වන භාරකාර මණ්ඩලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
සොයා ගැනීම 1993
මූලස්ථාන බෝන්, ඡ්ර්මනිය
ප්‍රධාන පුද්ගලයන් Greenpeace, FERN, World Wide Fund for Nature
ප්‍රධාන ස්ථාන ගෝලීය
වෙන් කරනු ලැබූ ප්‍රදේශ විශ්වය
ඉලක්කය තිරසාර වන වගාව
ක්‍රමය සහතික ලබා දීම
වෙබි අඩවිය http://www.fsc.org/

වන භාරකාර මණ්ඩලය යනු 1993 පිහිට වූ ඡාත්‍යාන්තර ආයතනයක් වන අතර, ලාබ ඉපයීම අරමුණ නො‍ෙව්.මෙය බහු පරදු දරන්නන් ගෙන් සමන්විත අතර, එමගින් ලෝක වනාන්තර නිසි පරිදි කළමණාකරණය දියුනු කරනු ලැ‍ෙබ්. මෙ‍‍ම අරමුණු ඉෂ්ට කර ගැනීමට භාවිතා කරනු ලබන විධි වනුයේ ප්‍රමිතීන් ඇති කිරීම, වන නිශ්පාදන ස්වාධීන සහතික කිරීමක් හා නම් කිරීමක් සිදු කිරීමයි. මෙමගින් ළොව පුරා සිටින පාරිභෝගිකයන් හට සමාඡීය හා පාරිසරිකව නිසි පරිදි සැකසූ වන නිෂ්පාදන තේරා ගත හැක.

මෙම මණ්ඩලය ගෝලීය වශයෙන් වනාන්තර වල තත්වය සළකා බැලීමට ප්‍රතිචාර ලෙස පිහිටු වන ලදි. ලෝකයේ වනාන්තර භාගයක් පමණ වනාන්තර ‍ෙම් වන විටත් වෙනස් වී, හායනයට ලක් වී, විනාස වී හෝ වෙනත් ප්‍රයෝඡන සදහා භූමිය යොදා ගැනීම සිදු කර ඇත. වන නීති හා වනාන්තර සදහා ආධාර දෙන වැඩසටහන් නිසි පරිදි භාවිතා ෙනාකිරීම නිසා වනාන්තර නැති වීම හෝ වන හායනය අඩු කිරීමට අපොහොසත් වී ඇත. බොහෝමයක් ඉතිරිව ඇති වනාන්තර තුල සිදුවන නීති විරෝධී ඉදි කිරීම් හා වනාන්තර දුර්වල කළමණාකරනය නිසා නොයෙකුත් ප්‍රශ්න වලට මුහුන දීමට සිදුව ඇත. එමනිසා ඉතා දැඩි ලෙස දියුනු කල වන කළමනාකරන ක්‍රියාකාරකම් නොනවත්වා පවත්වාගෙන යාම අවශ්‍ය වී ඇත.

වනාන්තර හා වන නිශ්පාදන සදහා සහතික නිකුත් කිරීමට පිහිටු වනු ලැබූ ලොව පලමු ආයතනය වනුයේ මෙයයි. මෙය ස්වෙච්ඡා වෙළඳ පළ මත පදනම් වූ මනා වන කළමනාකරණයක් සදහා පසුගිය ශතවර්ෂයේ පිහිට වූ වැදගත් මුල් පිරීම් අතරින් එකකි. මෙමගින් ඉදිරිපත් කර ඇති ඡාත්‍යාන්තරව පිළිගත් වනාන්තර කළමණාකරන ප්‍රමිතීන්විසින් දේශීය හා ලෝක ප්‍රඡාවට පාරිසරික සේවාවන් සපයයි. එයට වාතය හා ඡලය පිරිසිදු කිරීම සදහා දායක වීම හා කාළගුණික වෙනස් වීම් සදහා දායක වීම යන සේවාවන් අදාලය. නීති විරෝධී දැව කැපීම හා වනහරණය සහ ගෝලීය උණුසුම් වීම යන ප්‍රශ්න සදහා ඍජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇත. තවද ආර්ථික සංවර්ධනය, පාරිසරික සංරක්ෂනය,දුප්පත්කම අඩු කිරීම හා සමාඡීය හා දේශපාලන බලයන් සදහා ධනාත්මක බලපෑම් කර ඇත.

වන භාරකාර මණ්ඩලය යනු ඡාත්‍යන්තර සාමාඡීකයන‍් ගෙන් සමන්විත සoවිධානයකි. මෙය වනාන්තර අයිති කරුවන්ට, දැව කර්මාන්තශාලා වලට, සමාඡීය සංවිධාන වල‍ට, පාරිසරික සංවිධාන වලට එකතු වී වන කළමණාකර ක්‍රියාකාරකම් වැඩි දියුනු කිරීම සදහා පිළියම් සෙවීමට හොද වේදිකාවක් සපයයි. මෙ‍ම මණ්ඩලය විසින් මනා වන කළමණාකරන හා සoරක්ෂණය හරහා වනාන්තර වල ස්ථීර පැවැත්ම තහවුර‍ෑ කිරීම සදහා වැඩ කටයුතූ සිදු කරයි.

වන භාරකාර මණ්ඩලය, වෙළදසල මත පදනම් වූ යාන්ත්‍රනයක් ලෙස නිදහස් නාමයක් වනාන්තර නිශ්පාදන සදහා ලබා දෙමින් පාරිභෝගිකයන් හට වෙළදපලෙ‍්දී ඔවුන්ගේ ඉල්ලුම ඉදිරිපත් නිරීමට බලය ලබා දේ. පාරිභෝගිකයන් හට තමන් ලෝකයේ වනාන්තර විනාශ කිරීමට දායක නොවේය යන විශ්වාසය මත සිටිමින් වන නිශ්පාදන තෝරා ගැනීමට Greenpeace අනුව හැකියාව ලැබී ඇත. තවදුරටත් සළකා බැලුවහොත් මෙ‍ම ආයතනයේ ලාංඡනය මගින් එම නිශ්පාදන වගකිවයුතු ප්‍රභවයකින් පැමිණෙන බවට තහවුරූ කරයි. එනම් ඒවා පාරිසරිකව යෝග්‍ය සමාඡීයව වාසිදායක හා ආර්ථික වශයෙන් ගැලපෙන නිශ්පාදන බවට තහවුරූ කරයි. වන භාරකාර මණ්ඩලය විසින් නිකුත් කරන නාමයන් විශාල පරාසයක පවතින ඒව‍ා දැව හා දැව නොවන කඩදාසි හා ලී නිශ්පාදන වල සිට බෙහෙත් හා ආභරණ නිශ්පාදනය දක්වා වූ පුළුල් පරාසයක පැතිර පවතී.

"http://si.wikipedia.org/w/index.php?title=වන_භාරකාර_මණ්ඩලය&oldid=199142" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්