෂ්ඨ ග්‍රන්ථ අතර, හිස්ට්‍රි ඔෆ් බුඩිසම් ඉන් සිලෝන්, හෙරිටේජ් ඔෆ් ද බික්කු, සෙන් ඇන්ඩ් ද ටේමිං ඔෆ් ද බුල් සහ ලෙ කෙමේපෙන්දියම් ඩි ලා සුපර් ඩොක්ට්‍රින් (ප්‍රංශ) වේ.

පුස්තක නාමාවලිය[සංස්කරණය]

  • වට් ද බුද්ධා ටෝට් (1959, ISBN 0-8021-3031-3)
  • හිස්ට්‍රි ඔෆ් බුඩිසම් ඉන් සිලෝන්: දි අනුරාධපුර පීරියඩ්, තර්ඩ් සෙන්චරි බීසි–ටෙන්ත් සෙන්චරි ඒඩී (1966)
  • හියුම ඉන් පාලි ලිට්රෙච ඇන්ඩ් අද එසේස් (1997, ISBN 955-650-000-6)
  • ද හෙරිටේජ් ඔෆ් ද බික්කු: අ ෂෝට් හිස්ට්‍රි ඔෆ් ද බික්කු ඉන් එඩියුකේෂනල්, කල්චරල්, ෂෝෂල්, ඇන්ඩ් පොලිටිකල් ලයිෆ් (1974, ISBN 0-394-49260-9)
  • හෙරිටේජ් ඔෆ් බික්කු (1974, ISBN 0-394-17823-8)
  • සෙන් ඇන්ඩ් ද ටේමිං ඔෆ් ද බුල්: ටුවර්ඩ්ස් ද ඩෙෆිනිෂන් ඔෆ් බුඩිස්ට් තෝට්: එසේස් (1978, ISBN 0-900406-69-0)
  • ද හෙරිටේජ් ඔෆ් ද බික්කු: ද බුඩිස්ට් ට්‍රැඩිෂන් ඔෆ් සර්විස් (2003, ISBN 0-8021-4023-8)

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර බැඳි[සංස්කරණය]

සැකිල්ල:නූතනධර්මගත්කතුවරු

"http://si.wikipedia.org/w/index.php?title=වල්පොල_රාහුල_තෙරණුවෝ&oldid=303672" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි