වරලත් ඉංජිනේරු (එරා)

විකිපීඩියා වෙතින්

එක්සත් රාජධානියේ, වරලත් ඉංජිනේරුවරයෙක් යනු, ඉංජිනේරු සභාවේ ( ඉංජිනේරුවන් නියාමනය සඳහා පවතින බ්‍රිතාන්‍ය සංවිධානය) ලියාපදිංචි වී ඇති ඉංජිනේරුවෙකු වෙයි. වර්තමාන වරලත් ඉංජිනේරුවෝ උපාධි-සුදුසුකම් ලද්දෝ වන අතර, පුහුණුව සහ පළපුරුද්ද ඔස්සේ වෘත්තිමය ප්‍රවීණත්වයන් උකහාගෙන ඇත්තාහ. වරලත් ඉංජිනේරුවෙකු නිමැවීමේ ක්‍රියාවලියට සාමාන්‍යයෙන් පළමුව ප්‍රතීත ඉංජිනේරු-විශාරද උපාධියක් උපයාගැනුම සහ ඉක්බිතිව අවම වශයෙන් වසර සතරක සිට සයක කාල සීමාවක වෘත්තිමය පශ්චාත් උපාධි පළපුරුද්ද අවශ්‍ය වෙයි. වරලත් ඉංජිනේරු යන පදවිය සිවිල් නීතිය මගින් රක්ෂා කරනු ලැබේ. ඉංජිනේරු සභාව විසින් එරා තුල වෘත්තිමය ඉංජිනේරු පදවි නියාමනය කරයි. ඉංජිනේරු ශිල්පය පරිශීලනය කිරීම පාලනය සඳහා නීති එරා තුල නොපවතියි. විවිධ රටවලින් 180,000 කට වඩා දෙනා එය සඳහා ලියාපදිංචිය ලබන අතර, වරලත් ඉංජිනේරු පදවිය, ජාත්‍යන්තර ඉංජිනේරු සුදුසුකම් අතරින් වඩාත්-පිළිගැනුමට ලක්වන ඒවා අතුරින් එකක් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=වරලත්_ඉංජිනේරු_(එරා)&oldid=310214" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි