රූපවාහිනී අධ්‍යයනය

විකිපීඩියා වෙතින්

රූපවාහිනී අධ්‍යයනය යනු රූපවාහිනිය පිළිබඳ විවේචනාත්මකව විග්‍රහ කිරීමක් සිදුකරන අධ්‍යයන ක්ෂේත්‍රයකි මෙකී අධ්‍යයනයන් ජන සන්නිවේදන සමීක්ෂණවලින් කැපී පෙනෙන ලෙස වෙන්කර හඳුනාගත හැකිය. ඒ ජනසන්නිවේදනයේදී අනුභාවිත දෘෂ්ඨි කෝණයකින් අදාළ මාතෘකාවන් කරා ළඟා වීමට දරන ප්‍රයත්නයන් නිසාය. මෙකී ක්ෂේත්‍රයෙහි අර්ථ දැක්වීමක් සිදු කිරීම ගැටලු සහගතය. ඇතැම් ආයතන සහ විෂය නිර්දේශ මගින් එය මාධ්‍ය අධ්‍යයනයකින් වෙන්කොට හඳුනා නොගත් අතර ජනප්‍රිය සංස්කෘතිකමය අධ්‍යයනයක් උප ක්ෂේත්‍රයක් ලෙසදටද වර්ගීකරණය නොකෙරේ.

රූපවාහිනී අධ්‍යනය දළ වශයෙන් දිගුකල් පවත්නා ක්ෂේත්‍රයක් වු සිනමා අධ්‍යනයට ද සමානකමක් දක්වයි. එහිදී වඩාත්ම සුලභ ලෙස අවධානය යොමු කරනු ලබන්නේ සන්දර්භ විෂයක විශ්ලේෂණය පිළිබඳවය. උදාහරණයක් වශයෙන් Cathy come Home සහ Twin Peaks වැනි රූපවාහිනියේ ගුණාත්මක බව විශ්ලේෂණය කිරීම සිදු කල වැඩසටහන් මගින් පර්යේෂකයන් හට ඔවුන්ගේ සිනමා රූපී ගුණාංග සඳහා අභිරුචියක් ඇතිකර ගැනීමට ඉවහල් වී ඇත. කෙසේ නමුත් රූපවාහිනී අධ්‍යයනයේ දී රූපවාහිනිය නැරඹීමම සාපේක්ෂව ජනතාවට එකී වැඩසටහන් මගින් උකහාගන්නා දෙය එකිනෙක අනුබද්ධ කළ හැකිය. මෙය පොදුවේ හඳුන්වනු ලබන්නේ ප්‍රේක්ෂක පිරිස අධ්‍යයනය හෝ ප්‍රතිග්‍රහන න්‍යාය ලෙසටය.


සටහන්[සංස්කරණය]

Television_studies
"https://si.wikipedia.org/w/index.php?title=රූපවාහිනී_අධ්‍යයනය&oldid=472019" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි