ලෝකඩ බුදු පිළිම සෑදීම

විකිපීඩියා වෙතින්

පුරාණ ක්‍රම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පමණක් නොව පුරාණ ලෝකයේ සෑම ශිෂ්ටාචාරයකම ප්‍රතිමා කලාවට මූලික වී ඇත්තේ ඒ ඒ ශිෂ්ටාචාරයන්හි සිටි ජනතාවගේ ආගමික විශ්වාස බව සැලකිය හැකිය. මෙම ශිෂ්ටාචාරවල මිනිසුන් තමා‍ගේ විශ්වාස අනුව විවිධ දෙවි දෙවතාවන් ද,යක්ෂ භූතාදීන්ගේද රූප ඇඳීමට හෝ ඇඹීමට පෙළඹීම ඊට ‍හේතු වී ඇති අතර සංවිධානාත්මක ආගම් බිහිවීම මගින් මෙකී කලා කෘති සඳහා තෝතැන්නක් විය.බටහිර රටවල පල්ලි ආශ්‍රිතව ද ඉන්දියාවේ දේවාල ආශ්‍රිතව ද පෙරදිග ‍‍ ‍‍බෞද්ධ ආරාමවල ද දක්තට ඇති ප්‍රතිමා හා චිත්‍ර ඊට උදාහරණ වේ.බෞද්ධ ආරාමවල ඇති මෙවැනි කලා කෘති අතරින් ඉතාමත් වැදගත් වන්නේ පූජනීය වන්නේත් බුදු පිළිම හා බෝසත් පිළිම වේ.‍ලෝකඩ, පාෂාණ හා දැවයෙන් නිමවා ඇති ‍මෙම නිර්මාණ ආරම්භයේදී මැට්ටෙන් නිමවන්නට ඇතයි සැලකිය හැක්කේ ප්‍රතිමා නිර්මාණය පිළිබඳ ක්‍රි.ව. 7 - 8 කාලයේදී රචිත ග්‍රන්ථයක් වන මංජු ශ්‍රී චිත්‍ර කර්ම ශාස්ත්‍රයේ මැට්ටෙන් ප්‍රතිමා නිර්මාණය කිරීම පිළිබඳ දක්නට ඇති බැවිනි. ක්‍රි.පූ. 3000 ට පමණ අයත් වන මෙවැනි නිර්මාණ ඉන්දුනිම්න ශිෂ්ටාචාරයෙන් ලැබී ඇත. ඉන් අනතුරුව ගලෙන් ද , ගඩොලෙන් ද ප්‍රතිමා නිර්මාණය කළ බව සාධක ලැබී ඇත.

කෙසේ ‍වෙතත් ප්‍රතිමා නිර්මාණයේ උච්චතම අවස්ථාවක් ලෙස ලෝහ භාවිතයෙන්පිළිම නෙළීම දැක්විය හැකිය. අනුරාධපුර වෙහරගලින් යමු වී ඇති අනුරාධපුර යුගයට අයත් බුදු පිළිම හා බෝසත් පිළිම සිංහල කලාකරුවන්ගේ ප්‍රතිමා නිර්මාණ කුසලතාව ප්‍රදර්ශනයවේ.මෙහීදී පැහැදිලි වන කරුණු වන්නේඒවායේ නිෂ්පාදන තාන්ෂණය මෙන්ම කලා කෘති‍යේ කලාත්මක බව රැකෙන පරිදි ප්‍රතිමාවේ අංගෝපාංග පිළිබඳව මිනුම් ප්‍රමාණයන් ගැන ශිල්පියාට මනා දැනුමක් තිබෙන්නට ඇත.මිහින්තලය පුරාවිද්‍යා ‍කෙෳතුකාගාරයේ දක්නට ලැබෙන චිත්‍රවල සටහන් කරන ලඳ සමමිතික රේඛා අදත් දක්නට ලැබේ.අව්කන හිටි පිළිම‍යේද මෙම ලක්ෂණ දක්නට ලැබේ.මංජු ශ්‍රී ගුරුකුලයේ මිනුම් ක්‍රම ලෙස දක්වන්නේ


01. මාන

02. ප්‍රමාණ

03. පරිමාණ

04. උන්මාණ

05. උපමාණ

06. ලම්බමාණ


01. මාණ

පිළිමයක හිස මුදුනේ සිට පාදන්තය දක්වා පිළිමයේ ඉදිරිපස හරි මැදින් ඇඳි ලම්බ ‍රේඛාවක් පදනම් කර‍ගෙන ඒ ඒ අවයවයට ඇති මිනුම්.

02. ප්‍රමාණ

ඒ ඒ අවයව සඳහා ඇති මිනුම්.(උරහිස්, පපුවේ පළල)

03. පරිමාණ

වටප්‍රමාණය දැක්වීම.(අත්,පා)


04. උන්මාණ

ඉදිරියට ‍නෙරා ඇති අවයව පිළිබඳ (නාසය,නාභිය)

05. උපමාණ

හිදැස් පිළිබඳ (අත් පා හෝ ඇඟිලි අතර හිදැස්)


06. ලම්බමාණ

ලඹ ගැට ගැසූ නූල් එල්ලී‍මෙන් ප්‍රතිමාවේ සමමිතිය ආරක්ෂා කර ගැනීම ප්‍රතිමාවේ ඉදිරියෙන් ලඹ ගැට ගැසූ නූල් 09,පිටුපසින් ලඹ ගැට ගැසූ නූල් 05 එල්ලනු ලැ‍බේ.


*තාල මිනුම්*

ප්‍රතිමාවක මුළු උස තාල මිනුමකින් බෙදීමෙන් මෙම ක්‍රමය සදාගෙන ඇත. පූජනීය ප්‍රතිමා සඳහා උත්තම දශතාලය ‍‍යොදාගනු ලැ‍‍බේ.

ලෝහ ප්‍රතිමා සෑදීමේදි මාණ ක්‍රමය ‍යොදා ගන්නේ අච්චුව සඳහාය.(මී,බඹර ඉටිවලින් ) ලෝහයෙන්

නිපදවන පිළිම

01. ඒකඝන

02. ඇතුළත කුහරය සහිත ‍වේ.


ඉටි වලින් සෑදු පිළිමයේ හිස මුදුනත සිදුරක් ඉතිරි වන පරිදි වැලිකැට රහිත කිරිමැටි වැනි අකාබනික මැටි එම පිළිම‍යේ තවරයි. වියළී‍මෙන් අනතුරුව මැටි තවරයි.වියළී‍මෙන් අනතුරුව උදුනේ එක් පසෙක පිළිමයට අවශ්‍ය ලෝකඩ කෝවක් තුළ උණු කෙරෙන අතර මැටි තැවරූ ඉටි වලින් සෑදු පිළිමය ද එහි පුළුුස්සනු ලැ‍‍බේ. ඉටි උනු වී අච්චුව නිර්මාණය වේ.පිළිමඅච්චුවේ හිස මුදුනත සිදුරින් ලෝහය වත් කරනු ලැ‍‍බේ.අච්චුවත්,ලෝහයත් එක සමානව රත් විය යුතුය.සිසිල් වීමෙන් අනතුරුව මැටි ආවරණය ඉවත් කරයි.අනතුරුව රන් ආලෙප කරයි.රන්,රසඳිය,බුලත් කොළ යුෂ වෙ‍ඬරු මෙන් කොට ඇඟිල්‍‍ලෙන් ගානු ලැ‍‍බේ.උණුගිනි සිළුව මගින් රන් ආලෙප සම කරනු ලබයි.නේත්‍රා උත්සවය මඟින් එය පූජනීය කරනු ලැ‍‍බේ.මේ ක්‍රම උපයෝගි කරගෙන අතීතයේදී ලෝකඩ බුදු පිළිම සෑදීම සිදු කොට ඇත.ලෝකඩ බුද්ද ප්‍රතිමා මොනවාද



මූලාශ්‍ර[සංස්කරණය]

2010 ජනවාරි 31 දිවයින ඇසුරෙන්

"https://si.wikipedia.org/w/index.php?title=ලෝකඩ_බුදු_පිළිම_සෑදීම&oldid=509072" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි