ලෝක විද්‍යා උළෙල

විකිපීඩියා වෙතින්
The World Science Festival logo.

වාර්ෂික විද්‍යා උළෙලක් වන ලෝක විද්‍යා උළෙල, ලෝක විද්‍යා පදනමේ නිෂ්පාදනයකි. එය 501(c) (3) දරන ලාභ සඳහා නොවන පදනමකි. එහි ප්‍රධාන ශාඛාව නිව්යෝක් හි පවතී . .[1]

මෙම ආයතනයේ මෙභෙය වන්නේ විද්‍යාවෙන් දැනුවත් වූ, කුතුහලයෙන් අවදි වුණු විද්‍යාවේ වටිනාකම දන්නා සහ එහි වැදගත්කම අනාගතයට කියාපාන සමාජයක් බිහිකිරීමටයි

අතීතය හා පසුබිම[සංස්කරණය]

ලෝක විද්‍යා උළලෙහි නිර්මාතෘ වන්නේ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ගණිත හා භෞතික විද්‍යා මහාචාර්යවරයෙකු හා විද්‍යා ප්‍රබන්ධ කිහිපයකම ( "The Elegant Universe" සහ "The Hidden Reality" ද ඇතුළත්ව ) රචකයෙකු වන බ්‍රයන් ග්‍රීන් සහ සිව්වරක් ජාතික ප්‍රවෘත්ති සඳහා වන එමී සම්මානය දිනාගත් මෙන්ම ප්‍රධාන ජාතික රුපවාහිනී ප්‍රවෘත්ති අංශයට සජීවී වාර්තා නිෂ්පාදනය කල ට්‍රේසි ඩේ විසිනි. ග්‍රීන් වර්තමානයේ ලෝක විද්‍යා උළලෙහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතර ඩේ එහි ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරයි.

මෙම උත්සවයේ විශේෂාංග, විද්‍යාව මත පදනම් වූ ඒවා වන අතර වෘත්තීමය රුපවාහිනී හා සජීවී වේදිකාමය අංග වල මට්ටමට අනුකුලව පවතී .

සමාරම්භක ලෝක විද්‍යා උළෙල 2008 මැයි 28 සිට ජුනි පළමුදා දක්වා නිව් යෝර්ක් නගරය පුරා ස්ථාන 22ක පැවැත්වුණි. ටයිම්ස් පුවත්පත මගින් "නව්‍ය සංස්කෘතික සංස්ථාපිතයක්" වශයෙන් ආචාරක් ලැබූ මෙම උළෙලට විශේෂාංග 46ක්, පදික සල්පිලක් මෙන්ම එහි පළමු දිනයේදී එක්දින ලෝක විද්‍යා හමුවක් කොලොම්බියා විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙන්නට යෙදුණි. මෙම උළෙලට 120,000ක ජනකායක් සහභාගී වුහ.

පොඩිත්තන් සඳහා[සංස්කරණය]

ලෝක විද්‍යා උළලෙහි නිර්මාතෘ වන්නේ කොලොම්බියා විශ්ව විද්යාලයේ ගණිත හාභෞතික විද්‍යා මහාචාර්යවරයෙකු හා විද්‍යා ප්‍රබන්ධ කිහිපයකම ("The Elegant Universe" සහ "The Hidden Reality" ද ඇතුළත්ව ) රචකයෙකු වන බ්‍රයන් ග්‍රීන් සහ සිව්වරක් ජාතික ප්‍රවෘත්ති සඳහා වන එමී සම්මානය දිනාගත් මෙන්ම ප්‍රධාන ජාතික රුපවාහිනී ප්‍රවෘත්ති අංශයට සජීවී වාර්තා නිෂ්පාදනය කල ට්‍රේසි ඩේ විසිනි. ග්‍රීන් වර්තමානයේ ලෝක විද්‍යා උළලෙහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතර ඩේ එහි ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරයි.

මෙම උත්සවයේ විශේෂාංග, විද්‍යාව මත පදනම් වූ ඒවා වන අතර වෘත්තීමය රුපවාහිනී හා සජීවී වේදිකාමය අංග වල මට්ටමට අනුකුලව පවතී .

සමාරම්භක ලෝක විද්‍යා උළෙල 2008 මැයි 28 සිට ජුනි පළමුදා දක්වා නිව් යෝර්ක් නගරය පුරා ස්ථාන 22ක පැවැත්වුණි.

ටයිම්ස් පුවත්පත මගින් 'නව්‍ය සංස්කෘතික සංස්ථාපිතයක්' වශයෙන් ආචාරක් ලැබූ මෙම උළෙලට විශේෂාංග 46ක්, පදික සල්පිලක් මෙන්ම එහි පළමු දිනයේදී එක්දින ලෝක විද්‍යා හමුවක් කොලොම්බියා විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙන්නට යෙදුණි. මෙම උළෙලට 120,000ක ජනකායක් සහභාගී වුහ.

අධ්‍යක්ෂක මඬුල්ල[සංස්කරණය]

අනුග්‍රාහක භවතුන්ගේ ලැයිස්තුවක් සඳහා ලෝක විද්‍යා උළෙලේ නිල වෙබ්අඩවිය බලන්න.

පසුගිය සහභාගිකරුවන්[සංස්කරණය]

පසුගිය සහභාගිකරුවන්ගේ ලැයිස්තුවක් සඳහා ලෝක විද්‍යා උළෙලේ නිල වෙබ්අඩවිය බලන්න.

2013 උළෙල[සංස්කරණය]

මැයි 29 - ජුනි 2
සයවෙනි වාර්ෂික ලෝක විද්‍යා උළෙල "ස්පූකි ඇක්ෂන් " එනම්, යථාර්ථ - නම්‍ය ක්වන්ටම් යාන්ත්‍රික විද්‍යාවේ අපුර්ව ගුණ වලට විචිත්‍රව පණ පොවන වැඩසටහනකින් ආරම්භ විය. ඉහළ ප්‍රතිචාර මත නැවත ඉදිරිපත් කෙරුණු "ස්පූකි ඇක්ෂන්" වැඩසටහනේ මුලිකත්වය හිමි වුනේබ්‍රයන් ග්‍රීන් , මාරියා ගෙස්ට් , කාල් හොවෙල් හා මයිකල් රොෂ්ට ය. ඊට අමතරව 2013 උළෙලේ ජේම්ස් වොට්සන්, උළෙලෙහි අංගයක් වශයෙන් බහු-පාඨමාලා අත්දැකීම් වැඩසටහනක් ලෙස "ඔන් දි ශෝල්ඩ'ස් ඔෆ් ජයන්ට්ස්" ("On the Shoulder's of Giants") සහ" දි ටේස්ට් ඔෆ් සයන්ස්" ("The Taste of Science") නම් වූ විද්‍යාඥයන් හා සූපවේදීන් එකතුවී ස්වාදු භෝජනකලා පරීක්ෂණ තුළින් දියුණු කළහැකි විද්‍යාත්මක අනාවරණයන්ට ඇති ස්ථානය දැක්වීය.

මෙම පස්දින පාඨමාලාවේ 50ක් පමණ විවිධ වූ වැඩසටහන් වලට සහභාගිකරුවන් 200,000කට අධික පිරිසක් සහභගී වුහ. එම වැඩසටහන් නිව් යෝර්ක් නගරය පුරා ස්ථාන 28ක පැවැත්වුණි.

2012 උළෙල[සංස්කරණය]

මැයි 30 - ජුනි 3
පස්වෙනි සාංවත්සරිකය උළෙල “විද්‍යාවට අභිවාහ්‍ය කලා උත්තමාචාරයක් ” වශයෙන් උත්සව සැමරුමක් ලෙස ආරම්භ විය. මෙම වැඩසටහනට ඇලන් අල්ඩා, ජෝෂුවා බෙල්, ටොඩ් එලිසන්, පෙයිජ් ෆුඅර්, ඩ්රු ගෙහ්ලින්ග්, බ්‍රයන් ග්‍රීන්, රෝස් හෙමින්ග්වේ , ඩේවිඩ් හිබ'ර්ඩ්, MOMIX, ඩෙබ්රා මොන්ක් , අර්න් ම'මාන්, ජේම්ස් නෝටන්, ඇබී ඔබ්‍රින්, ටී. ඔලිවර් රීඩ් සහ ටීල් වික්ස් යන අය සහභාගී වුහ.

මෙම උළෙලට වැඩසටහන් හා විශේෂාංග 50ක් හා ලක්ෂ 2ක පමණ පිරිසක් සහභාගි විය. "ඉක්රස් ඇට් දි එජ් ඔෆ් ටයිම් " (Icrus at the edge of time); "දි එනවුන්ස්මන්ට් ඔෆ් දි 2012 කව්ලි ප්ර්යිසෙස් "; (the announcement of the 2012 Kavli Prizes); දෙවතාවක් පුට්ලිසර් සම්මානය දිනාගත් එඩ්වර්ඩ් ඕ . විල්සන් ගේ දෙවැනි වාර්ෂික ඔන් ද ශෝල්ඩර්ස් ඔෆ් ජයන්ට්ස් (On the Shoulders of Giants) කථාව මීට ඇතුළත් විය.

2011 උළෙල[සංස්කරණය]

ජුනි 1 - ජුනි 5
සාංවත්සරිකය උළෙල ඇලන් අයිඩා ගේ නව නාට්‍යක් වූ "රේඩියන්ස්: දි පැෂන් ඔෆ් මාරි කියුරි" (මාරි කියුරි ගේ මහත් ළැදිකම) හි පාඨයක් සමඟ ආරම්භ විය . දින 5ක් දක්වා පැවැත්වුණු මෙම 2001 උළලේදී , වැඩසටහන් හා විශේෂාංග 41ක්ද, 150ක සහභාගිකරුවන් හා කථිකයන් ද සිටියහ. මෙය නැරඹීමට ආසන්න වශයෙන් 197,000ක පිරිසක් සහභාගී වූ අතර 110,000ක පිරිසක් අන්තර්ජාලයෙන් සජීවී නරඹන්නන් ලෙස සහභාගී වුහ.

2010 උළෙල[සංස්කරණය]

ජුනි 2 - ජුනි 6
2010 වසර වර්ෂික විද්‍යා උත්සව උළෙලේ පළමු වර්ෂය ලෙස සනිටුහන් විය. මෙවර උළලේ ගෞරවාන්විත පුද්ගලයා වුයේ ස්ටීවන් ඩබ්.හොව්කින් ය. ඇලන් අයිඩා යො-යෝ මා සහ ජෝන් ලික්ගෝ උත්සවය ඉදිරිපත්කරන්නවුන් අතර විය. මෙම උළෙලේ වැඩසටහන් 40 අතර කලාකරු චක් ක්ලෝස් සහ ස්නායු විශේෂඥ ඔලිවර් සැක්ස් යන දෙදෙනාටම උරුම වූ ප්රෝසොපැග්නොසියා හෙවත් මුහුණු හැඳිනීමට නොහැකිවීම පිළිබඳ වූ "ස්ට්‍රේන්ජර්ස් ඉන් ද මිරර් " (කැඩපතෙහි අමුත්තෝ) නම් කතාබහද ඇතුළත් විය.

2009 උළෙල[සංස්කරණය]

ජුනි 10 - ජුනි 14
උළලෙහි දෙවන වසර වන විට එහි මුළු ප්‍රේක්ෂක ප්‍රජාව 40,000 ක සිට 160,000 දක්වා වර්ධනය විය. මෙවර වැඩසටහන් අතර හේඩ්න් ග්‍රහලෝකාගාරයේ "Digital Universe"(ඩිජිටල් යුනිව'ස්) නම් විශ්වයේ ත්‍රිමාණ ගමන් අත්දැකීමක්ද, ප්ලෙයස් ක්ලබ් හි The Moth (දි මොත්) කථා නාමාවලියේ දෙවැනි උපනිෂ්පාදනයක්ද අන්තර්ගත විය.

2008 උළෙල[සංස්කරණය]

සැකිල්ල:ප්‍රධාන සටහන මැයි 29 - ජුනි 1
ලෝක විද්‍යා උළලේ කුළුඳුල් වර්ෂයේදී වැඩසටහන් 44ක් නිෂ්පාදනය වූ අතර 129,000ක මුළු පිරිසක් සහභාගී වුහ. එහි 150කට අධික සහභාගිකරුවන්, කථිකයන් සහ ඉදිරිපත්කරුවන්ගෙන් 11දෙනෙක් නොබෙල් ත්‍යාග හිමිකරුවන් වීම විශේෂත්වයකි. මෙම උළෙල පැවැත්වුණු ස්ථාන අතර ස්වභාවික ඉතිහාසය පිළිඹඳ වූ ඇමෙරිකානු ජාතික කෞතුකාගාරය, ඇබිසීනියානු බෞතීස්ම පල්ලිය හා NYU ස්ක්ර්බෝල් මධ්‍යස්ථානය විය.මුළු ප්‍රේක්ෂකයන් 120,000කට අධික ප්‍රමාණයක් විය ..[2]

මුලාශ්‍ර[සංස්කරණය]

  1. Non-profit status and chairman position from the foundation's 990-EZ form for 2006, accessible online via GuideStar, GuideStar USA, Inc., 2008, http://www.guidestar.org, ප්‍රතිෂ්ඨාපනය 2008-06-11 . Current board of directors from World Science Festival (April 2008), Board of directors, Science Festival Foundation, archived from the original on June 7, 2008, http://web.archive.org/web/20080607125656/http://www.worldsciencefestival.com/about-us/board-of-directors, ප්‍රතිෂ්ඨාපනය 2008-06-08 
  2. Venues and event numbers: Overbye, Dennis (June 3, 2008), "An Overflowing Five-Day Banquet of Science and Its Meanings", New York Times, http://www.nytimes.com/2008/06/03/science/03fest.html, ප්‍රතිෂ්ඨාපනය 2008-06-05 . Summit: Timmer, John (May 28, 2008), "First Kavli Prize winners in new fields of science announced", Ars Technica, http://arstechnica.com/news.ars/post/20080528-first-kavli-prize-winners-in-new-fields-of-science-announced.html, ප්‍රතිෂ්ඨාපනය 2008-06-05 . Attendance: Souccar, Miriam (June 6, 2008), "City's Science Festival attracts record numbers", Crain's New York Business, http://www.crainsnewyork.com/apps/pbcs.dll/article?AID=/20080606/FREE/571186140/1047, ප්‍රතිෂ්ඨාපනය 2008-06-06 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලෝක_විද්‍යා_උළෙල&oldid=433499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි