ලංකාවේ පාර්ලිමේන්තුව

විකිපීඩියා වෙතින්
ලංකාවේ පාර්ලිමේන්තුව
බ්‍රිතාන්‍ය ලංකාව හා ලංකා ඩොමීනියන් රාජ්‍යය
වර්ගය
වර්ගය
ද්විමණ්ඩල
මන්ත්‍රී මණ්ඩල නියෝජිත මන්ත්‍රී මණ්ඩලය
සෙනෙට් සභාව
ඉතිහාසය
සංස්ථාපනය1947
විසුරුවාහැරීම1972
පූර්ව ප්‍රපාප්තියලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව
අනු ප්‍රාප්තියජාතික රාජ්‍ය සභාව
මැතිවරණ
ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1970

ලංකාවේ පාර්ලිමේන්තුව යනු, 1948 පෙබරවාරි 4 දින නිදහස ලැබීමට පෙර, සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් 1947 වසරෙහිදී පිහිටුවනු ලැබූ, බ්‍රිතාන්‍ය ලංකාවේ හා ලංකා ඩොමීනියන් රාජ්‍යයේ (වර්තමානයේ ශ්‍රී ලංකාව) ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙයි. පාර්ලිමේන්තුව විසින් ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව ප්‍රතිස්ථාපනය කෙරිණි.

පාර්ලිමේන්තුව පදනම් වූයේ වෙස්ට්මිනිස්ටර් මාදිළිය මත වන අතර, වක්‍ර ආකාරයෙන් තෝරා පත් කරගනු ලැබූ හෝ පත් කරනු ලැබූ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතවූ උත්තර මන්ත්‍රී මණ්ඩලයක් වූ සෙනෙට් සභාව සහ, සෘජු ලෙසින් තෝරා පත් කරගනු ලැබූ හෝ පත් කරනු ලැබූ හෝ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විතවූ පහළ මන්ත්‍රී මණ්ඩලයක්වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙතින් සමන්විත විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සමන්විත වූයේ මන්ත්‍රීවරුන් 101 දෙනෙකු වෙතින් වූ අතර ඔවුනතරින් 95 දෙනෙකු තෝරා පත් කරගනු ලැබුනු අතර, හය දෙනෙකු අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කරන ලදි (1960 වසරෙහිදී, තෝරා පත්කෙරුණු 151 සහ පත්කෙරුණු හයක් ලෙසින් 157 දක්වා වැඩි කරන ලදි). සෙනෙට් සභාව සමන්විත වූයේ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු වෙතින් වන අතර, ඔවුනතරින් 15 දෙනෙකු නියෝජිත මන්ත්‍රණ සභාව විසින් තෝරා පත් කෙරුණු අතර 15 දෙනෙකු අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත්කෙරිණි.

සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇති කෙරුණු අටවන සංශෝධනය ප්‍රකාර, 1971 ඔක්තොම්බර් 2 දිනදී සෙනෙට් සභාව අහෝසි කෙරිණි. 1972 මැයි 22 දිනදී අපත්‍යකෘත කෙරුණු ශ්‍රී ලංකාවේ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙතින්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (සහ පාර්ලිමේන්තුව) වෙනුවට ඒකමණ්ඩල ජාතික රාජ්‍ය සභාවක් භාවිතයට ගැනුම ඇරඹිණි. 1970 වසරෙහිදී තෝරා පත්කෙරුණු මන්ත්‍රීවරුන්, නව ජාතික රාජ්‍ය සභාවෙහිදී මන්ත්‍රීවරුන් ලෙස ක්‍රියා කලේ 1975 වසරෙහිදී පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය දක්වාය. කෙසේවෙතත්, පාලක සභාග රජය විසින් පාර්ලිමේන්තුවෙහි බහුතරය භාවිතා කරමින් ඔවුන්ගේ නිල කාලය වසර දෙකකින් දීර්ඝ කර ගත්තේ 1977 වසරෙහිදී මැතිවරණයක් පැවැත්වෙන තෙක්ය.

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  • "සිලෝන් (කන්ස්ටිට්‍යුෂන්) ඕඩර් ඉන් කවුන්සිල්". ලෝනෙට්, ශ්‍රී ලංකාවේ රජය.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලංකාවේ_පාර්ලිමේන්තුව&oldid=318778" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි