රේඩියනය

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය
වෘත්තයඅරයට සමාන දිගක් ඇති චාපයක් ආපාතනය කරන කෝණය රේඩියන 1 ක් වේ.

රේඩියනය යනු තල කෝණවල ඒකකයක් වේ. එක් රේඩියනයක් අංශක 180/π ට සමාන වේ. (මෙය 57.2958 පමණ වේ). ප්‍රාථමික මට්ටමෙන් ඔබ්බෙහි වන සියලු ගණිත කොටස්වල සම්මත කෝණික මිණුම ලෙස රේඩියන භාවිතා කරයි.

රේඩියනය “රැඩ්” “rad” මගින් නිරූපණය කරන අතර කල‍ාතුරකින් උඩකුර c අකුරක් මගින් (වෘත්ත මිණුම් යන අර්ථය දේ) දක්වයි. නිදසුනක් ලෙස රේඩියන 1.2 කෝණයක් 1.2 rad හෝ"1.2c" ලෙස ලිවිය හැක. (දෙවන සංකේතය වැරදීමකින් "1.2°" ලෙස වටහා ගැනීමට ඉඩ ඇත.) කෙසේ නමුත් , රේඩියන ගණිතමය වශයෙන් ශුද්ධ සංඛ්‍යාවක් ලෙස සලකයි. එනම් එයට ඒකක සංකේතයක් අවශ්‍ය නොවේ. එනිසා ගණිතයේදී “රැඩ්” “rad” නමැති සංකේතය බොහෝවිට භාවිතා නොවේ. අංශක සඳහා ° සංකේතය භාවිතා කරන අතර කිසිදු සංකේතයක් රහිත අගයයන් රේඩියන් අගයයන් යැයි උපකල්පනය කෙරේ.

රේඩියනය කලින් SI පරිපූරක ඒකකයක් ලෙස භාවිතා කළ නමුත් 1995 දී මෙම වර්ගීකරණය අවලංගු කළ අතර වර්තමානයේ රේඩියනය SI ව්‍යුත්පන්න ඒකකයක් ලෙස සලකනු ලැබේ. ඝන කෝණයක් මනින SI ඒකකය ස්ටරේඩියනය (steradian) වේ.

රේඩියනවලින් මනින ලද සමහරක් පොදු කෝණ මෙහි දැක්වේ. සියලුම බහුඅස්‍ර සමාකාර බහුඅස්‍ර වේ.

[සංස්කරණය] References

http://en.wikipedia.org/wiki/Radian



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"http://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA" වෙතින් නැවත ලබාගන්නා ලදි