ලීසියූ හී තෙරේස් තුමිය

විකිපීඩියා වෙතින්
ලීසියේ හී ශුද්ධවූ තෙරේස් තුමිය, O.C.D.
ප්‍රභෘෂ්ට කන්‍යා සොහායුරිය
ක්‍රිස්තියානි සභාවේ ධර්මාචාර්යය
උපතජනවාරි 2, 1873(1873-01-02)
ඇනෝසුං, ඕහ්න්, ප්‍රංශය
මරණයSeptember 30, 1897(1897-09-30) (වයස 24)
ලීසිය , කැල්වඩුස්, ප්‍රංශය
ගරු කරනු ලබනුයේකතෝලික සභාව
භාග්‍යවත් භාවයට එසවූයේඅප්‍රේල් 29, 1923 එකළොස්වන පියුස් පාප්වහන්සේ විසින්
ශුද්ධවර භාවයට එසවූයේමැයි 17, 1925 එකළොස්වන පියුස් පාප්වහන්සේ විසින්
ප්‍රධාන සිද්ධස්ථානලීසිය හී ශුද්ධවූ තෙරේස් බැසිලිකාව, ප්‍රංශය
මංගල්‍යය දිනඔක්තොම්බර් 1
ඔක්තොම්බර් 3 සාමාන්‍ය රෝමානු දින දසුනෙහි 1927–1969, මැල්කයිට් කතෝලික සභාවෙහි
ලාක්ෂනික ගුණාංගරෝස මල්
අනුග්‍රාහකත්වයධර්මදූතයෝ; ප්‍රංශය; රුසියාව; එච්අයිවී/ඒඩ්ස් රෝගයෙන් දුක්විඳින්නෝ; මල් විකුණන්නෝ සහ වවන්නෝ; දෙමව්පියන් මියයාම; ක්ෂය රෝගය; රුස්සිකම්.

ලීසියේ ශුද්ධවූ තෙරේස් තුමිය (උපතේදී නම මාරී ෆ්‍රන්ස්වාස්-තෙරේස් මාර්ටන්; ජනවාරි 2, 1873 – සැප්තැම්බර් 30, 1897), හෝ බිලිඳු ජේසු තුමාගේ සහ ශුද්ධවූ වත මණ්ඩලයේ ශුද්ධවූ තෙරේස් තුමිය, ඕ.සී.ඩී. යනු, වර්තමානයේ අති පුළුල් ලෙසින් වන්දනයට පාත්‍රව සිටින රෝමානු කතෝලික ප්‍රංශ පාවහන් නොපලඳින කාමලයිට් කන්‍යා සොහොයුරියකි. "ජේසු තුමාගේ කුඩා මල" ලෙසින් හෝ සරල ලෙසින් "කුඩා මල" ලෙසින් හෝ ඇය ජනප්‍රියව හැඳින්වෙයි.

ලීසියේ ශු. කුඩා තෙරේසා මුනිවරිය[සංස්කරණය]

ධර්මදුත සේවයේ හා තාපසිකාවන්ගේ අරක්ගත් මුනිවරිය ලෙස සැලකෙන මෙතුමියගේ මංගල්‍යය ඔක්තෝබර් 01 වනදා ට යෙදී ඇත.

ළමා කාලය[සංස්කරණය]

ප්‍රංශයේ ඇලන්සෝන් නගරයේ දී ක්‍රි.ව. 1873 ජනවාරි 02 වන දින මාරි ප්‍රැන්ෂුවා තෙරෙස් මාටින් උපත ලැබුවාය. ඇය නව දෙනෙකුගෙන් යුත් පවුලක බාල දැරිය විය. පියා ලුවිස් මාටින් වූ අතර,මව සෙලි ගෙරෑන් විය. ඔහු ඔරලෝසු සාදන්නෙකු ලෙස ක්‍රියා කළ අතර මව දක්ෂ ලේස් සාදාන්නියක් වුවාය. මේ දෙදෙනාටම එක් කාලයකදී තාපස ජීවිතයක් සදහා සිත් ඇදීයාමක් ඇතිවිය. ඔවුන් එම ජීවිතයට පත්වීම දේවකැමැත්ත නොවීය.ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාගේ දියණියන් පස් දෙනෙක්ම තාපස ජීවිතයට ඇතුලත් කළහ.දෙමාපියන් තුළ තිබු දේවභක්තිය,විශ්වාසය සහ ප්‍රේමය ඊට හේතුවිය. මෙම අබුසැමි යුවළද අද විශ්ව සභාව තුළ සුදුවරුන් ලෙස පත්ව තිබීමද සුවිශේෂී වේ. කුඩා තෙරෙස් මාටින්ට අවුරුදු 08 වයස් වූ විට සෙලි ග්රැන් පියයුරු පිළිකාවක් හේතුවෙන් මිය යාම සිය පවුල් දිවියට එල්ල වූ මරු පහරක් මෙන් විය. නමුත් ස්ථිර ඇදහිල්ලෙන් හා විශ්වාසයෙන් සමිදුන් තුළ සියල්ල පවරා දෙමින් තම දරුවන්ගේ අවශ්‍යතාවයන් හා අරමුණු ද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ද විධිමත් මෙන්ම ස්ථාවර තත්වයකට ගෙන ඒමට ඇගේ පියා වූ ලුවිස් මාටින් ක්‍රියාකළේය. ඉන්පසු ඇගේ පියා හා තෙරේසා අතර දැඩි සම්බන්ධකමක් ඇති කොට ඇගේ ඉදිරි ගමනට අත්වැලක් වුවේය . තෙරෙස් ඉතා ලාබාල වයසේ සිටියදී පවා ශුද්ධවන්තියක් වීමට බලවත් ආසාවකින් පසු වුවාය. පියාගේ තේරුම් ගැනීම සහ ආදර්ශමත් ජීවිතයෙන් මේ යහපත් අදහස පුර්ණ කළේය.දිනක් ඇය රාත්‍රී  යාච්ඤා  කල පසු නිදාගැනීමට ප්‍රමාද වී ශීතළ පොළොවේ දණගසා ගෙන සිටිනු දුටු ඇගේ මෙහෙකාරිය වූ වික්ටෝරියා ඇය ඉක්මන් නින්දට යැවීමට උත්සහ කළහ.තෙරේසා කතාකොට," වික්ටෝරියා මට තව සුළු වෙලාවක් දෙන්න,මම අපේ ශුද්ධෝත්තම පියතුමන් වෙනුවෙන් කිව යුතු යාච්ඤා අවසාන වී නැතැයි කීවාය.මේ යහපත් ගුණාංගයෙන් පිරි සිටිය තෙරෙස්ට වුවද ඇගේ ජීවිතයේ නොයෙකුත් අඩු ලුහුඬුකම් ඇතිවිය. යහපත් ගුණාංගයෙන් පිරි සිටිය තෙරෙස්ට වුවද ඇගේ ජීවිතයේ නොයෙකුත් අඩුලුහුඬුකම් ඇතිවිය. උදාහරණයක් වශයෙන් ඇය අහංකාර ගති ඇති හිතුවක්කාර ළමයෙක් වන්නට ඉඩ තිබුණි. නමුත් ඇගේ පියාගෙන්ද සොහොයුරියන්ගෙන්ද ලැබුණු අවවාද අසා ඇය තම දමන කර , වැරදි හරිගස්සා ගත්තාය.සියල්ලන්ගේ ආදරයට සහ ආකර්ෂණයට පාත්‍ර වූ දැරියක ලෙස නිතරම ප්‍රීතියෙන් සිටීමටත් , රගපෑමට සහ අනුකරණය කිරීමට ප්‍රබල හැකියාවක් දැක්වූ මෙතුමිය පාසල් අධ්‍යාපනය තුළ ඉමහත් දක්ෂතා දක්වන ලද දැරියක වුවාය. මෙකි දක්ෂකම සෙසු සිසුන්ගේ ඊර්ශ්‍යාවට යොමුවූ අවස්ථාවක් විය. පාසල් අධ්‍යාපනය පිළිබද ඕ හට දැඩි කලකිරීමක් ඇති වූ අතර මේ නිසාම පාසල් ගමන නවතා දමා තම සොයුරියන්ගේ උපකාරය මත විධිමත් අධ්‍යාපනය ලබා ගන්නට මෙතුමියට හැකිවූ බව සදහන් වේ. මෙහිදී සිය වැඩිමහල් සොයුරිය වූ පොලින් ඇයට සැම අතින් මවක ලෙසින් ක්‍රියා කල අතර එමගින් කුඩා තෙරෙස් හට යම් තරමක හෝ අස්වැසිල්ලක් ලද බව සදහන් වේ. කල්යත්ම මෙම සොයුරිය කාර්මෙල් කන්‍යාරාමය වෙත පිවිසි අතර එය කුඩා තෙරෙස්ට ඉතා තදින් බලපෑ අතර, ඇය තදබල ලෙස රෝගාතුර වූ බවද සදහන් වේ.

කාර්මෙල් තාපසිකා පංතියට ඇතුළුවීම[සංස්කරණය]

ඇගේ වැඩිමහල් සොයුරිය වූ පොලින්ගේ නික්මයාමත් සමගම ඇය එයමක්ද තාපසිකාවක් වීමේ දැඩි ආශාවක් ඇති වූ අතර , කල්යත්ම ඇගේ තවත්සොයුරියන් දෙදෙනෙක් කාර්මෙල් පංතියට සහ දිළිදු ක්ලාරා තාපසිකා පංතියට ප්‍රවිෂ්ට වූ අතර ඇගේ එම ආශාව දිනෙන් දින ත්‍රිව්‍ර වන්නට විය. ඇගේ සොහොයුරියන් අනුගමනය කර, කාර්මෙල් තාපස පන්තියට ඉතාම ලාබාල වියේදීම ඇතුළුවීමට ශ්‍රේෂ්ඨතුමියගෙන් ය අවසර ඉල්ලා සිටියාය. ඇය බාල වයස්කාරියක් නිසා අවසර නොලැබුන බැවින් ,ඉන් නතර නොවී, තම පියාගේ ආධාරය ඇතිව, රෝමයට වන්දනා ගමනක් ගිය අවස්ථාවේදී 13 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමා ඉදිරියෙහි දණින් වැටි යට වයස අවු 15 වන විට කාර්මෙල් තාපස පන්තියට ඇතිලු වීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියාය. ඇයට අවසරය ලැබිණි .එම දිනය නම් ක්‍රි.ව. 1888 අප්‍රියෙල් 09 දිනයි. සිය කුඩා දියණිය හෙවත් " මගේ කුඩා රැජින " යනුවෙන් කුඩා තෙරේස්ව හැදින්වූ සිය පියා වූ ලුවිස් මාටින් , තම දියණිය වයස අවුරුදු 15 දී කාර්මෙල් කන්‍යාරාමයට පිවිසීමෙන් පසු මානසික මෙන්ම ශාරීරික දුබලතාවයන්ට පත්වූ සිව් වන දියණිය වූ සෙලින් මාටින්ගේ උපස්ථාන මත විසිමින් ක්‍රි.ව. 1894 ජුලි 29 වන දින ස්වර්ගස්ථ වු බව සදහන් වේ. කාර්මෙල් කන්‍යාරාමයට පිවිසීමෙන් පසුව ජේසු සමිදුන්ගේ කුඩාමල වන තෙරේසා සොහොයුරිය ලෙස නම් වු මෙතුමිය පුදුමාකාර විශ්වාසවන්ත තාපස ජීවිතයක් ගත කළාය. ජේසු සමිදුන් මහත් ආදරයෙන් ඉතා සරල මාර්ගයක ගමන් කරමින් ඇගේ දිනපතා ජීවිතයේ සාමාන්‍ය යුතුකම් හා විශ්වාසවන්තව ඉටු කළාය .ඇයට මහා පව්කාරයන් දෙවියන්වහන්සේ වෙතට හැරවීමට හැකි වුයෙන්, ශුද්ධවන්තියක් වීමට හැකි වුයේ මේ සරල මාර්ගයේ ආධාරයෙනි. කුඩා දරුවෙකු ලෙස සෙසු කන්‍යා සොයුරියන් විසින් ඇයව ප්‍රතික්ෂේප ලක් කල නමුත් ඈ වෙත එල්ල වුණි, බාධක ,පිඩා,ගර්ජන හා තර්ජන සියල්ලම සමිදුන් කෙරේ තබා ඒ සියල්ල තමන් වෙත ලද ත්‍යාගයන් ලෙස දෙවි සමිදුන් වෙතම පවරා දුන්නාය. ඇගේ නව අවුරුදු කන්‍යාරාම ජීවිත ඉතා මුවාවූ ජීවිතයකි.ඒ කෙසේද යත් ඇගේ සොහොයුරියන් පවා මෙවැනි උතුම් ශුද්ධවන්තියක් ඔවුන් අතර ජීවත් වූ බව කලෙකත් නොසිතුවෝය. කන්‍යාරාම ජීවිතය තුළ ඈ නිතරම ප්‍රීතියෙන් සිටීමෙන් ද , රගපෑමෙන් සහ ගායනාවෙන් ද සියල්ලන්ගේ ආදරයට සහ ආකර්ෂණයට පාත්‍ර වුවාය. එක් අවස්ථාවක මෙතුමිය තම සොයුරියන් සහ එක්ව ප්‍රංශයේ ආරක්ෂක මුනිවරිය වූ ශු. ජොහාන්දාක් මුනිවරියගේ දිවිය රගදැක්වූ බව සදහන් වේ. තවද ඇගේ විශේෂ කාර්යක් වුයේ මර්ධන ක්‍රියා මගින් පව්කාරයන් ගලවාගැනීමත්, ධර්මදූත කටයුතු සඳහා වෙහෙස දරණ පුජාප්‍රසාදීන් වෙනුවෙන් ,ශු. සභාවේ වර්ධනය සඳහාත් යාච්ඤා කිරීමත්ය.

ස්වර්ගස්ථ වීම[සංස්කරණය]

ඇගේ නව අවුරුදු කන්‍යාරාම ජීවිත ඉතා මුවාවූ ජීවිතයකි.ශාරීරිකව හා මානසිකව ඇය බොහෝ පීඩා වින්දාය. අවසානයේදී ක්ෂ්‍යරෝගය මෙතුමියට වැළදුන අතර එම`ගින් තමා දේව අභිමතයට සම්පූර්ණයෙන්ම යටත්කර, නිර්භීතව, ඉවසීමෙන් යුතුව, දෙවියන්වහන්සේගේ දයාබර ප්‍රේමයේ යාගයක් ලෙස තමාවම පුද කළාය. වයස 24 දී එනම් ක්‍රි.ව. 1897 සැප්තැම්බර් 30 වන දින ඇයගේ මරණයට සුළු මොහොතකට පෙර යහන මත වාඩිවී, ඉදිරියේ බැඛෙලෙන දීප්තිමත් බැල්මෙන් —අහෝ ජේසුනි,ඔබ වහන්සේට කොතරම් ප්‍රේම කරන්නෙම්ද? ˜ කියා අන්තිම හුස්ම හෙළුවාය.

සුදුවරය[සංස්කරණය]

සිය මරණයට පෙරාතුව රෝගීව සිටින කල්හි තම මුළු දිවියම කැටි කොට චරිතාපදාන කෘතියක් සහ අධ්‍යාත්මික කෘතියක් රචනා කළ මෙතුමිය වත්මන් ශු. සභා මාතාව තුල ධර්මාචාර්යවරියක් ලෙස නම් කර ඇත. ස්වර්ගස්ථ වී ඉතා කෙටි කාලයකින් මෙතුමිය දේවසේවක තත්වයට නම් කරන ලදුව 1910 වසරේදී මෙතුමියගේ සිරුර නොදිරා හමුවිය. 1923 අප්‍රියෙල් 23 වනදා 11 වන පියුස් ශුද්ධෝත්තම පියතුමා විසින් භාග්‍යවරයට එසවූ අතර ක්‍රි.ව. 1925 මැයි 17 දින එතුමන් විසින් ම ශුද්ධවන්තයින්ගේ සංඛ්‍යාවට ඇය ඇතුලත් කරන ලදී. 11 වන පියුස් ශුද්ධෝත්තම පියතුමාගේ ප්‍රකාශයට අනුව ශු. ප්‍රැන්සිස් සේවියර් මුනිතුමා සමග ශු. කුඩා තෙරේසා තුමියද ධර්මදුත සේවයේ අරක්ගත් මුනිවරිය ලෙස පත් කෙරිණි. ලංකාවේ මෙතුමියගේ නමට කැපවූ දෙව්මැදුරු ලෙස නාකන්දපොල, කැළණිය, පේරාදෙණිය, තල්විල,තිබිරිගස්යාය, දෙහිගහපිටිය, කිලිනොච්චිය, යාපනය වන්කාලෙයි යන ස්ථාන වල පිහිටා තිබේ. මෙතුමියගේ නමට ලොව පළමු දෙව්මැදුර ද ශ්‍රී ලංකාවේ වන අතර එය නාකන්දපොළ දෙව්මැදුර වේ.

  1. Vatican.va: Catechism of the Catholic Church, Part Four: Christian Prayer Retrieved on 1 October 2006