ශ්‍රී ලංකා ගිරාමලිත්තා

විකිපීඩියා වෙතින්
(ලංකා ගිරාමලිත්තා වෙතින් යළි-යොමු කරන ලදි)
ගිරා මලිත්තා
(Sri Lanka Hanging Parrot)
Adult in Sri Lanka
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Psittaciformes
කුලය: Psittacidae
ගණය: 'Loriculus'
විශේෂය: L. beryllinus
ද්වීපද නාමය
Loriculus beryllinus
Forster, 1781

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියෙක් වන ගිරා මලිත්තා ප්‍රමාණයෙන් ගේ කුරුල්ලෙකු තරම් වේ. තෙත් කලාපයේත් කඳුකරයේ මීටර් 1500 දක්වා පමණ ඉහළටත් වන ආවරණ සහිත ප්‍රදේශ වල සුලභ පක්‍ෂියෙකි. කඳුකර කලාපය ආශ්‍රිත පහත රට වියළි කලාපයේද දක්නට ලැබෙන මුත් උතුරෙහි දුලභය. මෙම ගිරවා ප්‍රධාන වශයෙන් කොළ පැහැතිය. යුෂ සහිත ඵල වර්ග මධු සහ රා මදින්නන්ගේ මුට්ටිවල එකතුවන තෙලිජ්ජ වලට ප්‍රිය කරයි. මීට අමතරව මොහු කුඩා බීජ වර්ගද ආහාරයට ගනී. කෙටි පෙඳයක් සහිත මෙම කුඩා ගිරවා නිදන්නේ ගසක කුඩා අත්තක වවුලෙකු මෙන් යටිකුරුව එල්ලීය. එම නිසා මෙම ගිරවුන් වවුල් ගිරවුන් ලෙසද හඳුන්වනු ලැබේ. අභිජනනය කරන්නේ වසරේ මුල් භාගයේදීය. ඇතැම් විට යළිත් අගෝස්තු-සැප්තැම්බර් කාලයේද බිත්තර දමයි. බිත්තර දමනු ලබන්නේ ගසක කඳේ හෝඅත්තක පිහිටි කුහරයක් මත වේ.