ලොස්ට්

විකිපීඩියා වෙතින්
(ලොස්ට් (ටෙලි නාට්‍ය මාලාව) වෙතින් යළි-යොමු කරන ලදි)
ලොස්ට්
ප්‍රභේදයවික්‍රමාන්විත
අභිරහස් ප්‍රබන්ධ
විද්‍යා ප්‍රබන්ධ
අත්භූත
ආකෘතියමාලා නාට්‍ය
තැනුවේජෙෆ්රි ලීබර්
ජේ.ජේ. ඇබ්‍රම්ස්
ඩේමන් ලින්ඩ්ලොෆ්
රචනය කලේඩේමන් ලින්ඩ්ලොෆ් ( කථාංග 45 )
කාල්ටන් කියුස් ( කථාංග 39)
එඩ්වඩ් කිට්සිස්( කථාංග 21)
ඇඩම් හොරොවිට්ස් (තිර රචක) (කථාංග 21 )
එලිසබත් සමෝෆ් (කථාංග 19)
සහ තවත් අය.
අධ්‍යක්ෂණය කලේජේ.ජේ. ඇබ්‍රම්ස් (ආරම්භක කථාංගය)
ජැක් බෙන්ඩර්(කථාංග 42 )
ස්ටීෆන් විලියම්ස් (අධ්‍යක්ෂක) (කථාංග 26)
සහ තවත් අය.
රඟපෑමපහලට
Composer(s)මයිකල් ගියක්ෂිනෝ
සම්භව රටඑක්සත් ජනපදය
භාෂාව(න්)ඉංග්‍රීසි
කථාවාර සංඛ්‍යාව6
කථාංග ගණන121 (කථාංග ලැයිස්තුව)
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ජේ.ජේ. ඇබ්‍රම්ස්
ඩේමන් ලින්ඩ්ලොෆ්
බ්‍රයන් බර්ක්
කාල්ටන් කියුස්
Jජැක් බෙන්ඩර්
ජෙෆ් පින්කර් (3 වාරය)
ස්ටීෆන් විලියම්ස්(4–5 වාර)
එඩ්වඩ් කිටිස්(5–6 වාර)
ඇඩම් හොරෝවිට්ස් (5–6 වාර)
ජීන් හිගින්ස් (6 වාරය)
එලිසබත් සමෝෆ් (6 වාරය)
ස්ථානය(න්)ඔවාහු, හවායි
කැමරා සැලැස්මතනි කැමරා
ධාවන කාලයමිනිත්තු 40–48
නිෂ්පාදන සමාගමබෑඩ් රොබට් නිෂ්පාදන
ABC මැදිරිය (2004–2007 ටච් ස්ටෝනේ ට්ව ලෙස)
බෙදාහරින්නාඩිස්නි-ABC ගෘහස්ත රසවින්දන
බුවෙනා විස්ටා ගෘහස්ත රසවින්දන
ප්‍රචාරණය
මුල් නාලිකාවABC රුපවාහිනිය.
රූප ආකෘතිය480i (SDTV)
720p (HDTV) ABC HD
1080i (HDTV) Sky1 HD, Premiere HD, Seven HD
මුල් ධාවනයසැප්තැම්බර් 22, 2004 (2004-09-22) – මැයි 23, 2010 (2010-05-23)
බාහිර සබැඳි
වෙබ් අඩවිය

ලොස්ට් යනු ඇමරිකානු ක්‍රියාදාම රුපවාහිනී මාලාවකි. එය ඇමරිකන් බ්‍රෝඩ්කාස්ටින් සමාගමේ (ABC) 2004 සිට 2010 දක්වා විකාශනයකෙරුණි.ඒ කොටස් 121ක් ලෙසටය.මෙයට පාදක වී ඇත්තේ ගුවන් අනතුරක් වට ගෙතුණු කතාවකි.ඒ ඕෂනික් එයාලයින්ස් සමාගමේ මගී ප්‍රවාහන ගුවන් යානයක් , සිඩ්නි සිට ලොස් ඇන්ජලීස් දක්වා ගමන් කරන විට අනතුරකට පත්වීමක් සම්බන්දයෙනි. එම යානය කඩා වැටෙන්නේ දකුණු පසිෆික් සාගරයේ අභිරහස් දුපතකටය. මෙම කතාව මෙහිදී දැඩි ලෙස කොටස් වශයෙන් පළකර ඇත.මෙහි කොටස් සාමාන්යෙන් දුපතේ ප්‍රථමික කතාව මත ගොඩනැගී ඇති අතර ඇතැම් කොටස් එක් එක් චරිතවල ජීවිතයේ ප්‍රධාන කොටස් මත ගොඩනැගී ඇත.

ලොස්ට් ජෙෆ්රි ලීබර්, ජේ. ජේ. ඒබ්‍රහම්ස් සහ ඩේමන් ලින්ඩ්ලොෆ් යන අයගේ නිර්මාණයක් වේ.ඊට අමතරව තවත් විශාල පිරිසක් මෙහි නිර්මාණයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.මේ අධික කාර්යමණ්ඩලය හේතුවෙන් ,මෙහි පළමු කොටස සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 14ක් පමණ වැය වී ඇත. මේ විශාල වියදම, මෙහි නිෂ්පාදකවරුන්ට රුගතකරන පරිසරය ගැන දෙවරක් සිතීම පොළඹව තිබේ.

ලොස්ට් හි අධික සාර්ථකත්වය නිසා මෙය ජනප්‍රියම ටෙලි නාට්‍ය 10 තුල රැදී සිටීමට හැකිව තිබේ. මෙහි පළමු වාරය අවසන් වන විට ප්‍රේක්ෂකයන් මිලියන 15.69 පමණ රැස්කරවා ගැනීමට දක්ෂව තිබේ. මෙහි 6වන වාරය අවසන් වන විට ඇමරිකානු ප්‍රේක්ෂකයන් පමණක් මිලියන 11කට ආසන්නව රුපවාහිනී තිරය ඉදිරියේ රඳවා තබා ගැනීමට සමත්ව තිබේ.එම නිසාම ලොස්ට් සම්මාන ගණනාවකට නිර්දේශ වී ඇත. එය කාලයක් IMDb හෙවත් අන්තර්ජාතික චිත්‍රපට දත්ත සමුදායෙහි රුපවාහිනී කථා මාලා අතර පළමු තැන ගැනීමටද සමත් විය.2013 වසරේදී ඇමරිකානු සංවිධානයක් විසින් , ලොව හොඳම මාලා නාට්‍ය 101ක් අතුරින් 27ත් වන ස්ථානය ලොස්ට් වෙත ලබදෙනලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ලොස්ට්&oldid=349661" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි