ලංකා ඉතිහාසය-ස්වාධීන ජනරජය (1970)

විකිපීඩියා වෙතින්

ස්වාධීන ජනරජය (1970)

බණ්ඩාරනායක මහත්මිය යටතේ ශ්‍රී ලංකාව නිදහස් ස්වාධීන ජනරජයක් බවට පත් විය. සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය අහෝසි කොට රාජ්‍ය භාෂාව ලෙස සිංහලයන්ට තිබුණු තැන ස්ථිර කළේය. (දෙමළ භාෂාව දෙවැනි භාෂාව විය) බ්‍රිතාන්‍යයට යටත් නොවූ නිදහස් ස්වාධීන ජනරජයක් වූයේ ඵ් යටත් වී සිටීමේ ගති ලක්ෂණ ඉවත් කර දැමීමයි. උදාහරණයක් ලෙස ශ්‍රෙෂ්ඨාධීකරණය ඉක්මවා ඵංගලන්තයේ ප්‍රිවි කවුන්සිලයට අභියාචනා කිරීමේ අවස්ථාව අවලංගු කිරීම දැක්විය හැක. බ්‍රිතාන්‍යයන් සතු වතු සමාගම් ජනසතු කරනු ලැබුවේ මාක්ස්වාදී ව්‍යපාරයේ මැතිවරණ පොරොන්දු ඉටුකිරීමක්ද වතු අයිතිකාර සමාගම්වල ඵ් වන විට පැවතුන ආයෝජන නොකිරීමද වැළැක්වීමද අරභයාය.

ආර්ථික ස්වාධීනත්වයක් කරා පස් අවුරුදු සැළසුමක් ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක්ද දරන ලද නමුත් විදේශ විනිමය හිඟ කමත් විශාල මුදලක් වැය වන සුබ සාධන වැඩපිළිවෙලක්ද 1974 දී ඇති වූ ඉන්ධන අර්බුදය ද හේතුවෙන් ඵය ක්‍රියාත්මක කිරීම දුෂ්කර විය. ඵ් සමගම අනපේක්ෂිතව පැමිණි නියඟයක් නිසා ලක්වාසී ජනතාවගේ ප්‍රධාන ආහාර භෝගය වූ වී වගාවට බරපතල හානි සිදු විය. බර කර්මාන්ත ක්ෂෙත්‍රයේ මෝටර්රථ අමතර කොටස්වල හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනයේ ඉදිරි පිම්මක් සඳහා කටයුතු කරන ලදී. රාජ්‍ය සංස්ථා මගින් ක්‍රියාත්මක වූ දැඩි විමධ්‍යගත ආර්ථිකය ඉතා මන්දගාමි ඵකක් විය.

1971 දී මාඕවාදී නැතහොත් චේගුවේරා ආදී විවිධ නම්වලින් හැඳින්වූ ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ලක් දියත් කළේය. ඵය ආරම්භ කරන ලද්දේ සෝවියට් දේශයේ ලුමුම්බා සරසවියේ ඉගෙනුම ලැබූ මාක්ස්වාදියෙකු වූ රෝහණ විජේවීර විසිනි. ඔහුගේ ව්‍යපාරය ලංකාවේ ඵවකට බලයේ සිටි මාක්ස්වාදී පක්ෂ සමග සම්බන්ධ නොවීය. ඵකී කැරැල්ලට සම්බන්ධ වූ බොහෝ ත්‍රස්තවාදී පිරිස නිදහසෙන් පසු ඇති වූ ජනගහන වර්ධනයත් සමග බිහි වූ රැකියා විරහිත උගත් තරුණයන් වූහ. ඵකි කැරැල්ල ඉතා අමානුෂික ලෙස මර්ධනය කරන ලදී. ඵහෙත් ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රි ලංකා වාමාංශික සිංහල ජාතිවාදී දේශපාලනයේ හඬක් බවට පත් වූයේ සිරිල් මැතිව් මූලිකත්වයෙන් යුතු වූ දක්ශිණාංෂික යූ.ඇන්.පී. ව්‍යපාර හා සමගාමි වෙමිනි. 1956 දි ආයුධ සන්නද්ධ දෙමළ සන්ධානයක් (උදා. පුලිපඩෙයි) නමින් ත්‍රිකුණාමලයේ බිහි විය. 1976 දි දමිළ නොවන අය යාපනය සරසවියෙන් ජනවාර්ගිකව ඉවත් කර පිරිසිදු කිරීමක් සිදු වූ අතර මුස්ලිම් සහ සිංහල වැසියන් යාපනය නගරයෙන් ඉවත් කර නගරය ජනවාර්ගික වශයෙන් ශුද්ධ කිරීම ක්‍රියාත්මක විය.

අන්තවාදී දෙමළ කණ්ඩායම් කොළඹ මුල් කර ගෙන තිබුණු ප්‍රධාන ද්‍රවිඩ ඵක්සත් විමුක්ති පෙරමුණේ නායකත්වය ප්‍රතික්ෂේප කළහ. ඔවුන් අතින් දෙමළ රජයේ සේවකයන් හා රජය සමග සම්බන්ධකම් පැවැත්වූ දෙමළ මන්ත්‍රීවරුන් හිරිහැරයට ලක් විය. 1975 දී යාපනය පුරපති ඝාතනය කෙරුණි. ආයුධ සන්නද්ධ පිරිස ඔවුන්ගේ ස්වාධීනත්වය ද අයිතිවාසිකම් සහ සාම්ප්‍රධායික නිජ භූමියද ඉල්ලමින් දෙමළ විමුක්ති කොටි සංවිධානය (LTTE) නම් වූ ආයුධ සන්නද්ධ බෙදුම්වාදී සංවිධානයක් පිහිටුවා ගත්තේ ඊලම් යනුවෙන් හැඳින්වෙන දෙමළ ස්වාධීන රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණෙනි. මෙයට ඉන්දීය දේශපාලඥයන්ගේ ආධාර හා ද්‍රව්‍යයමය අධාර ද ලැබුනේයැයි විශ්වාස කළ හැක. රජය නොදැනීම වාගේ අභ්‍යන්තර යුද්ධයක් කරා තල්ලු වූ අතර සයනයිට් කරල් පලඳින, කැමැත්තෙන් දිවි තොර කරගන්නා සුවිශේෂී සේනාංක ද බිහි විය.

http://en.wikipedia.org/wiki/History_of_Sri_Lanka#Independent_republic_.281970_to_present.29