වර්ණ සංතුලනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
වම් කොටසින් පෙන්නුම් කරන්නේ ඩිජිටල් කැමරාවකින් ගත් ඡායාරූපයකි. දකුණු කොටසින් පෙන්නුම් කරන්නේ එකම ආලොකයෙන් ගත් මුහුණත මධ්‍යස්ථ පැහැයෙන් සකසන ලද ඡායාරූපයයි.

ඡායාරූපකරණයේ දී සහ ඡායාරූප සැකසුමේ දී ඡායාරූපයක අඩංගු වන රතු, කොළ සහ නිල් යන ප්‍රාථමික වර්ණයන්ගේ සාපේක්ෂ ප්‍රමාණයන්, ස්වභාවික වර්ණ නිවැරදිව ප්‍රති නිර්මාණය වන ආකාරයට සකස් කිරීම වර්ණ සමබරතාව නම් වේ. වර්ණ සමබරතාව වෙනස් කළ විට ඡායාරූපයක සම්පූර්ණ වර්ණ මිශ්‍රණය වෙනස් වන අතර සාධාරණීකෘත වර්ණ නිවැරදි කිරීම් සඳහා මෙය භාවිතා වේ.


බොහෝ විද්‍යුත් කැමරා භාවිතයේ දී ඡායාරූපකරණය සිදු කෙරෙන ආලෝක ස්වභාවය තෝරා ගැනීමේ හැකියාවක් ඇත. සමහරක් කැමරාවල අඩංගු වන තවත් අමතර හැකියාවක් වනුයේ අළු පැහැ කාඩ් පතක් වැනි උදාසීන වස්තුවක් වෙත කැමරාව යොමු කර බොත්තමක් එබීම මඟින් අභිමත වර්ණ සමබරතා සැකසුමක් ලබා ගැනීමේ හැකියාවයි. තවද පොදුවේ කැමරාවල හමුවන අමතර හැකියාවක් වනුයේ ස්වයංක්‍රීය සුදු වර්ණ සමබරතා සැකසුමයි. එය Retinex, කෘතීම ස්නායු පද්ධතියක් හෝ බේසියන් ක්‍රමවේදය මත පදනම් වී තිබිය හැකිය.


[සංස්කරණය] සටහන්

White_balance
"http://si.wikipedia.org/w/index.php?title=වර්ණ_සංතුලනය&oldid=182080" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්