ලතින් ඇමරිකානු සාහිත්‍යය

විකිපීඩියා වෙතින්

ලතින් ඇමරිකානු සාහිත්‍යය සමන්විත වන්නේ, බොහෝ භාෂා වලින්, විශේෂයෙන් ස්පාඤ්ඤ, පෘතුගීසි, සහ ඇමරිකාවන්හී ස්වදේශීය භාෂාවන් භාවිතයෙන් රචිත, ලතින් ඇමරිකාවෙහි (සහ බටහිර ඉන්දීය කොදෙව්හී) වාචික සහ ලිඛිත සාහිත්‍යය වෙතිනි. ගෝලීය ලෙසින් විශේෂිත ප්‍රමුඛත්වයකට එය නැගී පැමිණියේ විසිවන සියවසෙහි දෙවන භාගයෙහිදී වන අතර, එයට බොහෝ ලෙසින් හේතු සාධක වූයේ මායී යථාර්තවාදය නමින් හැඳින්වෙන ශෛලීයයක් ජාත්‍යන්තර වශයෙන් සාර්ථකත්වය ලඟාකරගැනුමය. එබැවින්ම, මෙම ප්‍රදේශයෙහි සාහිත්‍යය බොහෝවිට සමිත වනුයේ මෙම ශෛලීය (සහ එහි අති ජනප්‍රිය නිපුණයා වන ගව්රියල් ගර්සියා මාකෙස්) සමගිනි. බොහෝ සියවස් ගණනක් ඈත අතීතයට විහිදෙන සාරවත් හා සංකීර්ණ සාහිත්‍යමය සම්ප්‍රදායයක් මෙම සමිතය විසින් බොහෝ ලෙසින් අප්‍රකට කරනු ලැබ ඇත.