රූපවාහිනියේ ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බොහෝ දශක ගණනක් තුල බොහෝ රටවල්හී බොහෝ ඉංජිනේරුවරුන් විසින් සිදුකල කාර්යයන් රූපවාහිනියේ ඉතිහාසය තුල ලේඛන ගත වෙයි. රූපවාහිනියෙහි මූලික මූලධර්ම පළමුවෙන් විකසනය වූයේ රූපයක් පරිලෝකනය, සම්ප්‍රේෂණය හා යළිඋත්පාදනය සඳහා විද්‍යුත්යාන්ත්‍රික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමිනි. ඉලෙක්ට්‍රොනික කැමරාව හා සංදර්ශක නාල පිරිපුන් බවට පත්කෙරෙත්ම සමස්ත වශයෙන් සියළු උපයෝග සියල්ලෙහිම පාහේ විද්‍යුත්යාන්ත්‍රිත රූපවාහිනිය වෙනුවට සමස්ත-ඉලෙක්ට්‍රොනික ප්‍රචාරණ රූපවාහිනී පද්ධති ආදේශ කෙරිණි.

විද්‍යුත්යාන්ත්‍රික රූපවාහිනිය[සංස්කරණය]

නිප්කෝ තැටිය. මෙම පරිපාටිකය වෙතින් දැක්වෙන්නේ සිදුරු විසින් අනුරේඛනය කෙරෙන වෘත්තාකාර පථයන් වන අතර වඩාත් යථාත්‍යතාව සඳහා මේවා සතරැස් වීම අගනේය.තැටිය මත කළු පැහැයෙන් කොටු කර ඇති පෙදෙස යනු පරිලෝකනය කෙරෙන ප්‍රදේශයයි.

1873 දී විලෝ‍ග්බි ස්මිත් විසින් සෙලේනියම් මූලද්‍රව්‍යයේ ප්‍රකාශ සන්නායකතාවය සොයාගැනීමත්, 1884 දී පෝල් ගොට්ටිලෙබ් නිප්කෝට් විසින් පිරික්සුම් තැටිය (scanning disk) සොයාගැනීමත්, 1927 දී ෆිලියෝ ෆාර්න්ස්වර්ත‍් විසින් රූප විච්ඡේදකය (image dissector) සොයාගැනීමත් යන සොයාගැනීම් ත්‍රිත්වය රූපවාහිනී පද්ධතියේ සොයාගැනීමට ඉවහල් වී ඇත.


20 හැවිරිදි ජර්මන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යය නිප්කෝව් විසින් ලොව පළමු විදුලි යාන්ත්‍රික රූපවාහිනි පද්ධතිය පිළිබදව වර්ෂ 1884 දී යෝජනා කල අතර එය බලපත්‍ර ගත කරන ලදී. නප්කෝච් ගේ කැරකෙන තැටි නිර්මාණය ලොව පළමු රූපවාහිනී රූප පික්සල්ගතකරණය (Rasterizer) වේ. 1990 අගෝස්තු මස 25 දින පැරිසියේ, අන්තර්ජාතික ලෝක සල්පිලේ පැවති අන්තර්ජාතික විදුලි සම්මන්ත්‍රණයේදී කොන්ස්ටන් පර්ස්කි විසින් ඉදිරිපත් කරන ලද ලිපියේ "රූපවාහිනිය" යන වචනය අඩංගුව තිබිණ. නිප්කෝට් හා අනෙකුත් අයගේ කාර්ය භාරයන් සඳහන් කරමින් එම ලිපියේ විදුලි යාන්ත්‍රික තාක්ෂණයන් සමීක්ෂණය කරන ලදී.


සෙලේනියම් වල ප්‍රකාශ සන්නායකතාවය හා නිප්කෝච්ගේ පිරික්සුම් තැටිය නිශ්චල රූප වල ‍ඉලෙක්ට්‍රොනික සම්ප්‍රේෂණයෙහි ප්‍රායෝගික භාවිතයට එකතු වුයේය. 20 වැනි ශතවර්ෂයේ පළමු දශකය මුලදී, අර්ධතාන (halftone) ඡායාරූප, විදුලි ලිපි හා දුරකථන මාර්ග වලට වඩා නිවැරදිව ප්‍රවෘත්ති පත්‍ර සේවයක් ලෙස භාවිතා කරන ලදී.


කෙසේවුවත් 1907 දක්වාම විස්තාරණ නාලිකා තාක්ෂණයේ වර්ධනයන් නිර්මාණය ප්‍රායෝගික කිරීමට සමත්වුයේ නැත.


නිෂ්චල ද්විතාන රූප ක්ෂණික සම්ප්‍රේෂණයේ පළමු ප්‍රදර්ශනය වර්ෂ1909 දී පැරිස් හිදී, ජෝජස් රිග්නෝස් හා ඒ. ෆෝනියර් විසින් සිදුකරන ලදී.කැරකෙන කැඩපත බෙරයක් පිරික්සුම (scanner) ලෙසද, සෙලේනියම් කෝෂ 64ක අච්චුවක් ග්‍රාහකය ලෙසද භාවිත කිරීමෙනි.


1911 දී බොරිස් රෝසින්ග් හා ඔහුගේ ශිෂ්‍යය විලැද්ටිර කොස්මා ස්වොරියිකින් විසින් යාන්ත්‍රික කැඩපත -බෙර පිරික්සුමක්, (සේවොර්සිකින්ගේ වචනවලින් රළු රූප) රූප වයරයක් හරහා ග්‍රාහකයක ඇති ඉලෙක්ට්‍රොනික බ්‍රෝන් නාලිකාවක් කරා (කැතෝඩ කිරණ නාලිකාව) සම්ප්‍රේෂණය කරන රූපවාහිනි පද්ධතියක් ඇති කළේය. පිරික්සුමේ සංවේදිතාවය ප්‍රමාණවත් නොවු නිසා හා සෙලේනියම් කෝෂය අවශ්‍යය‍වේගයෙන් අඩුවු නිසා චලනය වන රූප ලබාගැනීම අපහසුවිය.


1925 මාර්තු 25 දින, ස්කොට් ජාතික නිර්මාණකරුවකු වන ජෝන් ලොගී බෙයාඩ් විකාෂක සිලුවට (Silhouette) රූප ප්‍රදර්ශනයක් ලන්ඩනයේ සෙල්ෆ්ජ් දෙපාර්තුමෙන්තුවේදී පැවැත්වූවේය. ටෙලිවිෂනය සජීවි, භාග-තාන (half-tone), චලනය වන රූප සම්ප්‍රේෂණයක්න වන නමුත් එව සිලුවට, ද්වි-තාන, හෝ නිශ්චල රූප සම්ප්‍රේෂණය නොවන්නක් ලෙස හෝ අර්ථ දක්වන්නේ නම්, එය ජෝන් ලොගී බෙයාඩ් 1925 මාර්තු 25 දින මුදුන්පත් කරගත්තේය. පසුව 1926 ජනවාරි 26 දින රාජකීය සංස්ථාවේ සාමාජිකයන්ට පුවත්පත් වාර්තාකරුවන් පිරිසකට ලොව පළමු වැඩකරන රූපවාහිනී පද්ධතිය ප්‍රදර්ශනය කළේය. බෙයාඩ්ගේ සිරස්ව පිරික්සන රූපයට තීරු 30 පමණද, එය ද්වි-දඟර වූ කාච වලින් යුත් පිරික්සුම තැටියකින්ද යුක්තවිය. එය මිනිස් මුහුණක් පැහැදිලිව හඳුනාගත හැකිසේ පිටපත් කිරීමට සමත් විය. පසුකාලයේ පද්ධතිවලට තීරු සියගණනක් ඇති විභේදන පද්ධති වර්ධනය විය.


1927 දී බෙයාඩ් සැතපුම් 458 ප්‍රමාණයකට ලන්ඩනයේ සිට ග්ලාස්ගෝ ට සංඥාවක් සම්ප්‍රේෂණය කරන ලදී. 1928 දී, බෙයාඩ් ආයතනය (බෙයාඩ් රූපවාහිනි වර්ධන ආයතනය/සිනමා රූපවාහිනිය) පළමු අත්ලාන්තික් සාගරය හරහා වු සංඥාව ලන්ඩනයේ සිට නිව්යෝක් දක්වා සම්ප්‍රේෂණය කළේය. කාච, තැටි හා ප්‍රේරක යොදාගනිමින් ඔහු විදුලි යාන්ත්‍රික වර්ණ අධෝරක්ත ත්‍රිමානේක්ෂ රූපවාහිනියක් ප්‍රදර්ශනය කළේය. එයට සමගාමීව බෙයාඩ් වීඩියෝ පටිගත කිරීමේ පද්ධතියක්, පෝනෝදෘෂ්ටි "Phonovision", 1927 දී නිර්මාණය කළේය. ජර්මනියේ පළමු විදුලි යාන්ත්‍රික ‍රූපවාහිනී සේවයට ඔහු 1929 දී සම්බන්ධ විය. 1929 නොවැම්බර් හි දී බෙයාඩ් හා බර්නාඩ් නාටන් (පතේ හීදි) ප්‍රංශයේ පළමු රූපවාහිනී ආයතනය වන, ටෙලිවිෂන් බෙයාඩ්-නාටන් ආරම්භ කළේය. 1931 දී ඔහු ප්‍රථම සජීවි සම්ප්‍රේෂණය වන එප්සම් ඩර්බ් සම්ප්‍රේෂණය කළේය. 1932 දී ඔහු අධි-කෙටි තරංග (Vltra short-ware) රූපවාහිනිය ප්‍රදර්ශනය කළේය. මැක්‍රොනි - EMI මඟින් වර්ධනය කල 405 - තීරු ඉලේකට්‍රොනික පද්ධතියට 1936 දී මාරු කරන තුරුම BBC ය බෙයාඩ්ගේ 240 - තීරු විභේදන තම ප්‍රචාරක කටයුතුවලට යොදාගන්නා ලදී. චලනය වන සුළං මෝලක සෙල්ලම් බඩුවක් නාවික රේඩියෝ ස්ථානයක සිට තම වොෂින්ටනයේ විද්‍යාගාරයට සිලුවට (Silhouette) රූප මඟින් සම්ප්‍රේෂණය කර පෙන්වීමට 1925 ජූනි 13 දින ඇමරිකානු ජාතික චාර්ලිස් ෆිරාන්සිස් ජෙන්කින්ස් සමත්විය. මේ සඳහා ඔහු තීරු 48 පින්තූර මවන කාච සහිත තැටි පිරික්සුමක් භාවිතා කළේය. (තප්පරයට පින්තූර 16) 1925 මැයි මාසයේදි AT & T හි බෙල් ටෙලිෆෝන් විද්‍යාගාරයට භාග-තාන රූප සම්ප්‍රේෂණය කළේය.


මේ අතරතුර සෝවියට් සංගමයේ, ලියෝන් තර්මින් 16 - තීරු විභේදන කැඩපත බෙර රූපවාහිනියක් 1925 දී ද, අනතුරුව 32 - තීරු රූපවාහිනියක්ද, අවසානයේ 64 - තීරු රුපවාහිනියක් 1926 දී ද, තම නිබන්ධනයේ කොටසක් ලෙස 1926 ජූනි 7 දින ඉදිරිපත් කළේය. අඩි පහේ තිරයක් මත උස එක සමාන (near-simultaneous) චලනය වන රූප ඔහු විද්‍යුතය ආධාරයෙන් ප්‍රක්ෂේපණය කළේය. 1927 වන විට ඔහු 100 - තීරු විභේදනයක් සහිත රූප (1931 RCA මඟින් නිපැයු 120 තීරු අභිබවා යන තුරු පැවති) ඇතිකිරීමට සමත් විය.


කෙසේවුවත් 1927 අප්‍රේල් 7 දින වනවිට එතෙක් පැවති හොඳම රූපවාහිනී ප්‍රදර්ශනය කිරීමට හර්බට් E. ඊව්ස් සමත් විය. ඔහු වො‍රන්ටනයේ නිව්යෝක් නගරයට වයර් සම්බන්ධක ආධාරයෙන්ද, විපනි සිට නිව් පර්සි දක්වා ගුවන හරහා ද, කුඩා පරිමාණ (අඟල් 2 x 2.5) හා පරිමාණ (අඟල් 24 x 30) දර්ශනද සම්ප්‍රේෂණය කිරීමට අත්හදා බැලීය. ගවන-ස්ථාන-පිරික්සුම (flying - spot - scanner) කදම්භයක් මඟින් (විනාඩියට රූප 16 ක් 50 - විවර තැටියකින් මවන) ප්‍රදීපනය කිරීමට ඔහු සමත් විය.

ඉලෙක්ට්‍රෝනික රූපවාහිනී[සංස්කරණය]

1911 දී ඉංජිනේරු ඇලන් අකිබෝල්ඩ් කැම්බල් ස්වින්ටන් ලන්ඩනයේදී දුරස්ත විදුලි දෘෂ්ටියක් කැතෝඩ නල ආධාරයෙන් ලබාගන්නේ කෙසේද යන්න පිළිබඳව දේශනයක් පැවැත්වීය. වසර 1920 වනවිට විදුලි යාන්ත්‍රික රූපවාහිනී හඳුන්වා දී තිබු අතර ෆලියෝ ෆාන්ස්වර්ත්ගේ රූප විභේදක කැමරා තලය එහි පළමු රූපය සම්ප්‍රේෂණය කළේය. 1928 වන විට ඔහු චලනය වන රූප චිත්‍රපටයක් පෙන්වීමට හැකි තරම් මට්ටමට එය වර්ධනය කර තිබිණ. 1929 වන විට එහි තිබු මෝටර් (motors) ආදිය ඉවත් කිරීමෙන් යාන්ත්‍රික කොටස් රහිත උපකරණයක් බවට එය පත්කර තිබිණ.

1934 අගොස්තු 25 දින ‍ෆිලඩෙල්පියාවේ ෆරුන්ක්ලින් ආයතනයේ දී ෆාන්ස්වරුන් ලොව ප්‍රථම ඉලෙක්ට්‍රොනික රූපවාහිනී පද්ධති පිළිබඳ ප්‍රදර්ශනය පැවැත්විය.

1923 දී වැලැද්මීර් ස්වොයිකින් ඉලෙක්ට්‍රොනික කැමරා තලයක් වර්ධනය කරන ලදී. එනමුත් එම තලයෙහි තිබු අඩුපාඩු නිසා එය දියුණු තත්වයට පත් නොවීය.

1931 දී ස්වොයිකින් වඩා දියුණු ඉලෙක්ට්‍රොනික කැමරාවක් වර්ධනය කළේය. මෙයට ඔහු අයිකන්ස්කෝප්" ලෙස නම් තැබීය. මෙය 1936 සිට 1946 දක්වා කාලය තුළ ඇමරිකානු රූපවාහිනී ප්‍රචාරණයේ ප්‍රාථමික තලයේ කැමරා තලය බවට පත්විය.

බ්‍රිතාන්‍යයේ අයිසැක් ෂොන්බර්ග් ස්වොයිකින්ගේ කල්පිතය තවදුරටත් වර්ධනය කරමින් BBc ප්‍රචාරණයට වැදගත්වූ මාර්කෝනි - EMI එම්ට්‍රෝන් නලය වර්ධනය කරන ලදී.

|-

"http://si.wikipedia.org/w/index.php?title=රූපවාහිනියේ_ඉතිහාසය&oldid=313863" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි