ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය (කොළඹ)

විකිපීඩියා වෙතින්
(ලෝක වෙළඳ මධ්‍යස්ථානය (කොළඹ) වෙතින් යළි-යොමු කරන ලදි)
ලෝක වෙළඳ මධ්‍යස්ථානය
World Trade Center
உலக வர்த்தக மையம்
සාමාන්‍ය තොරතුරු
පිහිටීමකොළඹ, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක06°55′57″N 79°50′38″E / 6.93250°N 79.84389°E / 6.93250; 79.84389ඛණ්ඩාංක: 06°55′57″N 79°50′38″E / 6.93250°N 79.84389°E / 6.93250; 79.84389
ඉදිකිරීම් ආරම්භ වූයේ1990
සමාප්තිය1996
විවෘත කිරීම12 ඔක්තෝබර් 1997
පිරිවැයඑ.ජ.$ මිලියන 130 (1996)
කළමනාකරණයORCPLC
උස
පියස්ස152 m (499 ft)
තාක්ෂණික තොරතුරු
මහල් සංඛ්‍යාව43
මහල් වර්ගඵලය750,000 sq ft (70,000 m2)

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ උසම ගොඩනැගිලි අතුරින් එකක් වේ. බිම් මට්ටමේ සිට උස 152 m (499 ft)ක් වන ගොඩනැගිලි ද්විත්වය දකුණු ආසියාව තුල ඉදි කෙරූ උසම ගොඩනැගිලි අතරටද අයත් වෙයි. කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානය Overseas Realty Ceylon plc (ORCPLC) කළමනාකාරීත්වය යටතේ පවතී. ORCPLC යනු Mireka Capital Land (pvt) Ltd හි කොටසක් වන අතර, එය ආසියාව තුල දැවැන්ත ඉදි කිරීම් සමාගමක් වෙයි.

ඉතිහාසය[සංස්කරණය]

ලෝක වෙළෙද මධ්‍යස්ථානය 1997 ඔක්තෝම්බර් 12 වැනි දින ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විසින් විවෘත කරන ලදී. මහල් 39 බැගින් වූ නැගෙනහිර හා බටහිර කුළුණු දෙකකින් කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානය සමන්විත වේ.

ශ්‍රී ලංකා සිවිල් යුද්ධය පැවැති කාලයේ, LTTE ත්‍රස්තවාදීන් විසින් ඇමෙරිකානු 9-11 ප්‍රහාරය අනූව යමින් කුළුණු වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කලත් එම ප්‍රහාරක ගුවන් යානය කඩා වැටීම නිසා සැලසුම අසාර්ථක විය .

මේවාද බලන්න[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]