ලන්ඩන් (London)
එංගලන්තයේ සහ එක්සත් රාජධානියේ අගනුවර ලන්ඩන් වේ.එය නොයෙකුත් මිනුම් වලට අනුව විශාලතම සහ ජනාකීර්ණතම පුරවරය ලෙස සැලකේ. එසේම එය යුරෝපානු සංගමයේ ඇති විශාලතම නාගරික කලාපය ද වෙයි. එහි අතීතය සොයා බලන විට එය සොයා ගනු ලැබුවේ රෝමානුවන් විසින් බව හෙළිවේ. ඔවුන් එය හැඳින්වුයේ ලොන්ඩිනියම්(Londinium) යන නමිනි.ලන්ඩනයේ අරටුව බඳුවු,පුරාතන ලන්ඩනයේ නුවර(city of London), Squiremile මූල්‍ය දිස්ත්‍රික්කය පුරාතනයේ සීමාවන් තවමත් රඳා පවත්වාගනී. අවම වශයෙන් 19 වැනි ශතවර්ෂයේ පටන්, අගනුවර වටා සංවර්ධනයට "london " යන නම භාවිතා කෙරිණි. අද වන විට කලාපයේ සහ පාලක ප්‍රදේශයක් වන Greater London හි මහා පරිමාණ නාගරික සමූහිතය පාලනය කරනු ලබන්නේ එහි වැසියන් තෝරා පත් කරන නගරාධිපති කෙනෙකු සහ මන්ත්‍රණ සභාවක් මගිනි. ප්‍රමුඛ ලෝක ව්‍යාප්ත නගරයක් වන ලන්ඩන් නගරය ලෝකයේ විශාලතම මූල්‍ය කේන්ද්‍රස්ථානවලින් එකකි.තවද එයට යුරෝපයේ විශාලතම city GDP හිමිය.මධ්‍ය ලන්ඩනයේ ප්‍රධානතම කර්මාන්තශාලා 100හි මූලස්ථාන සහ යුරෝපයේ විශාලතම කර්මාන්තශාලා 500න් 100 කට වැඩි ප්‍රමාණයක මූලස්ථාන පිහිටා ඇත්තේ ලන්ඩන් නගරයෙහිය.