වර්ණ සබැඳි සිද්ධාන්ත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වර්ණ ගැන්වීම, ග්‍රැෆික් නිර්මාණකරණය, වර්ණ මුද්‍රණය, රූපවාහිනිය, වෙබ් සැලසුම්කරණය හා ඡායාරූප ශිල්පයේ දී වර්ණ සිද්ධාන්තය යනු වර්ණ මිශ්‍ර කිරීම හා විශේෂිත වර්ණ සංකලනවල දෘශ්‍ය බලපෑම සඳහා වූ ප්‍රායෝගික මඟ පෙන්වීමකි. වර්ණ සිද්ධාන්තයේ මූලික නියම ලියෝන් බැටිස්ටා ඇල්බර්ටිගේ ලිවීම්වල හා ලියනාඩෝ ඩාවින්චිගේ සටහන් පොත්වල මුලින්ම තිබූ නමුත් වර්ණ සිද්ධාන්තයේ සම්ප්‍රාද‍ය පටන් ගන්නේ 18 වන ශත වර්ෂයේ දීය. එනම් අයිසැක් නිවුටන්ගේ වර්ණ සිද්ධාන්තය මත වූ පක්ෂග්‍රාහී විවාදය හා මූලික වර්ණ යැයි හැඳින්වූ දේ වල වටපිටාව තුළ සිට එතැන් සිට එය ස්වාධීන කලාත්මක සම්ප්‍රදායක් ලෙස වර්ධනය වූ අතර වර්ණමිතියට හා දෘශ්‍ය විද්‍යාවට පමණක් බාහිර සම්බන්ධවලින් යුක්ත විය.

වර්ණවල ඵෙතිහාසික පසුබිම[සංස්කරණය]

Goethe's color wheel from his 1810 Theory of Colours

රතු, කහ සහ නිල් යන ‘මූලික’ නොඑසේනම් ‘ප්‍රාථමික’ වර්ණ පදනම් කරගෙන වර්ණ න්‍යාය මුලින්ම ගොඩනංවන ලදී. ඊට හේතුවූයේ මෙම වර්ණයන් මිශ්‍ර කිරීමෙන් වෙනත් ඕනෑම වර්ණයක් සාදාගත හැකි යැයි විශ්වාස කිරීමය. මෙම වර්ණ මිශ්‍රණය සිදු කිරීමට මුද්‍රණකරුවන්, සායම් පොවන්නන් සහ සිත්තරුන් විසින් දැනසිටි නමුත් වෙළෙන්දන් වඩා වැඩි ප්‍රියතාවයක් දැක්වූයේ අමිශ්‍ර වර්ණකයන්ටය. එයට හේතුව මිශ්‍ර වර්ණ එතරම් දීප්තිමත් නොවීමයි.

18 වැනි සියවසේ වර්ණ න්‍යායන්හි පදනම වූයේ මෙම රතු , කහ, නිල් ප්‍රාථමික වර්ණයන්ය. 18 වැනි සියවසේ සිදුකළ මනෝවිද්‍යාත්මක වර්ණයන්ගේ බලපෑම පිළිබඳ පර්යේෂණයන්වලින් මෙම න්‍යායයන් තවදුරටත් ඉදිරියට ගෙනයනු ලැබිණි. මෙම වර්ණ නිරීක්‍ෂණ පිළිබඳ අදහස් සංක්‍ෂිප්ත කරමින් ලියැවුණු ලේඛනයන් දෙකක් වර්ණ න්‍යායේ පදනම ලෙස සැලකෙයි. එනම් ජර්මානු කවියකුවූ ජොහෑන් වුල්ෆ්ගැංග් වොන් ගොයතේ විසින් රචිත Theory of Colors (1810) සහ ප්‍රංශ කාර්මික රසායනඥයකු වූ මයිකල් ඉයුජීන් චැවියල් විසින් රචිත The Law of Simultaneous Color Contrast (1839) ය.


මීට සමාන්තරව 19 වැනි සියවසේදී බිහිවූ ජර්මානු සහ ඉංග්‍රීසි විද්‍යාඥයන් කියාසිටියේ වෙනස් ප්‍රාථමික වර්ණයන් තුනක් මඟින් වර්ණ සංජානනය වඩාත් හොඳින් පැහැදිලි කළහැකි බවය. එනම් රතු, කොළ සහ නිල්, දම් වර්ණයන්ය. පර්යේෂණයන් මඟින් මෙම වර්ණයන් ආලෝකයට එකිනෙකට වෙනස් ආකාර තුනකින් ප්‍රතිචාර දක්වමින් දෘෂ්ටි විතානය මත වර්ණ ග්‍රහණයන් ඇති කරන බව පෙන්වා දෙනු ලැබිණ. මෙම කරුණ මත පදනම් වෙමින් 20 වැනි සියවසේදී වර්ණ මිශ්‍රණය හෝ වර්ණමිතිය පිළිබඳ ප්‍රමාණාත්මක විස්තරයක් ගොඩනංවනු ලැබිණි. වර්ධනය වෙමින් පවත්නා විචිත්‍රවත් වර්ණ අවකාශය සහ වර්ණ සංජානනය පිළිබඳ ආදර්ශයන් මාලාවකට මෙය ආරම්භය සැපයීය.

මෙම කාල වකවානුවේදීම කාර්මික රසායන විද්‍යාවද විප්ලවීය වෙනසකට භාජනය වූ අතර කෘත්‍රිම වර්ණකයින්ගේ වර්ණ පරාසය ශිඝ්‍රලෙස පුළුල් වූණි. වර්ණ මිශ්‍රණයෙන් බිහිවූ ඩයි වර්ග, තීන්ත සහ සායම් වර්ග අතිමහත් සංඛ්‍යාවක් නිර්මාණය විය. වර්ණ ඡයාරූප ශිල්පය සඳහා අවශ්‍ය වූ ඩයි වර්ග සහ රසායනික ක්‍රියාවලියද නිර්මාණය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මහා පරිමාණයෙන් මුද්‍රණය කෙරෙන මාධ්‍යයන්හි වර්ණ මුද්‍රණය සෞන්දර්යාත්මකව සහ ආර්ථිකමය වශයෙන් කළහැක්කක් බවට පත්විය. තීන්ත හා ඡායාරූපකරණයේදී යොදාගන්නා ඩයි වර්ගයන්ට වඩාත් ඵලදායී වූ වර්ණයන්ගෙන් වර්ණ න්‍යාය ආදේශ විය. එනම් සයන්, මැජෙන්ටා සහ කහ යන වර්ණයන්ය. මෙම සයන්, මැජෙන්ටා සහ කහ යන ප්‍රාථමික වර්ණයන් රතු, කොළ, නිල් යන ප්‍රාථමික වර්ණයන් සමග එක්වීමෙන් ව්‍යාකලන වර්ණ සංයෝජනයක් බිහිවිය. සයන්, මැජෙන්ටා සහ කහ යන ප්‍රාථමික වර්ණයන් රතු, කොළ, නිල් යන ප්‍රාථමික වර්ණයන්ගෙන් එක් වර්ණය බැගින් එනම් සයන් රතු වර්ණයද, මැජෙන්ටා කොළ වර්ණයද, කහ, නිල් දම් වර්ණයද පමණක් අවශෝෂණය කරගන්නා බවට අර්ථකථනය කෙරිණ. මෙමඟින් විවිධාකාර වර්ණයන් සහිත වර්ණ මුද්‍රණයන් අතිවිශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීමට සමත්වූ නමුත් සමහර වර්ණයන් (තැඹිලි පැහැය සහ දම් පැහැයන්) නිපදවීම එතරම් සාර්ථක නොවුනි.


වර්ණ සුසංයෝගය සහ වර්ණ අර්ථය[සංස්කරණය]

Primary, secondary, and tertiary colors of the RYB color model

මනාව ගැලපෙන වර්ණ සංයෝජනයන් පිළිබඳ පුරෝකථනය කිරීම වර්ණ න්‍යායේ අරමුණයි. මෙම මූලික සම්බන්ධතාවයන් නිර්ණය කිරීම සඳහා වන උපකරණයක් ලෙස වර්ණ චක්‍රය නිර්මාණය කරනු ලැබ ඇත. සමහර සිත්තරුන් සහ න්‍යායවේදීන් විශ්වාස කරන්නේ අනුපූරක වර්ණයන් එකිනෙක ආසන්නයෙන් පිහිටවීම ප්‍රබල වෙනසක් හෝ ආතතියක් නිරූපණය කිරීමට සමත්වන බවයි. එයට හේතුව ඒවා මිශ්‍ර වූ කල්හි එම වර්ණ දෙකම නැතිව යෑමයි. තවත් සමහරුන් මෙසේ වර්ණ එකිනෙක ආසන්නයෙන් තැබීමෙන් සුසංයෝගී වර්ණ අන්‍යෝනත්වය නිර්මාණය කරන බව පවසති. වර්ණ චක්‍රයේ එකිනෙකට ආසන්නව ඇති වර්ණයන් ප්‍රතිසම වර්ණයන් ලෙස හැඳින්වේ. ඒවා තනි පැහැයක් හෝ ප්‍රබල වර්ණ නිර්මාණය කරයි. මේ දෙකට අමතරව වන සංයෝගකිරීම් මඟින්ද සුසංයෝග කිරීම සිදුකළ හැකිය. දෙකට බෙදුණු අනුපූරක වර්ණ මාලාව විසින් ප්‍රතිසම පැහැයන් පරාසයක් යොදාගනු ලබයි. තුනට බෙදුණු වර්ණ මලාවන් පැහැය චක්‍රයේ සමදුරින් පිහිටි වර්ණ 3 ක් යොදාගනී. මුද්‍රණකරුවෝ සහ ඡායාරූප ශිල්පීහු සමහරවිට කලූ සහ තනි වර්ණයේ තීන්ත යොදාගනිමින් ද්විවර්ණ වර්ණ මාලාවක් යොදාගනිති.

වර්ණ චක්‍රයේ සුසංයෝගයන් ප්‍රායෝගිකව යොදාගන්නා අවස්ථාවන් සීමාසහිතය. එයට හේතුව වර්ණ සංයෝජනයේ බලපෑම ඊට යොදාගන්නා වර්ණයන් මත තීරණය වන ඓකිනෙකට වෙනස් ප්‍රතිඵල ගෙනදීමයි. මෝස්තර නිර්මාණය සහ ගෘහ අභ්‍යන්තර සැරසීමේදී වැදගත්වන වර්ණයන් එමඟින් යෝජනාකර සිටිය හැකිය. නමුත් මෙහිදීද තීරණය කෙරෙහි වඩා බලපෑම් කරන්නේ පාරිභෝගිකයාගේ රුචිකත්වයත්, ජීවන විලාශයත් සහ සංස්කෘතික මතයත්ය.

20 වැනි සියවසේ වර්ණ න්‍යාය විශේෂිත චිත්තවේගාත්මක හෝ විෂයාත්මක අවස්ථාවන් වර්ණ සමඟ සම්බන්ධ කිරීමට උත්සාහ දැරීය. එනම් රතු ප්‍රබෝධමත්, සරාගික, ස්ත්‍රීමය වර්ණයක් ලෙස සහ නිල් චිත්තාපර, සන්සුන්, පුරුෂරූපී වර්ණයක් ආදී වශයෙනි. හේතූන් කිහිපයක් නිසාවෙන්ම මෙම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇත. භාවාත්මක වර්ණ සංඝටනයන්හිදී සංස්කෘතික වර්ණ සංඝටනයන් අධිපතිත්වය දැරීම සහ නිර්මාණයේදී වර්ණ කෙරෙහි සන්දර්භයේ බලපෑම යනාදිය ඒ අතර වෙයි.

අනුපූරක වර්ණ[සංස්කරණය]

සායම්වල වර්ණයන් මිශ්‍ර කිරීමේදී අනුපූරක වර්ණ මිශ්‍ර කිරීම පැහැදිලි කිරීම සඳහා බොහෝවිට නිව්ටන්ගේ වර්ණ චක්‍රය යොදාගනු ලැබේ. මෙහි එක් එක් වර්ණයන් අනෙක් වර්ණයේ පැහැය හා මිශ්‍රවීම මඟින් අවර්ණ (සුදු, අලූ හෝ කලූ) මිශ්‍රණයක් නිර්මාණය කරනු ලබයි.


නිව්ටන්ගේ පැහැයන්ගේ චක්‍රයේ මූලික උපකල්පනයක් වූයේ උපරිම සංතෘප්තතාවයක් සහිත පැහැයන් චක්‍රයේ පරිධිය ආශ්‍රිතව පිහිටන බවත් අවර්ණ සුදු මධ්‍යයේ පිහිටන බවත්ය. අනතුරුව වර්ණාවලි පැහැයන් දෙකෙහි මිශ්‍රණයේ සන්තෘප්තිය ඒ දෙක අතර පිහිටි ඍජු රේඛාව මගින් පුරෝකථනය කරනු ලැබේ. වර්ණ 3 ක මිශ්‍රණය ත්‍රිකෝණ තුනක කේන්ද්‍රය මගින් පුරෝකථනය කෙරෙයි. සායම් මිශ්‍රණයන්ගෙන් උත්පත්තිය ලද සාම්ප්‍රදායික වර්ණ න්‍යායට අනුව දම් සමඟ මිශ්‍ර වූ කහ, නිල් සමඟ මිශ්‍ර වූ කහ රතු, කොළ සමඟ මිශ්‍ර වූ මැජෙන්ටා එක හා සමාන අළු පැහැයක් ලබාදෙන බැවින් ඒවා අනුපූරක වර්ණ ලෙසින් හැඳින්වින. මෙය පිළිසැසඳුම පිළිබඳ න්‍යායන්හි පදනමින් වෙනස් වන්නකි. එනම් එක් වර්ණයක අනුපූරක වර්ණය සමඟ මිශ්‍ර කළවිට වෙනත් වර්ණයක් ප්‍රතිඵල විය යුතුය. මේ අනුව නිල් පසුබිමක් මත තැබූ කහ රෙදි කඩක් මඳ තැඹිලි පැහැයකින් දර්ශනය වියයුතුය. එයට හේතුව නිල් වර්ණයේ අනුපූරක වර්ණය තැඹිලි වර්ණය වීමයි. අවාසනාවකට මෙන් සිත්තරුන්ගේ ප්‍රාථමික වර්ණ ආලෝක සංයෝජකයින්ගේ අනුපූරක වර්ණයන් හා සම නොවේ. මෙහිදී දම් වර්ණයේ අනුපූර්ක වර්ණය කොළ වර්ණය වන අතර කහ වර්ණයේ අනුපූරක වර්ණය නිල් වෙයි. මාධ්‍ය අතර වර්ණ න්‍යාය යෙදීමේදී මෙම වෙනස්කම් සැලකිල්ලට ගතයුතුය.

උණුසුම් හා සිසිල් වර්ණයන්[සංස්කරණය]

උණුසුම් හා සිසිල් වර්ණයන් අතර ප්‍රභේදනය වැදගත් වනුයේ 18 වන සියවසෙන් පසු කාලීනවයි. නමුත් සාමාන්‍යයෙන් නවීන වර්ණ විද්‍යාවේ හා වර්ණ තීව්‍රතාව මනින අවස්ථාවලදී හෝ අවධානයට නොගනී. ඔක්ෆඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ සොයාගත් නිරුක්ති විස්තරයට අනුව ප්‍රභේදනය ස්වාභාවික එලිය හා සම්බන්ධව නිරීක්ෂණය වූ ප්‍රභේදනයක් බව පෙනේ. උනුසුම් වර්ණයන් දිවා කාලය හෝ ඉර බැසීමේ දී ඇති වන වර්ණයන් සමඟ සම්බන්ධ වන අතර සිසිල් වර්ණයන් අළු හෝ වලාකුලෙන් වැසුණු අඳුරු දවස්හි වර්ණයන් සමඟ සම්බන්ධ වේ. උණුසුම් වර්ණයන් සමඟ සම්බන්ධ වන අතර සිසිල් වර්ණයන් සමඟ සම්බන්ධ වේ. උණුසුම් වර්ණයන් බොහෝ විට කහ පාට, දුඹුරු පාට තුළින් රතු වර්ණ සෑදෙන බව පවසන අතර සිසිල් වර්ණයන් නිල් වයලට්, අළු වර්ණයන් සමඟ මිශ්‍ර වූ නිලට හුරු කොළ පැහැයෙන් සෑදෙන බව පැවසේ. මෙම පරස්පර වර්ණයන් පිළිබඳ ඉතිහාසික මතභේදයක් තිබේ. නමුත් 19 වන සියවසේ මූලාශ්‍රයන් , රතු පැහැයෙන් යුත තැඹිලි වර්ණය සහ කොළ පැහැති නිල් වර්ණයට ඉහල ප්‍රභේදනයක් ඇති කරන ලදී. මෙම සංකල්පය දෘශ්‍ය ආලෝකයෙහි වර්ණ උණුසුම සමඟ සම්බන්ධ කෙරේ. එය ඡායාරූපකරණය, රූපවාහිනිය, ක්ෂුද්‍ර පරිඝනක ප්‍රකානයේ දී ද වැදගත්කමක් ගනී. වර්ණය පෙනෙන්නේ උණුසුම් වර්ණයකින් ද නැති නම් සීතල වර්ණයකින් යන්න නිර්ණය කිරීම සාපේක්ෂයි. ඕනෑම වර්ණයක් අනෙකුත් වර්ණයන් සමඟ ඇති සම්බන්ධතාවය අනුව උණුසුම් හෝ සීතල වර්ණයක් ලෙස පෙනෙන ආකාරයට සෑදිය හැක.

වර්ණ න්‍යාය මෙම ප්‍රභේදනයට සංජානක සහ මනෝ විද්‍යාත්මක බලපැම් ආරෝපණය කර තිබේ. උණුසුම් වර්ණයන් සිතුවම්හි උසස් ලෙස හෝ වඩා ප්‍රාණවත් ලෙස පෙනෙන බව පැවසෙන අතර සිසිල් වර්ණයන් අඩු වීමට හැකියාව තිබෙන බවට පැවසේ. එමනිසා එම වර්ණයන් අභ්‍යන්තර මෝස්තරය හා විලාසිතාවන්ට යොදා ගැනේ. උණුසුම් වර්ණක් බලන්නාව පුබුදු කිරීමට හා උත්තේජනය කිරීමක් සිසිල් වර්ණයන්, නිසල, සැහැල්ලු කිරීමට යොදා ගන්නා බව පැවසේ. මෙම බොහෝ බලපෑම් සමහර දුරට ඒවා තාත්විකයි. සීතල වර්ණකයන්ට පරස්පරව උණුසුම් වර්ණයන්ට ඉහල සංතෘප්තියක් හා වටිනාකමක් ආරෝපණය කළ හැකිය. එමනිසා දුඹුරු පැහැය අඳුරු, අසංතෘප්තිමත් උණුසුම් වර්ණයක් සහ පිරිසක් මෙය දෘශ්‍යව ප්‍රාණවත් සහ මනෝ විද්‍යාත්මක උත්තේජනය කළ හැකි සිතයි. උණුසුම්ව ආලෝකය විහිදුවන වස්තූන් (උදා - තාරකා) ම සිසිල් වර්ණයන් ඇති අතර අඩු උණුසුමක් ඇති වස්තූන්ට උණුසුම් වර්ණයක් ඇත.

උණුසුමක් සමඟ වර්ණයන්හි සම්ප්‍රදායික සම්බන්ධය සහ උණුසුමත් සමඟ සම්බන්ධ වර්ණයන් වෙනස් කරන සිද්ධාන්තමය ආලෝකය විහිදුවන කළු වස්තූන් සමඟ සන්සන්දනය කිරීම රසවත් දෙයකි. උදාහරණයක් ලෙස බොහෝ උණුසුම් තාරකා නිල් පැහැය ගන්නා අතර වඩාත් සිසිල් තාරකාවන් රතු වර්ණය ගනී.


වර්ණවල වර්තමාන තත්ත්වය[සංස්කරණය]

කිසියම් මාධ්‍යයක් වර්ණ පෙනෙන ආකාරය කෙරෙහි කෙසේ බලපාන්නේද යන්න පිළිබඳව නිශ්චිතව පැහැදිලි කිරීම දක්වා වර්ණ න්‍යාය වර්ධනය වී නොමැත. තීන්ත, සායම්, තෙල් සායම්, දිය සායම්, පාරදෘශ්‍ය තීන්ත ආදී වර්ණයන් හෝ මුද්‍රණයන් පරිගණක ප්‍රදර්ශනයන් චිත්‍රපට ශාලාවන් හි පෙනෙන ආකාරය පිළිබඳව වෙන වෙනම සැලකිල්ලට ගනු ලැබ නැත. ජෝසෆ් ඇල්බර්ස් පාරදෘෂ්‍යභාවයේ මිත්‍යාව තුළ පවත්නා වර්ණ වෙනස් සහ වර්ණ සන්තෘප්තිය පිළිබඳව විමර්ෂණය කළ නමුත් මෙය සාමාන්‍ය රීතියට ව්‍යතිරේඛයකි.

දෙවන ප්‍රමාදදෝෂය වන්නේ වර්ණ පෙනෙන ආකාරය කෙරෙහි සන්දර්භයේ බලපෑමයි. වර්ණ තීව්‍රරතා වෙනසේ වැඩිවීම සහ සංතෘප්තිය නිර්මාණය වන්නේ දර්ශනයේ දීප්තිය වැඩිවීම හෝ අවට පරිසරයේ ළා පැහැය හේතුවෙන් වියහැකිය. උදාහරණයක් ලෙස කලාගාරයක යාන්තමින් ආලෝකමත් කළ බිත්තියක් මත එල්ලා ඇති සිතුවමක් මතට විශාල ආලෝක ධාරාවක් එල්ල කළහොත් සිතුවමේ වර්ණයන් වඩා උද්දීප්ත ලෙස පෙනෙනු ඇති අතර ඡායාරූපමය මුද්‍රණයක් කලූ පසුබිමකට වඩා සුදු පසුබිමක් මත ප‍්‍රදර්ශනය කිරීමේදී වර්ණ වෙනස ප්‍රබලව දර්ශනය වෙයි. දීප්තතාවයන්ගේ වෙනස්කම් හේතුවෙන් ඇතිවන බලපෑම් නිසා වර්ණ සංජානනයේදී සිදුවන බලපෑම අකෘතිගත කිරීමට තනි උපකරණයක් නිර්මාණය කිරීමට (ඡායාරූපමය රූපයේ පෙනෙන ආකාරය පරිගණකයක ප්‍රතිනිර්මාණය කිරීම) වර්තමාන වර්ණ විද්‍යාඥයෝ උත්සාහ දරති. වර්ණ රූපගත කිරීම, වර්ණ ප්‍රතිනිර්මාණය, සායම් නිර්මාණ සමීකරණයන් ආදී විවිධ ක්‍රියාවලීන් තුළ මෙම තේරුම්ගැනීම් අන්තර්ගත වෙයි. කෙසේ වෙතත් සමකාලීන වර්ණ න්‍යාය වෙත ප්‍රවේශ වී ඇත්තේ මින් ඉතා සුළු ප්‍රමාණයකි.

"http://si.wikipedia.org/w/index.php?title=වර්ණ_සබැඳි_සිද්ධාන්ත&oldid=261912" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි