ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
ආම්ස්ට්‍රෝන්ග් NIH හිදී කථාවක් සිදු කරයි‍.Amila R M 4 armstrongfinal.JPGArmstrong a2.JPGArmstron a3.JPGArmstrong a4.JPGAmila never says die a1.JPG


ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් (ලාන්ස් එඩ්වඩ් ආම්ස්ට්‍රෝන්ග් උපත ලැබුවේ ටෙක්සාස්, ප්ලේනෝ හිදී 1971 සැප්තැම්බර් 18 වන දිනය) යනු ඇමරිකාවේ විශ්‍රාම ගත් වෘත්තීය මාර්ග තරඟ පා පැදි ධාවකයෙකි. ඔහු 1999 සිට 2005 දක්වා ප්‍රංශ පාපැදි සවාරිය පිට පිට සත් අවස්ථාවක් ජයග්‍රහණය කර ඇත‍. එසේ කිරීමේදී ඔහු විසින් මිගුඑල් ඉඩුරේන්ගේ (පිට පිට) බර්බාඩ් හයිනෝල්ඩ්, එඩී මර්ක්ස් හා ජේකස් ඇන්ක්වෙටිල් විසින් පිහිටුවන ලද ජයග්‍රහණ පහේ පෙර වාර්තාව බිඳ දමන ලදී. මෙම ජයග්‍රහණයට පෙර ඔහු 1996 දී වෘෂණීය පිළිකාවකින් දිවි ගලවා ගත්තේය. බීජ සෛල ගෙඩියක් වූ එය ඔහුගේ මොළයට හා පෙනහළුවලට මාරු විය‍. ඔහුගේ පිළිකා ප්‍රතිකර්මවලට මොළයේ හා වෘෂණීය සැත්කමක් හා ව්‍යාප්ත රසායනික චිකිත්සා ඇතුළත් විය.

1999 දී ABC හි වයිඩ් වර්ල්ඩ් ස්පෝර්ට් හි (Wide World of Sports) වසරේ මළල ක්‍රීඩකයා බවට පත් විය. 2002 දී ස්පෝර්ට්ස් ඉලස්ට්‍රේටඩ් (Sports Illustrated) සඟරාව මගින් ඔහුව වසරේ ක්‍රීඩකයා ලෙස නම් කරන ලදී. 2002, 2003, 2004 හා 2005 සඳහා ඇසෝසියේටඩ් ප්‍රෙස් හි වසරේ පිරිමි මළල ක්‍රීඩකයා ලෙස තෝරා ගන්නා ලදී. තවද, 2003, 2004, 2005 හා 2006 දී ඔහු ESPN ගේ ESPY සම්මානය ලබා ගන්නා ලදී. BBC හි වසරේ ක්‍රීඩකයා, රටින් බැහැර ක්‍රීඩකයා සම්මානය 2003 දී දිනා ගන්නා ලදී. ආම්ස්ට්‍රෝන්ග් 2005 ප්‍රංශ පාපැදි සවාරිය අවසානයේ එනම්, 2005 ජුලි 24 ඔහු පාපැදි ධාවනයෙන් සමුගත්තේය.

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්