රොකට්-ප්‍රක්ෂේපිත ග්‍රෙනේඩ බෝම්බ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
An RPG-7

රොකට්-ප්‍රක්ෂේපිත ග්‍රෙනේඩ බෝම්බ (ආර්පීජී) යනු අතේ ඇති උරහිස ආධාරකය කරගත් යුධ ටැංකි නාශකයකි. මෙමගින් නියාමනය (Unguided) නොකරන රොකට් ( RPG ) එල්ල කල හැකි අතර වැදුනු විට පුපුරා යයි. RPG යනු රැසියාවේ Prif මගින් සැදුනු වචනයකි. (Recktiny/ Protivotenkcoy crenctoryot peack THBHDIH Topthed tehkobire repotteoner) අතේ තබා ප්‍රහාර එල්ලකරන බොම්බ විදිනය (Grenta Lancher)

බොහෝ නව යුධ ටැංකි වල දියුණු සන්නායක (ammor) හා දුර්වල ස්ථානයට ප්‍රහාරය එල්ල කල යුතැ බැවින් RPG ලට ප්‍රතිරෝධ වේ. එනමුත් මද වශයෙන් සන්න්දධ වු පුද්ගලයන් ප්‍රවාහනය කරන රථ ආදියට RPG භාවිතය කල හැක. එමෙන්ම සාමාන්‍ය වාහනය, ගොඩනැගිලි, බංකර් ආදියට පහර දිමට භාවිතා කරයි. RPG -29, tender- Charse Heat (එක්වරකට වඩා පුපුරන යුධ ටැංකි නාශක)(HEAT – Highe Explosire Anti Tanks)භාවිතා කරන බැවින් යුධ ටැංකි වල Explore reactive සන්නායකයට හානි කල හැක. නාවික T -90 ටැංකියක් වුවද විනාශ කල හැක. 2006 අගොස්තු මාසේ ඉරාකයේ Al-Ammred හි Challenger 02 ටැංකියක් RPG 29 මගින් විනාශ විය.


RPG අවි ගුවන්යානා නාශක අවියක් ලෙස තරමක් දුරට ප්‍රයෝජනවත් වෙයි. සාමාන්‍යයෙන් මේවා භාවිතයෙන් ගුවනේ එක තැන රැදී සිටින හෝ ගොඩබ‍ාන හෙලිකොප්ටර් යානයකට සැගවී සිට ප්‍රහාර එල්ල කළ හැක. ඇෆ්ගනිස්ථාන මුජාහිදීන් ගරිල්ලන් හෙලිකොප්ටර්වලට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා සුදුසු වන පරිදි RPG අවි නවීකරණය කර පිළියෙළ කළා. එහිදි ඔහු RPG ප්‍රචාලක සිලින්ඩරයේ පිටුපස කොටසට වක්‍ර හැඩයට සකස් කළ පයිප්ප කොටසක් එක් කිරීම මගින් පසු පසට එල්ල වන පිපුරුම් බලය හැරවීමක් කරනු ලබයි. මේමගින් RPG අවියක් බිම වැතිරී සිට ගුවන්යානයක් වෙත ඉහළට එල්ලකිරීමේ හැකියාව ලැබේ. මෙම නවීකරණය හේතුවෙන් අවිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම ක්‍රියාකර වන්නා අණාවරණය වීමේ හැකියාව අවම වන අතර උණුසුම් වායූන් මගින් ක්‍රියාකරවන්නාට හානිවීමේ අවදානම ද අවමවේ. මුදිහිදීන්වරු RPG අවි වල පවතින තත්පර 4.5 මුහුර්තනය මෙම අවිය සතුරු ගුවන්යානාවලට වෙඩිතබන තුවක්කු සමුහයක් ලෙස ක්‍රියාකර වීම සඳහා යොදා ගනී. මෙසේ එකවර RPG කිහිපයක් එල්ල කිරීම මගින් ඉලක්කය සපුරා ගැනීමේ හැකියාව ඉහළ නංවා ගනී.

මේ කාලය තුළදී සෝවියට් හෙලිකොප්ටර් යානා ගොඩබෑම් ප්‍රදේශයන් තුළදී RPG මගින් එල්ල වන අවධානම මගහරවා ගැනීම සඳහා ගොඩ බෑමට ප්‍රථම අවට ප්‍රදේශ සම්පුර්ණයෙන් ආවරණය වන පරිදි වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සිදු කළහ. තවද ඇෆ්ගන් ගරිල්ලන් නිවැරදි සූදානම සහ තක්සේරුව වළකනු පිණිස එකවරකට එක්ව ගමන් කරන හෙලිකොප්ටර් යානා සංඛ්‍යාව වෙනස් කිරීමට පුරුදුව සිටියහ. මෙම තත්ත්වයට මුහුණ දීම පිණිස මුජයදීන්වරු පොළව තුළට හාරා සකස් කළ ඉහළින් ආවරණය වූ ප්‍රහාරක පිහිටුම් සකස් කළ අතර එවිට එයට මුහුණදීම සඳහා සෝවියට් හමුදා සේනාංක තම ගොඩබෑම් ප්‍රදේශ අවට ආරක්ෂිත තත්ත්වයට පත් කිරීම සඳහා ඒවා අවට ඉන්ධන වායු බෝම්බ හෙළීම ආරම්භ කළහ. කෙසේ නමුත් එක්සත් ජනපදය මගින් ලබාදුන් ස්ටින්ගර් වර්ගයේ (Stinger) බිම සිට අහසට එල්ල කෙරෙන (SAM) මිසයිල ලැබීමත් සමග ඇෆ්ගන්වරු RPG අවි භාවිතයෙන් ප්‍රහාර එල්ල කිරීම අත්හැර දැමූහ.

1993 වසරේ සෝමාලියාවේ මොගඩිෂු සටනෙහිදී එක්සත් ජනපදයට අහිමි වූ බ්ලැක් හෝක් (Black Hawk) හෙලිකොප්ටර්යානා යුගලම විනාශ කරන ලද්දේ RPG – 7 වර්ගයේ අවි මගිනි. ඉරාකයේ දී සහ දෙවැනි ඇෆ්ගනිස්ථාන සටන් ව්‍යාපාරයෙහි ඒකාබද්ධ හමුදා හෙලිකොප්ටර් යානාවලට එරෙහිව RPG අවි භාවිතා වූ අතර එමගින් මිශ්‍ර ප්‍රතිඵල ලැබුණි.