රේඛා

විකිපීඩියා වෙතින්

සැකිල්ල:Other persons

රේඛා
Rekha at Filmfare Glamour & Style Awards 2016
උපත
භානු‍රේඛා ගනේසන්

10 ඔක්තෝබර් 1954 (1954-10-10) (වයස 69)
සක්‍රීය වසර1966 – වර්තමානය

රේඛා යන වෙදිකා නාමයෙන් බොහෝ දෙනා හඳුනන භානුරේඛා ගනේසන් (1954 ඔක්තෝම්බර් 10 උපත ලැබූ) ඇය, තමිල් නාඩුවෙන් ඉන්දීය බොලිවුඩ් සිනමාවට බිහි වූ නිළියක වේ.

රංගනයේ බහුශ්‍රැත වූ ඇය, ඛුබ්සූරත් (Khubsoorat) චිත්‍රපටයේ පාසල් සිසුවියකගේ චරිතය සහ ඛූන් භාරි මාන්ග් (Khoon Bhari Maang) චිත්‍රපටයේ තීරණාත්මක ප්‍රතිහිංසක චරිත වෙනුවෙන් දෙවතාවක් හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයා සම්මානයෙන් පිදුම් ලද්දීය. උම්රාඕ ජාන් සාම්ප්‍රදායික වේශ්‍යාවකගේ චරිත නිරූපණය වෙනුවෙන් හොඳම නිළියට හිමි ජාතික සම්මානයද හිමි කර ගත්තාය. 1970 දශකයේ සහ ඉන් පසුවද ඇය ඉන්දියාවේ සුප්‍රසිද්ධ සංකේතයක් ලෙස ඉන්දීය මාධ්‍යයන් විසින් සලකනු ලැබීය.

40 වසරක සිනමා දිවිය තුළ චිත්‍රපට 180කට වඩා ඇය රංගනයෙන් දායක වී ඇත. ඇයගේ සිනමා දිවිපෙවෙත තුළ ජනප්‍රියභාවය අවස්ථා කිහිපයකදීම ඔප්නැංවීමට සමත් වූ අතර ඇය හිමිකරගත් තත්ත්වය දිගින් දිගටම පවත්වා ගැනීමේ හැකියාවද ඇය සතු විය. ඉන්දියානුවන් සමාන්තර සිනමාව ලෙස හඳුන්වන, මුඛ්‍යධාරාව සහ කලාත්මක සිනමාව යන දෙවිදියෙහිම දස්කම් පෑ ඇය ආර්ථික වශයෙන් සාර්ථක වූ අතරම ඇයගේ සුවිශේෂී දක්ෂතා වෙනුවෙන් අවස්ථා කිහිපයකදීම දැඩි ප්‍රශංසාවට ලක් විය.

"https://si.wikipedia.org/w/index.php?title=රේඛා&oldid=480056" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි