වර්ගයා සහ සෞඛ්‍යය

විකිපීඩියා වෙතින්

මහජනයාගේ සෞඛ්‍යයට බලපාන ප්‍රබලතම කරුණු වන්නේ ජනාවාර්ගිකත්වයයි. විකිපීඩියාවෙහි අන්තර්ගත "ජනවාර්ගිකත්වය" යන සටහන යටතේ ජනවාර්ගික කණ්ඩායම් වලට අයත් ජාතීන් අතර ඇති වෙනස්කම් පැහැදිලි කර ඇත. තවද ජනවාර්ගිකත්වය යනු මිනිසුන්ගේ චර්යාව හා ස්වාභාවය මනින කරුණක් නොව එය සමාජය විසින් ගොඩනගා ගත් අර්ථකතනයක් බවත් පෙන්වා දී ඇත. එමෙන්ම ජනවාර්ගීක කණ්ඩායමක සමාජිකත්වය තුළින් එම කණ්ඩායමට ආවේණික සෞඛ්‍ය අවශ්‍යතා සහ අවධානම් ගැන ව්‍යංගනය කරයි. උදාහරණයක් ලෙස “Ashkenazi jewish” යන නමින් තමන් හඳුන්වන මිනිසුන්ගේ ජන්ම උරුමයක් ලෙස සැලකෙන, කුඩා අවධියේ වැළදෙන tay - sache රෝගය පෙන්වා දිය හැකිය. එමෙන්ම බටහිර අප්‍රිකානුවන් දෑකැති සෛල රක්ත හීනතාව ( sickle) නැමති ජාන රෝගය ( Dyson s 1998, සමාජ විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යටතේ ඇති ජනවාර්ගිකත්වය සහ හිමොග්ලොබින් - 37,1:121 -131 ) ට ගොදුරුව ඉපදිමේ ඉහළ ප්‍රතිශතය ඊට නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. එමෙන්ම බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවේ කතුවැකියේ දැක්වෙන පරිදි "lactose intolerance" නම් රෝගය , 25% ක ප්‍රතිශතයක් සුදු යුරෝපියානුවන්ටද, 50% -80% ක පමණ ඉන්දියානුවන්ට ‍ද, ‍එමෙන්ම නැගෙනහිර යුරෝපිය යුදෙව්වන්ටද වැළදෙන අතර ඇමරිකානු ඉන්දියානුවන්ට වැළදිමේ ප්‍රතිශතය 100% කි. ජනවාර්ගික සෞඛ්‍ය පිළිබඳව වූ විද්‍යාව හෝ ජනවාර්ගිකත්වය සහ සෞඛ්‍ය පිළිබඳ විශ්ලේෂණ සහ සුළු ජාතික ජනවාර්ගික කණ්ඩායම් වල සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ඇති සේවාවන්හි දියුණුව තාමත් ආරම්භක මට්ටමේ පවතී. (Jonoson MRD 'ජනවාර්ගිකත්වය' (Eds killoran A swann c, Kelly M) පොදු සෞඛ්‍ය සාධකය : පොදු ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වෙනස් කිරීම oxford විශ්වවිද්‍යාලයේ මුද්‍රණාලය 2006)


ඇමරිකාවේ සුළු ජන කොටස්වල අවශ්‍යතාවන් පිළිබඳව නවතම තොරතුරු, ඇමරිකා එක්සත් ජනපදයේ සුළු ජාතීන්ගේ සෞඛ්‍ය කටයුතු පිළිබදව වූ කාර්යාලයෙන් ලබාදෙයි. සෞඛ්‍ය ආරක්ෂන කටයුතුවල නියැළෙන වෘත්තියවේදින්ට සහ ප්‍රජා කණ්ඩායම් වලට සේවාවන් සැපයීමට අවශ්‍ය සම්පත් සහ තොරතුරු ඇතුලත් විශේෂ පොත් සහිත පුස්තකාලයක් එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාවන් මඟින් ඉදිකර ඇත. මේ ආකාරයෙන් මෙවැනි සම්පත් මධ්‍යස්ථාන රාශියක් බිහිවෙමින් පවති. (බහු සංස්කෘතික මානසික සෞඛ්‍ය ඔස්ට්‍රේලියාව - වැනි )

"https://si.wikipedia.org/w/index.php?title=වර්ගයා_සහ_සෞඛ්‍යය&oldid=471383" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි