ලුහුඬු දැන්වීම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලුහුඬු දැන්වීම්, විශේෂයෙන් පුවත්පත්වල දැකිය හැකි මාර්ගගත සහ අනෙකුත් වාර්තාවල උදා- ලෙස මුදල් ඉතිරි කරන හෝ වියදම් නැති දැන්වීම් සහිත පත්‍රවල ද පළවන දැන්වීම් ආකාරයකි. ලුහුඬු දැන්වීම් ප්‍රමිතියකට අනුව සැකසූ දැන්වීම් හෝ ව්‍යාපාරික ආදර්ශයන් ගෙන් වෙනස් වන අතර ඒවා පෞද්ගලික හෝ තනි තනි වශයෙන් (සුළු සමාගම් හෝ සංස්ථා ඊට අයත් නොවේ) නිෂ්පාදයන්ට අලෙවියන් හෝ සේවාවන් ඉල්ලමින් පළ කෙරෙන දැන්වීම් වේ.

විමසුම[සංස්කරණය]

‍ ලුහුඬු දැන්විම් යනු සාමාන්‍යයෙන් විකිනීමට ඇති දෙය පිළිබඳව කෙටියෙන් ලියැවුණු දුරකතන අංක මඟින් වඩාත් විස්තර සපයා ගත හැකි ආකාරයේ දැන්වීම්ය. එයට තව වඩාත් විස්තර ද සැපයිය හැකි අතර එනම් සම්බන්ධ කරගත හැකි තවත් ලිපිනයක් හෝ නිෂ්පාදනය පිළිබඳ සවිස්තරයක් ද දිය හැක. (උදා - “රෙදිපිළි” වෙනුවට කලිසම් සහ උඩුකයට ඇඳුම්, සයිස් 10” හෝ “රථ වාහන” වෙනුවට රතු 1996 පොන්ටියැන් මහා රථ තරඟය ග්‍රෑන්ඩ් පික්ස්) සාමාන්‍යයෙන් මෙහි පින්තූර හෝ අනෙකුත් රූප රාමු මෙම දැන්වීම්වල අඩංගු නොවන අතර සමහර විට කුඩා ලාංඡනයක් භාවිතා කළ හැක.

ලුහුඬු දැන්වීම් එසේ හැඳින්වෙන්නේ ප්‍රකාශනය තුළ විවිධ මාතෘකා යටතේ සාමාන්‍ය වර්ගීකරණයක්, සිදු කරමින් සේවාවන් නිෂ්පාදනයන් වර්ග කරමින් (ගිණුම්කරණය, රථ වාහන, රෙදි පිළි, ගොවිපල නිෂ්පාදන, විකිණීමට තිබේ, කුලියට යනාදී) සහ සම්පූර්ණ කාණ්ඩගත කරමින් ප්‍රකාශනයේ සුවිශේෂී ස්ථාන එයට දෙමින් එය ප්‍රදර්හන වෙළඳ දැන්වීම්වලට වඩා පැහැදිලි පෙනෙන ලෙස, එනම් ප්‍රකාශන කලාව සහිත චිත්‍ර ඇතුළත් ප්‍රකාශනය පුරා විහිදුනු කතු වැකියට යාබද වෙළඳ දැන්විම්වලට වඩා වෙනස් ලෙස පළ කිරීම වේ.

ආකාර දෙකක මුහුම්කරණය ප්‍රදර්ශනාත්මක සහ ලුහුඬු දැන්වීම් - නිතරම හමු විය හැක. කණ්ඩගත දැන්වීම්වල දී විශාල ප්‍රමාණයක් රූප සහිත විස්තරාත්මක ඒවා ද ප්‍රකාශනයක ලුහුඬු දැන්වීම කොටස් අතරතුරේ හමු විය හැක. ව්‍යාපාරික අවස්ථා ලුහුඬු දැන්වීම් අතර හමු විය හැකි අතර ඒවා සේවා අලෙවිය සඳහා භාවිතා කරන අතර 1-800 දක්වා අතර ප්‍රමාණයක් රැකී රක්ෂා සංඛ්‍යා එහි විය හැක. ලුහුඬු දැන්වීම් අතර බොහෝ සමාගම් නව රැකියා අවස්ථාවන් ද දැන්වීමට අවස්ථා කර ගෙන ඇත.

මුද්‍රිත ලුහුඬු දැන්වීම් දිගින් ඉතා සීමිත ලෙස තීරුවක පේළි ගෙන ඇති අතර ඒවා කෙටි යෙදුම් මඟින් පුරවා ඇති අතර ඉන් ඉඩකඩ සහ මුදල් ඉතිරි කර ගෙන ඇත.

වර්තමානයේ අන්තර්ජාලය වෙත ද ලුහුඬු දැන්වීම් ව්‍යාප්තව තිබෙනු දැකිය හැක.

For Sale - Classifieds.jpg
"http://si.wikipedia.org/w/index.php?title=ලුහුඬු_දැන්වීම්&oldid=283897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි