වර්ණ රූපවාහිනිය

විකිපීඩියා වෙතින්
NBC ග්‍රන්ථනාම පත්‍රිකාව

බොහෝමයක් රූපවාහිනි පර්යේෂකයන් වර්ණ රූප සම්ප්‍රේශණය අගය පැසසීමට ලක් කරයි. 1889 දී රුසියාවේ දී යාන්ත්‍රිකව පරිලෝකනය වන වර්ණ පද්ධති සඳහා වූ පේටන්ට් යෙදුම වර්ණයේ වැදගත්කම කෙතරම් කාලයකට කලින් තේරුම් ගියේ ද යන්න පෙන්වයි. ජෝන් ලොගී බෙයාර්ඩ් 1928 ජූලි 3 වනදා ප්‍රථම වර්ණ සම්ප්‍රේශණය ප්‍රදර්ශණය කරන ලදී. මේ සඳහා ඔහු සම්ප්‍රේශණ හා ප්‍රතිග්‍රාහක කෙළවරවල පරිලෝකනය කිරීමේ තැටි දඟර ඇත. උපකරණ 3ක් සමඟ යොදා ගත් අතර එක් එක් දඟරය වෙනස් ප්‍රාථමික වර්ණවල පෙරහනක් සමඟ වූ අතර ප්‍රතිග්‍රාහක අන්තයෙහි ආලෝක ප්‍රභව තුනක් හා ඒවායේ දීප්තිය විචල්‍ය කිරීමට කොමියුටේටරයකින් ද යුක්ත විය. බෙයාර්ඩ් 1938 පෙබරවාරි 4 වන දා යාන්ත්‍රිකව පරිලෝකනය කරන ලද 120-line රූපයක් බෙයාර්ඩ්ගේ ක්‍රිස්ටල් පැලස් රූපාගාරයේ සිට ලන්ඩනයේ ඩොමීනියන් රංග ශාලාවේ ප්‍රක්ෂේපණ තිරයකට යැවීමෙන් ලොව ප්‍රථම වර්ණ විකාශනය සිදු කරන ලදී. 1938 දී වර්ණ රූපවාහිනී සඳහා වූ ෂැඩෝ මාස්ක් තාක්ෂණය සඳහා ජර්මනියේ වර්නර් ‍ෆ්ලෙෂිග් විසින් පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී. 1939 දී බර්ලින්හි වූ අන්තර් ජාතික රේඩියෝ ප්‍රද‍ර්ශනයේ දී වර්ණ රූපවාහිනි ප්‍රදර්ශනය කරන ලදී. 1944 අගෝස්තු 16 වනදා බෙයාර්ඩ් විසින් සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රොනික වර්ණ රූපවාහිනි සංදර්ශකයක ප්‍රථම නිරූපනය ඉදිරිපත් කරන ලදී. ඔහුගේ 600-line වර්ණ පද්ධතිය එක් එක් පින්තූරය සෑදීම සඳහා පරිලෝකන 6 ක් ‍යොදා ගන්නා අතර එය ත්‍රිත්ව අතුරු වියමන යොදා ගනී.

ඉතාමත් සරල අවස්ථාවේදී වර්ණ විකාශණය ඒක වර්ණ ඡායාරූප තුනක් විකාශණය මගින් ලඟා කර ගන්නා ලදි.රතු, නිල් සහ කොළ එකී වර්ණ තුන ලෙස භාවිතා කළ අතර මෙම ඡායාරූප ත්‍රිත්වය සම්බන්ධ වීම මගින් නරඹන්නාට පූර්ණ වර්ණ ඡායා රූපයක් නැරඹිමට සැළැස්විණි.මෙම තාක්ෂණයහදුන්වා දීමේ ප්‍රධානතම හා මුලිකම අභියෝගය වූයේ මෙහිදී භාවිතා වන සංඛ්‍යාය්හ පරාසය කළු සුදු විකාශණයේ මෙන් තුන් ගුණයක් තරම් වීමය.1970 මැඩ භාගය පමණ වන විට රූපවාහිනි විකාශණය තුල වර්ණ විකාශණය ප්‍රචලන වී තිබුණු අතර කළු සුදු විකාශණයන් සිදු කලේ කුඩා සහ සීමිත අයතන සංඛ්‍යාවක් පමනි.

රූපවහිනී තාක්ෂණයේ අතිතය සළකා බැලීමේදි රුපවාහිනී විකාශණය පිළිබඳ පර්යේෂණ 19 වන ශත වර්ෂයෙහි ගුවන් විදුලි විකාශණ සමය දක්වා දිව යයි.20 වන ශත වර්ෂය පමණ වන විට ඉලෙක්ට්‍රොනික තක්ෂණයේ සහ ආලෝක අනවරත වල දියුණුවන් සමග එම පර්යේෂණයන් යථාර්තයන් බවට පත් විය. ආරම්භයේදීමුහුණ දුන් ප්‍රධානතම ප්‍රශ්නයක් වුයේ 2D වර්ණ ඡායාරූපයන් 1D ගුවන් විදුලි සංඥාවක් බවට පරිවර්තනය කිරීමයි.මෙලෙස මුලිකව දියුණු කරණ ලද වර්ණ රූපවාහින තාක්ෂණය ඇමරිකාව, යුරෝපය, දකුණු අප්‍රිකාව හරහා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය.

"https://si.wikipedia.org/w/index.php?title=වර්ණ_රූපවාහිනිය&oldid=470061" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි